සජබ මහලේකම්ගේ මැතිවරණ පෙත්සම සලකා බැලීම මාර්තු 03

පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීම සඳහා මැතිවරණ කොමිසම වෙත මුදල් ප්‍රතිපාදන මුදා නොහැරීම තුළින් මුදල් අමාත්‍යාංශයේ ලේකම් ඇතුළු වගඋත්තරකරුවන් ජනතාවගේ මූලික අයිතිවාසිකම් උල්ලංගනය කර ඇතැයි තීන්දු කරන ලෙස ඉල්ලා සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර ඉදිරිපත් කළ පෙත්සම සලකා බැලීම සඳහා මාර්තු මස 03 වනදා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළා.

එස්. තුරෙයිරාජා, යසන්ත කෝදාගොඩ සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන විනිසුරුවරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ මෙම පෙත්සම අද (27) කැඳවනු ලැබුවා.

පෙත්සම කැඳවූ අවස්ථාවේ දී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් නෙරින්
පුල්ලේ අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම කරුණ හා සමාන තවත් පෙත්සමක් මැයි මස 11 වනදා කැඳවීමට අධිකරණය නියම කර ඇතැයි සඳහන් කළා.

ඒ, අනුව මෙම පෙත්සම ද එදිනම සලකා බැලීම සඳහා කැඳවන ලෙස ඔහු ඉල්ලා සිටියා.

එහිදී පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ උපුල් ජයසූරිය අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම කරුණ සම්බන්ධයෙන් විනිසුරු තුරෙයි රාජා දැනටමත් සිය මතය ප්‍රකාශ කර තිබෙන හෙයින් මෙම පෙත්සම වෙනත් විනිසුරු මඩුල්ලක් වෙත යොමු කරන ලෙස ඉල්ලා සිටියා.

ඊට ප්‍රතිචාර දැක්වූ විනිසුරු තුරෙයි රාජා මෙම නඩු සම්බන්ධයෙන් තමා කිසිඳු මතයක් ප්‍රකාශ කර නොමැති බව සඳහන් කළා.

ඡන්ද විමසීමට අදාළ පෙත්සමක් සලකා බැලීම මැයි මස 11 වනදා තෙක් කල් තැබූවේ එදින අධිකරණය හමුවේ ඉදිරිපත් වූ කරුණු මත යැයි පෙන්වා දුන් විනිසුරු තුරෙයි රාජා කිසිඳු නඩුවක් කෙරෙහි තමා විශේෂත්වයක් නොදක්වන බව කියා සිටියා.

මෙය අසාධාරණ ප්‍රකාශයක් බවත් විනිසුරු තුරෙයි රාජා විවෘත අධිකරණයේ කියා සිටියා.

පෙත්සම්කාර පාර්ශ්වය ඉදිරිපත් කළ කරුණ සම්බන්ධයෙන් විරෝධය පළකර සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් නෙරින් පුල්ලේ විනිසුරුවරු සම්බන්ධයෙන් මේ ආකාරයෙන් ප්‍රකාශ නිකුත් කිරීම යුක්ති සහගත නොවන බව කියා සිටියා.

මෙම පෙත්සමට අදාළව සීමිත විරෝධතා ඉදිරිපත් කිරීමට තමා අපේක්ෂා කරන බවත් අතිරේක සොලිසිටර් ජනරාල්වරයා සඳහන් කළා.

කෙසේ වෙතත් මෙහි වග උත්තරකරුවන් වෙනුවෙන් නීතිඥවරු පෙනී නොසිටීම හේතුවෙන් පෙත්සම සලකා බැලීම මාර්තු මස 03 වනදා දක්වා කල් තැබීමට විනිසුරු මඩුල්ල නියම කළා.

එදින කරුණු දක්වන ලෙස දන්වා මුදල් අමාත්‍යාංශයේ ලේකම් ඇතුළු වගඋත්තරකරුවන්ට යළි නොතිසි නිකුත් කරන ලෙසත් පෙත්සම්කාර පාර්ශ්වයට නියෝග කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
GMOA එකෙන් ඇමති නලින්දට අභියෝගයක්..ප්‍රථමයෙන්ම පැමිණිලි කරන්න ඕනි ඔයාට විරුද්ධව
11:01
Video thumbnail
මේ ආණ්ඩුවට බෑ කියලා උඩ ඉන්න දෙයියෝත් දන්නවා
06:23
Video thumbnail
යතුරුපැදිකරු බරපතළ කළ බිහිසුණු අනතුර..බයික් එක කුඩේ කුඩු
01:04
Video thumbnail
විපක්ෂයට වෙන කියන්න දෙයක් නැති නිසා ගල් අඟුරු ගැන කියවන්නේ
05:03
Video thumbnail
විදුලි බිල 50%වත් වැඩි කරන්න ඕනිලු..ජනාධිපතිතුමා වැඩ බැරි ඇමතිලා ගෙදර යවන්න
01:47
Video thumbnail
පෙරටුගාමීන් පාරට බැහැලා නගරයම දෙකක් කරයි..අපේ රට යුද පිටියක් වෙන එක නවත්තන්න බැහැ
07:45
Video thumbnail
මිහින්තලේ ප්‍රදේශයට දැඩි වර්ෂාපතනයක් ඇද හැලුනු හැටි මෙන්න
01:16
Video thumbnail
හෝටලයක රැදී සිටි විදේශීය ජාතිකයින් 150ක් අත්අඩංගුවට..කොහොමද දීලා තියෙන ගේම
01:38
Video thumbnail
යතුරුපැදියක් බස් රථයක සහ ත්‍රීරෝද රථයක ගැටී සිදුවූ බිහුසුණු අනතුර..CCTV කැමරාවේ සටහන් වූ හැටි
01:22
Video thumbnail
නුවරඑළියට මහ වැසි පතිත වුණ හැටි
00:26