සංවිධානාත්මක අපරාධකරුවන් තිදෙනෙක් අල්ලයි

නියාගම ප්‍රදේශයේ වෙළඳසැලක් තුළදී වෙඩි තබා පුද්ගලයින් දෙදෙනෙකු ඝාතනය කිරීමට අදාළ තිදෙනෙක් පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මෙම ද්විත්ව ඝාතනය සිදු කළ වෙඩික්කරු, පැදිකරු ප්‍රවාහනය කිරීම හා ද්විත්ව මනුෂ්‍ය ඝාතනයකට ආධාර අනුබල දුන්, සංවිධානාත්මක අපරාධ හා මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන කරන්දෙණිය සුද්දා හා සමන් කොල්ලා යන අයගේ සමීප ගෝලයින් තිදෙනෙකි.

දිවයින පුරා ක්‍රියාත්මක යුක්තියේ මෙහෙයුමට සමගාමීව ඊයේ (17) බොරලැස්ගමුව පොලිස් වසමේ අංක 59, GH පෙරේරා මාවත, රත්තනපිටිය, බොරලැස්ගමුව ලිපිනයේදී වැටලීමක් සිදුකර ඇත.

එහි දී 2024.03.11 වන දින පිටිගල පොලිස් බල ප්‍රදේශයේ ගුරුවල, හොරංගල්ල, නියාගම ප්‍රදේශයේ වෙළඳසැලක් තුළදී වෙඩි තබා පුද්ගලයින් දෙදෙනෙකු ඝාතනය කිරීමට අදාල වෙඩික්කරු හා පැදිකරු ප්‍රවාහනය කිරීම හා ද්විත්ව මනුෂ්‍ය ඝාතනයකට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් සංවිධානාත්මක අපරාධ හා මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන කරන්දෙණිය සුද්දා හා සමන් කොල්ලා යන අය සමඟ සමීප සම්බන්ධතා ඇති කහදූව, උණන්පිටිය සහ තවලම ප්‍රදේශවල පදිංචි වයස අවුරුදු 22, 24 සහ 31ක් වන පුද්ගලයින් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මොවුන් සන්තකයේ තිබී යතුරුපැදියක් සහ ජංගම දුරකථන 03 ක්ද අත්අඩංගුවට ගත් බවයි පොලීසිය පැවසුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
1
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?