සංවර්ධන ලොතරැයියෙන් බිලියන 10ක ත්‍යාග

සංවර්ධන ලොතරැයි මණ්ඩලය මගින් පසුගිය වසරේ ත්‍යාග ලෙස රුපියල් බිලියන 10ක මුදලක් ජයග්‍රහකයින්ට ලබාදී ඇති බව එහි සභාපති N.K.A.ගුණරත්න නාරගල මහතා පවසනවා.

සංවර්ධන ලොතරැයි මණ්ඩලය මගින් දිනපතා විශාල දිනුම් ත්‍යාග ජනතාව වෙනුවෙන් පිරිනමන අතර පසුගිය වසරේ දී රුපියල් බිලියන 19ක වාර්ෂික පිරිවැටුමක් වාර්තා කිරීමට හැකිවූ බවයි සභාපතිවරයා සඳහන් කළේ.

ඉන් ජයග්‍රහකයින් සඳහා ත්‍යාග මුදල් වශයෙන් රුපියල් බිලියන 10ක මුදලක් ලබාදීමට සංවර්ධන ලොතරැයි මණ්ඩලයට හැකිවූ බව N.K.A.ගුණරත්න නාරගල මහතා කියා සිටියා.

දෛනික ටිකට් පත් අලෙවිය ලක්ෂ 35 දක්වා වැඩි කිරීමට ලොතරැයි මණ්ඩලයට හැකි වී ඇති අතර ඉදිරියේදී බිලියන දහයකට වැඩි වූ මුදල් ලබාදීමට අපේක්ෂා කරන බවයි ඔහු පැවසුවේ.

සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ ජයග්‍රහණයකින් වෙනුවෙන් චෙක් පත් ප්‍රදානය කිරිම සඳහා අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාල පරිශ්‍රයේදී පැවැති උත්සවයකට එක්වෙමින් ලොතරැයි මණ්ඩල සභාපතිවරයා මෙම අදහස් පළකලා.

මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිතයා ලෙස මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ ද සහභාගී වුණා.

මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මෙහිදී අදහස් පළ කරමින් කියා සිටියේ සංවර්ධන ලොතරැයි මණ්ඩලය විසින් රජයට ලබාදෙන සහයෝගය ඉතා වටිනා බවයි.

ජනතාව ලබා දෙන බදු මුදල්වලින් රජයේ ආයතනයක් පවත්වාගෙන යාමට ජනතාව විරුද්ධ බැවින් එම ආයතන ප්‍රතිව්‍යුහගත කිරීමට කටයුතු කරන අතර අදාළ ආයතනවලට භාණ්ඩාගාරයේ මුදල් ලබාදීම සිදු නොකරන බවයි ඔහු ප්‍රකාශ කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නලින්ද හර්ෂද ඇතුළු කට්ටියටම ප්‍රශංසා කරලා කිව්ව දේ..රටේ Brand එකක් විදියට ලෝකයට අරන් යමු
07:17
Video thumbnail
1990 ටීෂර්ට් එකක් ඇදගෙන බස් එකෙන් බැස්සම කඩේ මුදලාලි සල්ලි ගන්නේ නෑ..හර්ෂද සිල්වා කිව්ව සුපිරි කතාව
01:56
Video thumbnail
"මිත්‍ර නලින්ද මට ඉස්සෙල්ලම Invite කරපු එක මට පුදුමයක් නෙවෙයි" l Harsha de Silva
05:29
Video thumbnail
නාමල්ගේ අසූචිවලින්ද වගාව හදන්නේ..කුමාරවරු ඔක්කොම එකතුවෙලා මඩිය තර කරගන්නවා
05:51
Video thumbnail
ගම්මන්පිලගේ පොත ගැන මුජිබුර්ගෙන් ප්‍රබල හෙළිදරව්වක්..එක එක්කෙනා බේරගන්න කරන Project එකක් මේ
10:36
Video thumbnail
සජබ සෙට් එකක් ගමක් පිරිවරාගෙන ගිහින් දේව කන්නලව්වක් කළ අයුරු.."අනුර භංගවේවා" කියලා කට්ටිය පොල් ගහයි
03:45
Video thumbnail
උත්සව සමයේ තෙල් මිල වෙනස් වීමක් වෙයිද ?..මුල් සතිය ඇතුළත සේරම තෙල් නැව් ටික ළඟා වෙනවා
03:35
Video thumbnail
වසන්තටයි, ලාල්කාන්තටයි අනුරාධ දැම්ම සැර සත්තම..ගොවියාට කෙලියෝ කෙලියෝ කෙලියෝ..මේක පාන්ඩුවක්
07:41
Video thumbnail
කොන්ද පණ නැති නායකයෙක් අපිට ඉන්නේ..පාස්කුවේ මහ මොළකරුවෙක් නෑ..ඒක මිත්‍යාවක්
06:08
Video thumbnail
ජල ගැටලුව නිසා ජනතාවත් දැඩි පහසුතාවයට..1.5km ගිහින් මූලික අවශ්‍යතා ඉටු කරගන්නේ
03:27