AFC Banner
AFC Banner
Empty Ad

ශිෂ්‍යත්ව විභාගයට අදාළ පෙත්සම් සලකා බැලීමට දිනයක්

05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පිටවූ බව කියන ප්‍රශ්න තුනක් සඳහා සම්පූර්ණ ලකුණු ලබාදීමට ගෙන ඇති තීරණය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සම් සලකා බැලීම සඳහා නොවැම්බර් මස 18 වනදා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළා.

මෙම පෙත්සම අද (24) ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු අර්ජුන ඔබේසේකර මහතා ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේදියි අදාළ නියෝගය නිකුත් කෙරුණේ.

එහිදී පෙත්සමට අදාළ විරෝධතා තිබේ නම්; ඒවා නොවැම්බර් මස 05 වනදාට පෙර ගොනු කරන ලෙස වග උත්තරකරුවන්ට නියෝග කළ විනිසුරුවරයා ඊට අදාළ ප්‍රතිවිරෝධතා තිබේ නම්; ඒවා නොවැම්බර් මස 12 වනදාට පෙර ගොනු කරන ලෙසත් නියෝග කළා.

ඉන් අනතුරුව පෙත්සමේ කරුණු තහවුරු කිරීම සඳහා නොවැම්බර් මස 18 වනදා කැඳවන ලෙසයි වැඩිදුරටත් දැනුම්දුන්නේ.

අදාළ විභාගය සඳහා පෙනී සිටි සිසු සිසුවියන් පිරිසක් ඔවුන්ගේ දෙමව්පියන් සමග මෙම පෙත්සම් ඉදිරිපත් කර තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?