සංචාරකයින්ගේ පැමිණීම ලක්ෂ හතර පනී

මෙම වසරේ පෙබරවාරි 12 වැනි දින දක්වා කාලය තුළ දිවයිනට පැමිණ ඇති සංචාරකයින් සංඛ්‍යාව ලක්ෂ 04 සීමාව ඉක්මවා ගොස් තිබෙනවා.

සංචාරක සංවර්ධන අධිකාරිය පවසන්නේ ඒ අනුව විදෙස් සංචාරකයින් 401,787 දෙනෙක් දිවයිනට පැමිණ ඇති බවයි.

මෙලෙස පැමිණ ඇති සංචාරකයින්ගෙන් වැඩිම පිරිසක් ඉන්දීය ජාතිකයින් වන අතර එම සංඛ්‍යාව 70,880ක් ලෙසයි වාර්තා වී ඇත්තේ.

ඊට අමතරව බ්‍රිතාන්‍ය සංචාරකයින් 44,053ක්, රුසියානු ජාතික ය සංචාරකයින් 36,949ක්, ජර්මානුය සංචාරකයින් 28,332ක්, චීන ජාතික සංචාරකයින් 22,309 දෙනෙකු ද මෙම කාලය තුළ දිවයිනට පැමිණි තිබෙනවා.

මේ අතර පෙබරවාරි මාසයේ පළමු දින 12ක කාලය තුළ පමණක් විදෙස් සංචාරකයින් 124,460 දෙනෙකු දිවයිනට පැමිණ ඇති අතර, ගත වූ කාලය තුළ එක් දිනක දී වාර්තා වූ ඉහළම සංචාරක පැමිණීම පසුගිය පෙබරවාරි 12 වනදා වාර්තා වනවා.

ඒ, අනුව පසුගිය පෙබරවාරි 12 වන දින සංචාරකයින් 12,731 දෙනෙක් මෙරටට පැමිණ ඇති බවයි සංචාරක සංවර්ධන අධිකාරිය වැඩිදුරටත් සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?