සගවා තිබු ගෑස් තොගයක් එළියට

නුවරඑලිය නගරයේ ලිට්‍රෝ ගැස් අලෙවි නියෝජිතයෙකු විසින් ගැස් සිලින්ඩර් පාරිභෝගිකයන්ට ලබා නොදිම හමුවේ එම අලෙවි නියෝජිතයා සතුව තිබු ගැස් සිලින්ඩර් නුවරඑලිය පාරිභෝගික සේවා අධිකාරියේ නිලධාරින්ගේ මැදිහත් විමෙන් පාරිභෝගිකයන්ට ලබාදිම (05) දින සිදු කරනු ලැබුවා.

ලිට්‍රෝ ගැස් සමාගම විසින් නුවරඑලියේ එම අලෙවි නියෝජිතයාට ගැස් සිලින්ඩර් 50 ක් පමණ ඊයේ (05) දින ලබා දි ඇති අතර , එසේ ලබාදුන් ගැස් සිලින්ඩර් ඇණවුම් වලට ලබාදිය යුතු බව පවසමින් පොලිමේ රැදි සිටි පාරිභෝගිකයන්ට ලබානොදිම හමුවේ පාරිභෝගිකයන් කිහිප දෙනෙකු එම අලෙවි නියෝජිත වෙලදසැලට බලහත්කාරයෙන් පිවිස ගැස් සිලින්ඩර් කිහිපයක් මිල දි ගනු ලැබුහ.

එම අලෙවි නියෝජිතයා විසින් ගැස් සිලින්ඩර් ලබා නොදීම සම්බන්ධයෙන් නුවරඑලිය පාරිභෝගික සේවා අධිකාරි කාර්යාලයේ නිලධාරින් වෙත පොලිමේ රැදි සිටි පාරිභෝගිකයන් දැනුම් දිමෙන් පසු එම නිලධාරින් පැමිණ අලෙවි නියෝජිතයා සතුව තිබු ගැස් සිලින්ඩර් බෙදා දිම සිදු කරනු ලැබූ බවයි අප වාර්තාකරු පැවසුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?