AFC Banner
AFC Banner
Empty Ad

ශිෂ්‍යත්ව පේපරේ සිද්ධිය ගැන තීන්දුව ගන්න මානව හිමිකම් කොමිසම 30 වනදා රැස්වෙයි

නිමා වූ පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න පත්‍ර කිහිපයක් පිටවීමේ සිද්ධිය සම්බන්ධයෙන් තීන්දුවක් ගැනීම සඳහා මානව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව ලබන 30 වැනිදා රැස්වෙන බව වාර්තා වනවා.

එදිනට රැස්වෙන මානව හිමිකම් කොමිෂන් සභාවේ සාමාජිකයින් මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමෙන් පසු ඒ පිළිබඳ තීරණය ඉදිරියේ දී දැනුම් දෙන බවයි එම කොමිසමේ සහාපති නීතිඥ නිමල් පුංචිහේවා සඳහන් කළේ.

එම කොමිසම සඳහන් කළේ මෙම සිද්ධිය සම්බන්ධයෙන් වන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදුකළ විමර්ශනයේ වාර්තා මේ වනවිටත් ලැබී ඇති බවයි.

මේ අතර, විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර සදහන් කළේ, මානව හිමිකම් කොමිසමේ නිර්දේශ ලැබෙන තුරු පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීම සිදුනොකරන බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?