පොලීසියේ නම භාවිත කරමින් සිදුකරන ව්‍යාජ පණිවුඩයක් සමාජ මාධ්‍යයේ

ශ්‍රී ලංකා පොලිසිය මඟින් නිකුත් කළ බවට හැඟවෙන ලෙස සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන පල කිරීමක් සම්බන්ධව කරුණු පැහැදිලි කරමින් පොලිස් මාධ්‍ය කොට්ඨාසය විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

”ප්‍රවේශම්වන්න අප රටේ මෙම ආර්ථික අර්බුදකාරී අවස්ථාවේ අප කවුරුත් දැනගතයුතු සිත්හි තබාගත යුතු වැදගත් කරුණු කිහිපයක් පිළිබඳ ඔබ සැමගේ දැඩි අවධානය යොමු කරන මෙන් කාරුණිකව දන්වා සිටිමු.” යනුවෙන් සඳහන් කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ ශ්‍රී ලංකා පොලිසිය විසින් මහජනතාවට යම්කිසි මඟ පෙන්වීමක් සිදු කරන ආකාරය හුවා දක්වමින් පලකිරීමක් සිදුකර ඇති බව නිරීක්ෂණය කර ඇති බවයි පොලිසිය පවසන්නේ.

මෙය කිසිසේත්ම ශ්‍රී ලංකා පොලිසිය විසින් මාධ්‍ය වෙත හෝ සමාජ මාධ්‍ය වෙත නිකුත් කරනු ලැබූ පණිවිඩයක් නොවන බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය දැනුම් දෙන්නේ.

ශ්‍රී ලංකා පොලිසිය විසින් මහජනතාවට යම් දැනුවත් කිරිමක් සිදුකරන්නේ නම් එය පොලිස් මාධ්‍ය කොට්ඨාසය මඟින් සිදුකරනු ලබන අතර, නියමිත ලිපි ශීර්ෂය යටතේ මාධ්‍ය වෙත මාධ්‍ය නිවේදනයක් ලෙස බැහැර කිරීම සිදුවන බවයි අදාළ නිවේදනයේ දැක්වෙන්නේ.

ශ්‍රී ලංකා පොලිසියේ නිල FACEBOOK ගිණුම ඔස්සේ සහ YOUTUBE නාලිකාව ඔස්සේ ද මහජනතාවට දැනුම්දිය යුතු පණිවිඩ, යාවත්කාලීන වීමට අවශ්‍ය දැනුවත් කිරීම් දෛනිකව පලකිරීම මාධ්‍ය කොට්ඨාසය මඟින් සිදු කරනු ලබන බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය වැඩිදුරටත් පවසන්නේ.

ශ්‍රී ලංකා පොලිසිය විසින් නිකුත් කළ බවට හැඟෙන ආකාරයට යම් පුද්ගලයෙකු හෝ පුද්ගල කණ්ඩායමක් විසින් මෙවැනි ආකාරයට පුවත් සංසරණය කරවීම යම් කිසි සැලසුම් සහගත ක්‍රියාවක් ද යන්න සම්බන්ධයෙන් සොයා බැලීම් සිදුකිරීමට අවශ්‍ය පියවර ගැනීමට කටයුතු කර ඇති බවත්, මෙවැනි ආකාරයට පලවන පලකිරීම්වල අඩංගු කරුණු සම්බන්ධයෙන් අවබෝධයෙන් සහ ඥානාන්විතව කටයුතු කරන මෙන් පොලිසිය ඉල්ලා සිටිනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වසර දෙක තුළ තේ කර්මාන්තයේ දැවැන්ත කඩා වැටීමක් - මිලියන 400ක ඉලක්කයට යනවා කියන්නේ හීනයක්
08:14
Video thumbnail
රාජගිරිය ප්‍රදේශයට ඇදහැලෙන මහ වැස්ස
01:56
Video thumbnail
බොහෝ ස්ථානවලට අදත් ගිගුරුම් සහිත තද වැසි - කැළඹිලි ස්වාභාවය හෙට දිවයිනෙන් ඉවතට
04:25
Video thumbnail
රුමේෂ් තරංග සංවේදී වී කිව්ව දේ - වෙනදා වගේ සතුටින් නෙවෙයි එළියට ආවේ..ඇත්තටම දුකයි
01:58
Video thumbnail
කොටි නැගිටිනවා කිව්ව අයයි අපි කොටි කිව්ව ඔක්කොම එක වේදිකාවේ එකතු වුණා - මන්ත්‍රීගෙන් සැර කතාවක්
04:50
Video thumbnail
හතර වටේ රැස්වීම් තියන්නේ ඡන්දයක් ළඟයිද ? - පැය 24 පුරාම ජනතාව සමඟ දිවා රාත්‍රී අපි මහන්සි වෙනවා
01:44
Video thumbnail
රුමේෂ්ගේ හෙල්ල කිහිපයකටම හානි
01:02
Video thumbnail
අහුන්ගල්ලේ "කුඩු නෝනිට" පත්තු වූ වෙ#
00:41
Video thumbnail
ගුවන් ගමනේ දී රුමේෂ්ගේ හෙල්ල කිහිපයකට හානි - රුමේෂ් තරංග දිවයිනට
01:16
Video thumbnail
අහුන්ගල්ලේ "කුඩු නෝනිට" පත්තු වූ වෙ# - ගිනි අවිය ක්‍රියාත්මක නොවීම හේතුවෙන් වෙ#ක්කරු පැන ගිහින්
00:46