සජබ මහලේකම්ගේ මැතිවරණ පෙත්සම සලකා බැලීම මාර්තු 03

පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීම සඳහා මැතිවරණ කොමිසම වෙත මුදල් ප්‍රතිපාදන මුදා නොහැරීම තුළින් මුදල් අමාත්‍යාංශයේ ලේකම් ඇතුළු වගඋත්තරකරුවන් ජනතාවගේ මූලික අයිතිවාසිකම් උල්ලංගනය කර ඇතැයි තීන්දු කරන ලෙස ඉල්ලා සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර ඉදිරිපත් කළ පෙත්සම සලකා බැලීම සඳහා මාර්තු මස 03 වනදා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළා.

එස්. තුරෙයිරාජා, යසන්ත කෝදාගොඩ සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන විනිසුරුවරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ මෙම පෙත්සම අද (27) කැඳවනු ලැබුවා.

පෙත්සම කැඳවූ අවස්ථාවේ දී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් නෙරින්
පුල්ලේ අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම කරුණ හා සමාන තවත් පෙත්සමක් මැයි මස 11 වනදා කැඳවීමට අධිකරණය නියම කර ඇතැයි සඳහන් කළා.

ඒ, අනුව මෙම පෙත්සම ද එදිනම සලකා බැලීම සඳහා කැඳවන ලෙස ඔහු ඉල්ලා සිටියා.

එහිදී පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ උපුල් ජයසූරිය අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම කරුණ සම්බන්ධයෙන් විනිසුරු තුරෙයි රාජා දැනටමත් සිය මතය ප්‍රකාශ කර තිබෙන හෙයින් මෙම පෙත්සම වෙනත් විනිසුරු මඩුල්ලක් වෙත යොමු කරන ලෙස ඉල්ලා සිටියා.

ඊට ප්‍රතිචාර දැක්වූ විනිසුරු තුරෙයි රාජා මෙම නඩු සම්බන්ධයෙන් තමා කිසිඳු මතයක් ප්‍රකාශ කර නොමැති බව සඳහන් කළා.

ඡන්ද විමසීමට අදාළ පෙත්සමක් සලකා බැලීම මැයි මස 11 වනදා තෙක් කල් තැබූවේ එදින අධිකරණය හමුවේ ඉදිරිපත් වූ කරුණු මත යැයි පෙන්වා දුන් විනිසුරු තුරෙයි රාජා කිසිඳු නඩුවක් කෙරෙහි තමා විශේෂත්වයක් නොදක්වන බව කියා සිටියා.

මෙය අසාධාරණ ප්‍රකාශයක් බවත් විනිසුරු තුරෙයි රාජා විවෘත අධිකරණයේ කියා සිටියා.

පෙත්සම්කාර පාර්ශ්වය ඉදිරිපත් කළ කරුණ සම්බන්ධයෙන් විරෝධය පළකර සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් නෙරින් පුල්ලේ විනිසුරුවරු සම්බන්ධයෙන් මේ ආකාරයෙන් ප්‍රකාශ නිකුත් කිරීම යුක්ති සහගත නොවන බව කියා සිටියා.

මෙම පෙත්සමට අදාළව සීමිත විරෝධතා ඉදිරිපත් කිරීමට තමා අපේක්ෂා කරන බවත් අතිරේක සොලිසිටර් ජනරාල්වරයා සඳහන් කළා.

කෙසේ වෙතත් මෙහි වග උත්තරකරුවන් වෙනුවෙන් නීතිඥවරු පෙනී නොසිටීම හේතුවෙන් පෙත්සම සලකා බැලීම මාර්තු මස 03 වනදා දක්වා කල් තැබීමට විනිසුරු මඩුල්ල නියම කළා.

එදින කරුණු දක්වන ලෙස දන්වා මුදල් අමාත්‍යාංශයේ ලේකම් ඇතුළු වගඋත්තරකරුවන්ට යළි නොතිසි නිකුත් කරන ලෙසත් පෙත්සම්කාර පාර්ශ්වයට නියෝග කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විමල්ගේ සත්‍යග්‍රහය ජය ඝෝෂා මැද අවසන් වෙයි
01:45
Video thumbnail
යතුරුපැදියකින් ඇවිත් මහපාරේ යන වාහනවලට ගැ#ව පුද්ගලයා අත්අඩංගුවට
01:16
Video thumbnail
ලාල් කාන්ත මිහින්තලේ හිමිගෙන් සමාව ගන්න
04:26
Video thumbnail
ලාල් කාන්ත මිහින්තලේ හිමිට කියූ වාග් ප්‍රහාරය නිසා කැබිනට් මාධ්‍ය හමුව රත්වෙයි..
05:40
Video thumbnail
2027 වසරට කල් දැම්ම පුවත, සත්‍යග්‍රහයේ සිට විමල් බලයි..සතුටට කට්ටිය ප්‍රීති ඝෝෂා තියයි
00:58
Video thumbnail
අපි ගත්ත තීන්දු විමල් වීරවංශට උපවාසය නවත්තන්න හේතුවක් වෙන්නේ නෑ
05:57
Video thumbnail
ලාල් කාන්තගේ ප්‍රකාශයට මිහින්තලේ හිමි CIDයට එයි
06:00
Video thumbnail
AIවලින් රටක් කරන්න බෑනේ..එහෙනම් ට්‍රම්ප් කරනවනේ..ළමයි රොබෝලා කරලා රටක් දියුණු කරන්න පුළුවන්ද?
09:16
Video thumbnail
6 ශ්‍රේණියේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ලබන වසරට කල් දැමේ..වගකිය යුතු නිලධාරින්ට දැඩි විනය ක්‍රියාමාර්ග
03:43
Video thumbnail
ලාල් කාන්තලාට ඒ කාලේ කන්න දුන්නේ හාමුදුරුවෝ
04:07


?