Empty Ad
AFC Banner
Empty Ad

ශානි පොලිසියෙන් අයින් වෙයි !

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂවරයා වන ශානි අබේසේකර මහතා සිය වසර 35ක සේවා කාලයක් නිම කරමින් විශ්‍රාම යාමට තීරණය කර ඇත.

ඒ අනුව ඊයේ (30) දින සිය විශ්‍රාම යැවීමේ ලිපිය යැවීමට ඒ මහතා කටයුතු කොට ඇත. ඊයේ දිනට ඒ මහතාගේ 60 වන උපන්දිනයද යෙදී තිබිණ.

ශානි අබේසේකර මහතා ආධුනික උප පොලිස් පරීක්ෂකවරයෙකු ලෙස පොලිස් සේවයට එක් වන්නේ 1986 පෙබරවාරි මස 10 වැනිදායි.

කළුතර පොලිස් අභ්‍යාස විද්‍යාලයේ පුහුණුව නිම කරන ඒ මහතා දිවයිනේ විවිධ ස්ථාන රැසක සේවය කිරීමෙන් අනතුරුව 2013 අගෝස්තු 25 වැනිදා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි තනතුරටත්, 2017 වසරේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා ලෙසත් පත් කෙරිණි.

මෙරට ආන්දෝලනාත්මක විමර්ශනයන් ලෙස සැලකෙන උඩතලවින්න ඝාතනය, රෝයල් පාක් ඝාතනය, සරත් ෆොන්සේකා මහතාට බෝම්බ ප්‍රහාර එල්ල වීම, පාස්කු ‌බෝම්බ ප්‍රහාරය, රේගු අධිකාරී සුජිත් ප්‍රසන්න ඝාතනය, ලසන්ත වික්‍රමතුංග ඝාතනය, මන්ත්‍රී නඩරාජා රවිරාජ් ඝාතනය, ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන් වීම, භරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතනය, රතුපස්වල ඝාතනය ආදියෙහි විමර්ශන සිදුකළේ අබේසේකර මහතාය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
චාමර ඇතුළේ ඉද්දී පක්ෂයේ ප්‍රබලයෝ රැස්වෙයි - චාමර බලන්න යන අයට වෙන දේ මෙන්න
18:45
Video thumbnail
ලොකු ආරක්ෂාවක් එක්ක ජනපති අනුර ගැම්මෙන් බුත්තලට ආපු හැටි කොහොමද ?
02:44
Video thumbnail
ජනාධිපති අධිකරණයට බලපෑම් කරනවා ? ගම්මන්පිල අදත් හෙළිදරව්වක් කරයි
07:21
Video thumbnail
අපි හාල් ගේන්නේ නෑ කියලා හිතුවේ - ඒත් අපිට හාල් රටින් ගේන්න වෙනවා
03:54
Video thumbnail
හිමි නමක් ලොකු තැනට සුද්ද සිංහලෙන් අමතයි
03:31
Video thumbnail
අද රෑ 12න් පස්සේ ෆිනෑන්ස් නොගෙවපු වාහන ඔක්කොම උස්සනවා - හෙළිදරව්ව මෙන්න
06:41
Video thumbnail
බුත්තල හොල්ලපු ජනපතිගේ සුපිරි කතාව - ගමේ වැඩ කරන්න බලය අපිට දෙන්න
45:35
Video thumbnail
ජනපති අනුර කුමාර සහභාගීවන බුත්තල ජනතා රැලිය - සජීවීව
02:51:09
Video thumbnail
නියෝජ්‍ය ඇමති රාජපක්ෂලාගේ පලු අරිද්දී නිවේදකයා ඇමතිගේ කතාව නවත්වයි - මේ මොකක්ද මේ වෙන්නේ
14:50
Video thumbnail
පොහොට්ටුව ආණ්ඩුවේ සායම යවපු හැටි
15:31

?