සංගීත ප්‍රසංගයක් නැරඹු පිරිසක් පැමිණි මෝටර් රථයක්, තවත් රථයක ගැටී 05ක් රෝහලේ

ගල්කුලම පොලිස් මාර්ග බාධකය ආසන්නයේ දී කැළණිය සිට අනුරාධපුර දෙසට ගමන් කරමින් තිබූ නවීන පන්නයේ මෝටර් රථයක්, ඊට ප්‍රතිවිරුද්ධ දිශාවෙන් පැමිණි තවත් මෝටර් රථයක මුහුණට මුහුණ ගැටීමෙන් අද (01) අලුයම 5.00 ට පමණ අනතුරක් සිදුව තිබෙනවා.

අනතුරකින් පුද්ගලයන් පස් දෙනෙක් තුවාල ලබා රෝහල් ගතකර ඇතැ බවයි තිරප්පනේ පොලිසිය සඳහන් කළේ.

අනුරාධපුර නගරයේ පැවති සංගීත ප්‍රසංගයක් නරඹා යළි නිවෙස් බලා එමින් සිටි තරුණයන් සිව්දෙනෙක් ගමන්ගත් මෝටර් රථයක් සහ කැලණිය සිට අනුරාධපුර වන්දනා කිරීමට පැමිණි එකම පවුලේ පිරිසක් ගමන්ගත් නවීන මෝටර් රථයක් මෙලෙස අනතුරට ලක්ව ඇති බවයි වාර්තා වන්නේ.

අනුරාධපුර සිට පැමිණි මෝටර් රථය වංගුව සහිත ස්ථානයක් වූ බැවින් වේගය පාලනය කිරීමට නොහැකි වීමෙන් දකුණු පසින් ධාවනය වීම නිසා මෙම අනතුර සිදු වී ඇති බව මූලික විමර්ශයන්ගෙන් අනාවරණය වූ බව තිරප්පනේ පොලිසිය සඳහන් කළා.

එම මෝටර් රථයේ තිබී බියර් බෝතල් කීපයක්ද තිබී හමුවූ බවද පොලිසිය කියා සිටියා.

අනතුරින් අනුරාධපුර සිට පැමිණි මෝටර් රථයේ රියැදුරු, එහි ගමන්ගත් තිදෙනා සහ අනෙක් මෝටර් රථයේ එක් අයෙක් ඇතුළුව පස්දෙනෙක් තුවාල ලබා අනුරාධපුර ශික්ෂණ රෝහල වෙත ඇතුලත් කර තිබෙනවා.

අනතුර සම්බන්ධයෙන් තිරප්පනේ පොලිසිය වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
4
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Kasthirama | "මත්ද්‍රව්‍ය භාවිතය හා ජාවාරමට එරෙහි ජාත්‍යන්තර දිනය" පැවැත්වෙන විශේෂ කස්තිරම වැඩසටහන
01:13:41
Video thumbnail
දෙපිරිසක් අතර ඇතිවූ ගැ#ටුමකින් කාන්තාවක් එළොව යයි
01:23
Video thumbnail
කොස්ගොඩ සලිත කරමින් නිවසකින් හමුවූ නිසල සිරුර
01:18
Video thumbnail
නුවරට යන්න බස් නැතුව අසරණ වුණ මිනිස්සු
01:18
Video thumbnail
40ක් රෝහලට යැවූ දියතලාවේ බිහිසුණු බස් අනතුර
00:32
Video thumbnail
කොස්ගොඩ සලිත කරමින් නිවසකින් හමුවූ නිසල සිරුර - ගෙදර දින කිහිපයක් ඉදන් වහලා තියලා
01:47
Video thumbnail
දැරණියගල උණුසුම්වූ සිද්ධිය ගැන නි.පොලිස්පතිගෙන් සැර කතාවක් - ඔය හිටියේ ප්‍රදේශයේ අයිස් විකුණන කට්ටිය
05:00
Video thumbnail
ඩෙංගු අධි වසංගත තත්ත්වයක් තියෙන්නේ - දන්සල් දෙන්න කළින් මේක දැනගන්න
02:05
Video thumbnail
රටේ හොඳ දේශපාලන ස්ථාවරත්වයක් තියෙනවා - විජිත හේරත් හරිම සතුටින් කිව්ව දේ
03:31
Video thumbnail
දෙපිරිසක් අතර ඇතිවූ ගැ#ටුමකින් කාන්තාවක් එළොව යයි - "තුන් පාරක් හුස්ම ඇවිත් හුස්ම නැතිවෙලා අම්මගේ"
01:56