සංචාරකයින්ගේ පැමිණීම ලක්ෂ 13 පනී – වැඩිම පිරිසක් ඉන්දියාවෙන්

මෙම වසරේ මේ දක්වා මෙරටට පැමිණ ඇති සමස්ත සංචාරකයින්ගේ සංඛ්‍යාව ලක්ෂ 13 ඉක්මවා ගොස් තිබෙනවා.

ඒ, අනුව වැඩිම සංචාරකයින් සංඛ්‍යාවක් ඉන්දියාවෙන් පැමිණ ඇති අතර, එම සංඛ්‍යාව දැක්වෙන්නේ 269,780ක් ලෙසයි.

දෙවනුවට වැඩිම සංචාරකයින් පිරිසක් එක්සත් රාජධානියෙන් පැමිණ ඇති අතර, එරටින් පැමිණ ඇති සංචාරකයින් සංඛ්‍යාව 124,652ක්.

එමෙන්ම රුසියාවෙන් මෙරටට පැමිණ ඇති සංචාරකයින් සංඛ්‍යාව දැක්වෙන්නේ 114,644ක් ලෙසටයි.

මේ අතර ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ දත්ත මඟින් පෙන්වා දී ඇත්තේ මෙම වසරේ ජූලි මාසයේ මේ දක්වා සංචාරකයින් 145,188ක් මෙරටට පැමිණ ඇති බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?