ගල්කුලම පොලිස් මාර්ග බාධකය ආසන්නයේ දී කැළණිය සිට අනුරාධපුර දෙසට ගමන් කරමින් තිබූ නවීන පන්නයේ මෝටර් රථයක්, ඊට ප්‍රතිවිරුද්ධ දිශාවෙන් පැමිණි තවත් මෝටර් රථයක මුහුණට මුහුණ ගැටීමෙන් අද (01) අලුයම 5.00 ට පමණ අනතුරක් සිදුව තිබෙනවා.
අනතුරකින් පුද්ගලයන් පස් දෙනෙක් තුවාල ලබා රෝහල් ගතකර ඇතැ බවයි තිරප්පනේ පොලිසිය සඳහන් කළේ.
අනුරාධපුර නගරයේ පැවති සංගීත ප්‍රසංගයක් නරඹා යළි නිවෙස් බලා එමින් සිටි තරුණයන් සිව්දෙනෙක් ගමන්ගත් මෝටර් රථයක් සහ කැලණිය සිට අනුරාධපුර වන්දනා කිරීමට පැමිණි එකම පවුලේ පිරිසක් ගමන්ගත් නවීන මෝටර් රථයක් මෙලෙස අනතුරට ලක්ව ඇති බවයි වාර්තා වන්නේ.
අනුරාධපුර සිට පැමිණි මෝටර් රථය වංගුව සහිත ස්ථානයක් වූ බැවින් වේගය පාලනය කිරීමට නොහැකි වීමෙන් දකුණු පසින් ධාවනය වීම නිසා මෙම අනතුර සිදු වී ඇති බව මූලික විමර්ශයන්ගෙන් අනාවරණය වූ බව තිරප්පනේ පොලිසිය සඳහන් කළා.
එම මෝටර් රථයේ තිබී බියර් බෝතල් කීපයක්ද තිබී හමුවූ බවද පොලිසිය කියා සිටියා.
අනතුරින් අනුරාධපුර සිට පැමිණි මෝටර් රථයේ රියැදුරු, එහි ගමන්ගත් තිදෙනා සහ අනෙක් මෝටර් රථයේ එක් අයෙක් ඇතුළුව පස්දෙනෙක් තුවාල ලබා අනුරාධපුර ශික්ෂණ රෝහල වෙත ඇතුලත් කර තිබෙනවා.
අනතුර සම්බන්ධයෙන් තිරප්පනේ පොලිසිය වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරනු ලබනවා.













