AFC Banner
Empty Ad
Empty Ad

සංජය මහවත්ත රිමාන්ඩ්

ත්‍රස්ත විමර්ශන අංශය මඟින් අත්අඩංගුවට ගත් සමාජ ක්‍රියාකාරිකයකු වන සංජය මහවත්ත ලබන 05 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළා.

ත්‍රස්ත විමර්ශන කාර්යාංශය විසින් සැකකාර සංජය මහවත්ත අද (28) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා හමුවට පමුණුවනු ලැබුවා.

පොලිස් නිලධාරීන්ට අසත්‍ය චෝදනා එල්ල කිරිම, අසත්‍ය චෝදනා එල්ල කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීම යනාදී චෝදනා මත මෙම සැකකරු අත්අඩංගුවට ගත් බව පොලීසිය සඳහන් කළා.

ඊට අමතරව සැකකරු විසින් අධිකරණයට හා පොලීසිය වෙත ස්ථිර ලිපිනය ලබාදීමට අපොහොසත් වී ඇති බවත් සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා අධිකරණය විසින් හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණය විසින් වරෙන්තු නිකුත් කරනු ලැබ සිටින පුද්ගලයෙකු බවත් පොලිසිය පැවසුවා.

ඒ, අනුව සැකකරු ලබන 05 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළ මහේස්ත්‍රාත්වරයා ලබන 01 වනදා වරෙන්තු නිකුත් කර තිබෙන හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙසත් නියෝග කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
2
+1
15
+1
1
+1
3
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?