සංචාරක ප්‍රවර්ධනය සඳහා ජපාන දූත කණ්ඩායමක් මෙරටට

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ සංචාරක සමාගමක් වන Connaissance De Ceylan ආයතනයේ සම්බන්ධීකරණයෙන් සංචාරක ප්‍රවර්ධනය සඳහා මෙරටට පැමිණි 11 දෙනෙක්ගෙන් යුත් ජපාන නියෝජිත පිරිසක් අද (14) පෙරවරුවේ ජනාධිපති කාර්යාලය නැරඹීම සඳහා පැමිණියා.

ශ්‍රී ලංකාවේ ජන ඉතිහාසය, බුදුදහමේ ආගමනය සහ විකාශනය, පාරම්පරික සංස්කෘතිය, ආයුර්වේදය, සම්ප්‍රදායික චාරිත්‍ර වාරිත්‍ර, ආහාර රටාව, ආර්ථික බෝග ආදිය සම්බන්ධයෙන් අධ්‍යයනය කර ඒ පිළිබඳ අවබෝධයක් ලබා ගැනීම මෙම දූත පිරිසේ අරමුණ වී තිබෙනවා.

එමගින් දෙරට අතර සංචාරක කර්මාන්තය වැඩිදියුණු කර ගැනීම සඳහා සිදු කළ හැකි මැදිහත්වීම පිළිබඳව මෙහිදී සාකච්ඡා කළ ඔවුහු, තමන් ලබා ගත් දැනුම ජපානයේ ජනතාව සමඟ බෙදාහදා ගැනීමට කටයුතු කරන බවද පවසා සිටියා.

එසේම, ජපානය තුළ ශ්‍රී ලංකාව ප්‍රමුඛපෙළේ සංචාරක ගමනාන්තයක් ලෙස ප්‍රවර්ධනය කිරීම, කොළඹ, අනුරාධපුරය, සීගිරිය, මහියංගණය සහ මහනුවර යන ප්‍රදේශයන් කේන්ද්‍ර කර ගනිමින් ශ්‍රී ලංකාවේ සංස්කෘතික උරුමය ජාත්‍යන්තරයට ගෙන යාම ආදී කරුණු පිළිබඳවද මෙහිදී සාකච්ඡා කෙරුණා.

මෙම අවස්ථාවට ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රෝෂන් ගමගේ ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් සහභාගි වුණා.

මෙම දූත කණ්ඩායම ජනාධිපති කාර්යාලයට අමතරව, සපුගස්කන්ද පුරාණ විහාරය, මිහින්තලය, අනුරාධපුරය, සීගිරිය, දඹාන, මල්වතු මහා විහාරය, වරාය නගරය ඇතුළු තවත් සුවිශේෂී ස්ථාන රැසක්ද නැරඹීමට එක්වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රටට ඉදිරියේදී වෙන්න යන දේ මෙන්න..දුමින්ද නාගමුවගෙන් කරුණු රැසක් එළියට..හාල් මිල අධික ලෙස වැඩි වෙනවා
18:01
Video thumbnail
තෙල් බවුසරයක් මහ පාරෙම පෙරළි සිදුවූ අනතුර
00:44
Video thumbnail
තෙල් බවුසරයක් මහ පාරෙම පෙරළි සිදුවූ අනතුර..මිනිස්සු වටවෙලා තෙල් පුරවගෙන යන හැටි
01:08
Video thumbnail
"ගැලරිය පිනවන චූන් කතා කියන්න එපා"ජනපති ඇවිත් කිව්ව දේට පුබුදු හොඳම එකෙන් දෙසයි
12:41
Video thumbnail
අර්චුනා, දයාසිරි ඇතුළු පක්ෂ විපක්ෂ ප්‍රබලයින් රැසක්ම ජනපති සමඟ විශේෂ හමුවක්
01:17
Video thumbnail
අර්චුනා හදිස්සියේම නැගිටලා පාර්ලිමේන්තුව දෙකක් කරයි
00:38
Video thumbnail
ශ්‍රී පාද පද්මය වැදපුදා ගන්න ගිය නාමල් රාජපක්ෂ
01:10
Video thumbnail
නාමල් රාජපක්ෂ උතුම් වූ ශ්‍රී පාද පද්මය වැදපුදා ගන්න යයි.. චානක ඇතුළු සෙට් එකක්ම ගිහින්
01:41
Video thumbnail
AI විපක්ෂ නායකට සමන්ත කිව්ව සැර කතාව..AIවලින් නායකයෙක් හදාගන්න එක ඉතුරුවෙලා තියෙන්නේ
01:45
Video thumbnail
විදුලි කැපීම ගැන චානකගෙන් ප්‍රබල හෙළිදරව්වක්..අනීතිකයි..සෙට් එකටම හීරේ යන්න වෙන දෙයක් මේ
04:08