සංජීව ධම්මික සහ ආනන්ද පාලිත නිදොස් කොට නිදහස්

ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසම ඉදිරිපිට කළ විරෝධතාවයක් සිදුකිරීමෙන් කොමිසමේ කටයුතු වලට බාධා වෙන බවට චෝදනා කරමින් එම කොමිසමේ සාමාජිකයන් වන මොහාන් සමරනායක හා උදේනි වික්‍රමසිංහ යන අය කොල්ලුපිටිය පොලිසියට සිදුකළ පැමිණිල්ලක් අනුව අයුතු ජනරාශිය බියවැද්දීම මරණ තර්ජනය කිරීම යන චෝදනා යටතේ අත්අඩංගුවට ගෙන නඩු පවරා තිබු විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමය ජාතික ලේකම් සංජීව ධම්මික හා සමගි ඒකාබද්ධ වෘත්තීය සමිතියේ කැඳවුම්කරුවන ආනන්ද පාලිත යන දෙදෙනා සියලු චෝදනා වලින් නිදොස් කොට නිදහස් කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් නිලුපුලි ලංකාපුර මෙනවිය නියෝග කරනු ලැබුවා.

2023 ජනවාරි 20 වනදා පොලිසිය නිවසට පැමිණ ඔවුන් දෙදෙනා අත්අඩංගුවට ගෙන නඩු පවරනු ලැබුවා.

වසර දෙකහාමාරක් පුරා විභාග වූ නඩුව අද (24) කොටුව අධිකරණය හමුවේ කඳවූ අවස්ථාවේ දී පැමිණිලිකරුවන් වන මොහාන් සමරනායක හා උදේනි වික්‍රමසිංහය යන අය අධිකරණයේදී විවෘත ප්‍රකාශයක් කරමින් මෙම නඩුව ඉල්ලා අස්කර ගන්නා බව පැවසුවා.

ඒ හේතුවෙන් ප්‍රධාන විනිසුරුවරිය තවදුරටත් නඩුව පවත්වාගෙන යා නොහැකි නිසා සියලු චෝදනාවලින් නිදොස් කොට නිදහස් කරන බවත් දන්වා සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
3
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?