සචිත්‍රා රිදී පදක්කමක් ලක්මවට දිනා දෙයි

ස්වීඩනයේ පැවති ලෝක ප්‍රවීණයන්ගේ මලල ක්‍රීඩා තරඟාවලියට සහභාගී වී, කාන්තා දුර පැනීමේ ඉසව්වෙන් රිදී පදක්කමක් දිනා ගත් සචිත්‍රා ජයකාන්ත අද (28) දින අලුයම කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබෙනවා.

මෙම මලල ක්‍රීඩා තරඟාවලිය ලෝකයේ රටවල් 119ක ක්‍රීඩක ක්‍රීඩිකාවන් 8,250කගේ සහභාගීත්වයෙන් ඉකුත් අගෝස්තු මස13 සිට 25 දින දක්වා ස්වීඩනයේ ස්ටොක්හෝම් නුවර පැවැත්වුණා.

සචිත්‍රා ජයකාන්ත මේ වන විට ශ්‍රී ලංකා පොලිස් ක්‍රීඩා සමාජයේ නායිකාව ලෙස කටයුතු කරමින් සිටිනවා.

ඇය මෙම මලල ක්‍රීඩා තරඟාවලියේ දී මීටර් 05.24ක ප්‍රමාණයක් දුර පනිමින්, රිදී පදක්කම දිනා ගැනීමට සමත් වුණා.

එම ක්‍රීඩිකාව පිළිගැනීම සඳහා ශ්‍රී ලංකා පොලිස් ක්‍රීඩා සමාජය වෙනුවෙන් ප්‍රධාන පොලිස් පරීක්ෂක මහින්ද ගලගෙදර මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තය වෙත පැමිණ සිටි බව අප ප්‍රාදේශීය වාර්තාකරු සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සජිත්ට ඇයි මේ අවුරුදු කටේ තරහා ගිහිං
Video thumbnail
ගම අපිට සුද්ද කරලා දෙන්න කොහොමහරි ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අපි අයින් කරන්නම්
04:49
Video thumbnail
තංගල්ල පොලිසිය ගහපු සුපිරි ගේම් එක මෙන්න
01:01
Video thumbnail
තංගල්ල පොලිසිය ගහපු සුපිරි ගේම් එක මෙන්න
02:30
Video thumbnail
රෝහණ බණ්ඩාර හදිසියේ මාධ්‍ය කැඳවයි - බටලන්ද ගෙනල්ලා පටි රෝල් නේද
17:56
Video thumbnail
පරණ අවුරුද්දේ හද කම්පා කළ සිද්දිය
02:05
Video thumbnail
දැන් තුනත් නෑ - හෙල්ලෙන්නෙත් නෑ - අපිලගේ සාදු අද කතරගම හොල්ලයි
04:51
Video thumbnail
කොළඹ රන් කරපු ගමේ කොල්ලෝ කෙල්ලෝ ඔක්කොම අවුරුද්දට ගමේ ගිහිං
09:38
Video thumbnail
අවුරුදු නැකත් වැරදියි - මාධ්‍ය කැඳවයි - නැකත් නිසා අවුරුදු හබක් වෙයිද ?
18:53
Video thumbnail
කොටහේන වෙ# තැබීමේ නවතම දර්ශන - සැකකරු තවම මිසින් පොලිසිය කොළඹ පීරයි
03:43

?