ශිෂ්‍යත්ව විභාගයේ පාසල් කඩඉම් ලකුණු ඉහළයෑමට හේතුව

මෙවර 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයෙන් බොහෝ පිරිසක් ඉහළ දක්ෂතා දැක්වීම ජනප්‍රිය පාසල් සඳහා ඇතුළත් කිරීමේ කඩඉම් ලකුණු සීමාව ඉහළයෑමට හේතුවූ බව අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා පවසයි.

2008 වසරේ නිකුත් කරඇති කඩඉම් ලකුණු සකස් කිරීමේ චක්‍රලේඛයට අනුව මෙම වසරේ කඩඉම් ලකුණු සකස් කර ඇති බවද  මහාචාර්ය කපිල පෙරේරා මහතා පෙන්වා දෙයි.

කළුතර ප්‍රදේශයේ පැවැති වැඩසටහනකින් අනතුරුව මාධ්‍යට ප්‍රතිචාර දක්වමින් මහාචාර්ය කපිල පෙරේරා මහතා මේ බව කියා සිටියේ ය.

“මේ පිළිබඳව තිබෙන සත්‍යම තත්ත්වය තමයි ශිෂ්‍යත්ව විභාගයෙන් සමස්ත දරුවන් ලබාගත්තු ලකුණු ඉහළ ගිහින් තියෙනවා. ඉතින් මේ සම්බන්ධයෙන් පවත්වන සියලුම කතා නිවැරැදි නෑ. ඒවායේ සාවද්‍ය කරුණු තියෙනවා. ඒ වගේම 2017, 2018, 2019 සහ 2020 වසරවල ශිෂ්‍යත්ව කඩඉම් ලකුණුත් ඒ ඒ පාසල්වලට ඇතුළත් කරපු ශිෂ්‍ය සංඛ්‍යාවත්, පාසල්වල තිබෙන පන්ති සංඛ්‍යාවත් අධ්‍යාපන අමාත්‍යාංශයේ වෙබ් අඩවියේ පළ කරලා තියෙනවා. ඒකෙන් ඔබ සියලුදෙනාටම සත්‍ය පැහැදිළි වෙයි.”

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ කපිල පෙරේරා මහතා තමාට එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් මෙලෙස අදහස් දැක්විය.

“චෝදනාවක් තියෙනවා අධ්‍යාපන ලේකම්තුමා උපදෙස් දීලා තියෙනවා කියලා..,උත්තර පත්‍ර බැලීමේදී එතරම් තදින් බලන්න එපා, කොමා, ඇලපිලි ගණන් ගන්න එපා කියලා. ඒක සම්පූර්ණයෙන්ම අසත්‍යයක්.”

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොඩි මනුස්සයට කරන අපරාධය වෙනුවෙන් පෙනී ඉන්න ආවේ අපි - ආණ්ඩුව ඇවිල්ලා මොනවද කරලා තියෙන්නේ ?
02:40
Video thumbnail
දීලා තියෙන්නේ විලි ලැජ්ජා නැතිවෙන්න - අනුර, හරිනි ජනතාව අන්දලා උදා කරපු පොහොසත් රට
03:27
Video thumbnail
කුපිත වුණ මිනිස්සු පන්දම් අරගෙන මහ පාරට බහියි - මහරගම දෙවනත් කරයි
02:20
Video thumbnail
අළුගොල්ල කන්දේ හටගත් ගින්න විශාල ප්‍රදේශයක් ගිනිබත් කරයි - මෙන්න නවතම දර්ශන
01:19
Video thumbnail
ඔබට මේ ආණ්ඩුව කරන්න බෑ - කරන්න පුළුවන් කෙනෙක්ට දීලා ආණ්ඩුව අයින් වෙලා යන්න
01:28
Video thumbnail
මහින්ද මහත්තයා අල ලීස් කළේ නෑ - ජනපති කෙනෙක් ඕනිද හාල් ලීස් කරලා ගන්න..
01:59
Video thumbnail
මම සජබයෙන් අයින් වුණේ නෑ - ඊට වඩා ලොකු තනතුරකට යනවා..චමල් ආණ්ඩුවට හොඳටම දෙසයි
01:53
Video thumbnail
මේක දැන් පාරට ගේන්න ඕනි කාලය ඇවිල්ලා ඉවරයි - ආණ්ඩුවට අපි පාඩමක් උගන්නනවා
03:38
Video thumbnail
පුළුවන් නම් හිරේ දාපන් අපිව - උඹලගේ ආණ්ඩුව ඉවරයි..සටන මහ පාරට අරගෙන එනවා අපි
02:09
Video thumbnail
AKD Go Home - බොරැල්ල මංසන්ධිය රත් කළ විරෝධතාවය..පන්දම් අරන් පාරට බහියි
02:09