සංවිධානාත්මක අපරාධකරුවන් තිදෙනෙක් අල්ලයි

නියාගම ප්‍රදේශයේ වෙළඳසැලක් තුළදී වෙඩි තබා පුද්ගලයින් දෙදෙනෙකු ඝාතනය කිරීමට අදාළ තිදෙනෙක් පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මෙම ද්විත්ව ඝාතනය සිදු කළ වෙඩික්කරු, පැදිකරු ප්‍රවාහනය කිරීම හා ද්විත්ව මනුෂ්‍ය ඝාතනයකට ආධාර අනුබල දුන්, සංවිධානාත්මක අපරාධ හා මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන කරන්දෙණිය සුද්දා හා සමන් කොල්ලා යන අයගේ සමීප ගෝලයින් තිදෙනෙකි.

දිවයින පුරා ක්‍රියාත්මක යුක්තියේ මෙහෙයුමට සමගාමීව ඊයේ (17) බොරලැස්ගමුව පොලිස් වසමේ අංක 59, GH පෙරේරා මාවත, රත්තනපිටිය, බොරලැස්ගමුව ලිපිනයේදී වැටලීමක් සිදුකර ඇත.

එහි දී 2024.03.11 වන දින පිටිගල පොලිස් බල ප්‍රදේශයේ ගුරුවල, හොරංගල්ල, නියාගම ප්‍රදේශයේ වෙළඳසැලක් තුළදී වෙඩි තබා පුද්ගලයින් දෙදෙනෙකු ඝාතනය කිරීමට අදාල වෙඩික්කරු හා පැදිකරු ප්‍රවාහනය කිරීම හා ද්විත්ව මනුෂ්‍ය ඝාතනයකට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් සංවිධානාත්මක අපරාධ හා මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන කරන්දෙණිය සුද්දා හා සමන් කොල්ලා යන අය සමඟ සමීප සම්බන්ධතා ඇති කහදූව, උණන්පිටිය සහ තවලම ප්‍රදේශවල පදිංචි වයස අවුරුදු 22, 24 සහ 31ක් වන පුද්ගලයින් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මොවුන් සන්තකයේ තිබී යතුරුපැදියක් සහ ජංගම දුරකථන 03 ක්ද අත්අඩංගුවට ගත් බවයි පොලීසිය පැවසුවේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දුප්පත් මිනිහට කන්න තිබ්බ රොටියටත් කෙ#යානේද ?දැන් සනීපයිද ?දුක දැනෙනවද ?
02:02
Video thumbnail
චීන ජාතිකයෙක් එළොව යැවූ සිද්ධියේ සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට - දෙන්නා එක්කගෙන ආපු හැටි
00:50
Video thumbnail
කෙහෙළියගේ ගොට්ටෝ තාම NMR එකේ රජ කරනවා..ආණ්ඩුව බයද මෙයාලා මාරු කරන්න
03:47
Video thumbnail
පිළිකා රෝගීන් ආණ්ඩුවට හොඳ පදෙන් අමතයි - කෙහෙළිය හොරා කිව්වට මිනිහා ඉන්නකල් බෙහෙත් දුන්නා
03:45
Video thumbnail
බුත්තලදී මෝටර් රථ දෙකක් එකිනෙක ගැටී බිහිසුණු රිය අනතුරක් - වාහන දෙකම කුඩේ කුඩු
01:24
Video thumbnail
පිටි මිල වැඩිවීම ගැන වෙළෙඳුන්ගේ අදහස් - වැඩි වුණොත් වැඩි කරනවා..පාඩුවෙලා විකුණන්න බෑනේ අපිට
01:27
Video thumbnail
කිසිම දේශපාලකයෙක් අපිට අද බලපෑම් කරන්න එන්නේ නෑ - පොලිස්පති කිව්ව සැර කතාව
06:37
Video thumbnail
ඔය පළදින තරු පටිවල ඇත්ත වටිනාකම තියෙන්නේ ජනතා සම්මාන තුල - පොලිස් ඇමති කිව්ව සුපිරි කතාව
06:13
Video thumbnail
පොලිස් නිලධාරියා විනය ගරුක නැත්තම් දැඩි ක්‍රියාමාර්ග ගන්නවා - මිනිස්සු කබලෙන් ළිපට වැටෙන්න බෑ
04:34
Video thumbnail
කළු කඩ මුදලාලිලා විසින් ආණ්ඩුව වට්ටන ක්‍රමවේදයක් - විපක්ෂයට සම්බන්ධ අය මේ?
02:27