ශිෂ්‍යත්වය සමත්වීම පසුගිය වසරට සාපේක්ෂව වැඩිවීමක් – වැඩිම ලකුණ 188 (වීඩියෝ)

ඊයේ (23) දිනයේ ප්‍රතිඵල නිකුත් වූ 2024 පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයෙන් සිසුන් 18 දෙනෙක් ඉහළම ලකුණු ලබාගෙන සිටින බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර පවසනවා.

අද (24) පෙරවරුවේ පැවති විශේෂ මාධ්‍ය හමුක දී කොමසාරිස්වරයා මේ බව සඳහන් කළා.

2024 පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ වැඩි ලකුණු ලාභියා ලකුණු 188ක් ලබාගෙන ඇති බවයි කොමසාරිස්වරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

මේ අතර අධිකරණ තීන්දුව ලැබීමෙන් පසු දින 23ක් ඇතුළත විභාග ප්‍රතිඵල නිකුත් කිරීමට හැකි වූ බවත්, ඉතාම කෙටි කාලයකින් ශිෂ්‍යත්ව විභාග ප්‍රතිඵල නිකුත් හැකි වූ වසර මෙය බව ද ඔහු පැවසුවා.

එමෙන්ම වැඩිම ලකුණු ලබාගත් දරුවන් 18 දෙනාගෙන් 11 දෙනෙකු පිරිමි දරුවන් සහ 07 දෙනෙක් ගැහැණු දරුවන් බව ද ඔහු සඳහන් කළා.

2024 ශිෂ්‍යත්ව විභාගයට අපේක්ෂකයින් 319,284ක් පෙනී සිටි අතර, ඉන් සිසුන් 51,244ක් සමත්ව ඇති අතර, එය ප්‍රතිශතයක් ලෙස 16.05%ක් වනවා.

පසුගිය වසරට සාපේක්ෂව මෙය වැඩිවීමක් බවයි විභාග කොමසාරිස් ජනරාල්වරයා පවසා සිටියේ.

මේ අතර ප්‍රතිපත්තිමය තීරණයක් මත වැඩිම ලකුණු ලබාගත් දරුවන් පිළිබදව අනාවරණය නොකරන බව ද ඔහු මෙම මාධ්‍ය හමුවේ දී අවධාරණය කර සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
JVP එක ගැන නීතිඥ වරයෙකුගෙන් ඇඟ හිරිවැටෙන කතාවක්..ඩිල්කා සමන්මලීගේ ජීවිතේ අනතුරේ
06:52
Video thumbnail
කොහොමද ඒකේ ලස්සන - හැටන් ඩිපෝවෙන් සුපිරි වැඩක්
03:15
Video thumbnail
කක්කුස්සියට යන්න වෙන්නෙත් දැන් sms එක බලලා..මේවා යුද්දේ නිසා නෙවෙයි සුද්දේ නිසා වුණ දේ
03:21
Video thumbnail
පාස්කු ප්‍රහාරය නිසයි සජිත්ට ජනාධිපති වෙන්න බැරිවුණේ
08:53
Video thumbnail
නලින් කිව්ව "AI සජිත්" ගැන ගම්මන්පිල කිව්ව කතාව..පිත්ත ඔසවා පන්දුව නිදැල්ලේ යන්න ඉඩ දෙනවා
03:15
Video thumbnail
අද දහවල් පස්සරට මහා වර්ෂාවක් ඇඳ හැලුණු හැටි මෙන්න
01:22
Video thumbnail
ආණ්ඩුවට මේ පාදඩයා එක්ක තියෙන සම්බන්ධය මොකක්ද ? අගමැතිතුමිය ලැජ්ජා වෙන්න ඕනි
06:22
Video thumbnail
ශානි අබේසේකර ගෙදර යන්න
07:15
Video thumbnail
ගම්මන්පිලට යකා ආරූඪ වෙයි"මේක මගේ පොත නෙවෙයි..ව්‍යාජ එකක්"..රහස් පොලිසිය බුද්ධිමය දේපළ හොරකම් කරලා
06:03
Video thumbnail
ඩිල්කා, සුදාගෙන් මිලියන 100ක් ඉල්ලයි - Australia පොලිසියටත් පැමිණිලි
05:03