සංජීව ධම්මික සහ ආනන්ද පාලිත නිදොස් කොට නිදහස්

ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසම ඉදිරිපිට කළ විරෝධතාවයක් සිදුකිරීමෙන් කොමිසමේ කටයුතු වලට බාධා වෙන බවට චෝදනා කරමින් එම කොමිසමේ සාමාජිකයන් වන මොහාන් සමරනායක හා උදේනි වික්‍රමසිංහ යන අය කොල්ලුපිටිය පොලිසියට සිදුකළ පැමිණිල්ලක් අනුව අයුතු ජනරාශිය බියවැද්දීම මරණ තර්ජනය කිරීම යන චෝදනා යටතේ අත්අඩංගුවට ගෙන නඩු පවරා තිබු විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමය ජාතික ලේකම් සංජීව ධම්මික හා සමගි ඒකාබද්ධ වෘත්තීය සමිතියේ කැඳවුම්කරුවන ආනන්ද පාලිත යන දෙදෙනා සියලු චෝදනා වලින් නිදොස් කොට නිදහස් කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් නිලුපුලි ලංකාපුර මෙනවිය නියෝග කරනු ලැබුවා.

2023 ජනවාරි 20 වනදා පොලිසිය නිවසට පැමිණ ඔවුන් දෙදෙනා අත්අඩංගුවට ගෙන නඩු පවරනු ලැබුවා.

වසර දෙකහාමාරක් පුරා විභාග වූ නඩුව අද (24) කොටුව අධිකරණය හමුවේ කඳවූ අවස්ථාවේ දී පැමිණිලිකරුවන් වන මොහාන් සමරනායක හා උදේනි වික්‍රමසිංහය යන අය අධිකරණයේදී විවෘත ප්‍රකාශයක් කරමින් මෙම නඩුව ඉල්ලා අස්කර ගන්නා බව පැවසුවා.

ඒ හේතුවෙන් ප්‍රධාන විනිසුරුවරිය තවදුරටත් නඩුව පවත්වාගෙන යා නොහැකි නිසා සියලු චෝදනාවලින් නිදොස් කොට නිදහස් කරන බවත් දන්වා සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56
Video thumbnail
මේ ඵාපකර්මයට කවුරුත් හවුල් වෙන්න එපා - ජනමත විචාරණයෙන් ආණ්ඩුවට අන්ත පරාජයක් දෙන්න පුළුවන්
04:02