ශානි අබේසේකර ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයක් – බුද්ධි අංශ තොරතුරු හෙළිකරගනී

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර ගමන් ගන්නා අවස්ථාවක දී රිය අනතුරකට ලක් කොට ඔහු ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයක් පවතින බවට බුද්ධි අංශ මඟින් තොරතුරු අනාවරණය කර ඇතැයි නීතිපතිවරයා ඊයේ (04) අභියාචනාධිකරණය හමුවේ දැනුම් දුන්නා.

ජීවිත තර්ජනයකට මුහුණ පා සිටින තමන්ට ප්‍රමාණවත් ආරක්ෂාවක් ලබාදෙන ලෙස පොලිස්පතිවරයා ඇතුළු වගඋත්තරකරුවන් වෙත නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ශානි අබේසේකර විසින් ගොනුකළ රිට් පෙත්සමක් ඊයේ (04)
කැඳවනු ලැබූ අවස්ථාවේ දී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් රොහාන්ත අබේසූරිය මෙම දැනුම්දීම සිදුකළා.

අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ විකුම් කළුආරච්චි යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල ඉදිරියේ මෙම පෙත්සම කැදවනු ලැබුවා.

ශානි අබේසේකරට එල්ල වී තිබෙන තර්ජන වල ස්වභාවය පිළිබඳ වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස අධිකරණය මීට පෙර වින්දිතයින් හා සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමේ අධිකාරිය වෙත නියෝගයක් නිකුත් කර තිබුණා.

අදාළ පෙත්සම අධිකරණය හමුවේ කැඳවනු ලැබූ අවස්ථාවේ දී අතිරේක සොලිසිටර් ජෙනරාල් රොහාන්ත අබේසූරිය අධිකරණය හමුවේ කරුණු දක්වමින් පෙත්සම්කාර ශානි අබේසේකරට එල්ල වී තිබෙන තර්ජනවල ස්වභාවය දැක්වෙන වාර්තාවක් වින්දිතයින් හා සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමේ අධිකාරියේ බුද්ධි අංශය විසින් ඒවා තිබෙන බව සඳහන් කළා.

එම වාර්තාවට අනුව පෙත්සම්කාර ශානි අබේසේකරට බරපතළ තර්ජනයක් පවතින බව අනාවරණය කර ඇති බවත්, ඔහු ගමන් ගන්නා අවස්ථාවක දී රිය අනතුරකට ලක් කොට ඔහු ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයක් පවතින බව එම බුද්ධි අංශ වාර්තාවේ සඳහන් කර තිබෙන බවත් අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයා පැවැසුවා.

මෙහිදී පෙත්සම්කාර ශානි අබේසේකර වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ උපුල් ජයසූරිය අධිකරණය හමුවේ කරුණු දක්වමින් තම සේවාදායකයාට ලබාදී තිබෙන ආරක්ෂාව පිළිබඳව කිසිසේත්ම සෑහීමකට පත්විය නොහැකි බව කියා සිටියා.

පැරණි යතුරුපැදියක් හා පොලිස් නිලධාරීන් තුන්දෙනෙකු පමණක් ඔහුගේ ආරක්ෂාවට යොදවා ඇතැයි පෙන්වා දුන් ජනාධිපති නීතිඥ උපුල් ජයසූරිය පෙත්සම්කරුට ප්‍රමාණවත් ආරක්ෂාවක් ලබාදෙන ලෙස වින්දිතයින් හා සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමේ අධිකාරිය විසින් පොලිස්පති වෙත නියෝගයක් නිකුත් කර තිබුණත් එය මේ දක්වා ඉටුවී නොමැති බවත් චෝදනා කර සිටියා.

ඉදිරිපත් වූ සියලු කරුණු සලකා බැලූ අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල මෙම පෙත්සම සම්බන්ධයෙන් සුදුසු නියෝගයක් නිකුත් කිරීම සඳහා එය මේ මස 14 වනදා කැඳවන ලෙසත් නියෝග කළා.

මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස පොලිස්පතිවරයා, බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්, වින්දිතයින් හා සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමේ අධිකාරිය ඇතුළු පිරිසක් නම් කර සිටිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හඳුන්ගොඩගේ දේහයට අවසන් ගෞරව දක්වන්න ආ නාමල් සංවේදි වෙයි
01:00
Video thumbnail
නිවුටන්ගේ නියමයෙන් මේක බේරගන්න බැහැ..නලින් බණ්ඩාරගෙන් සැර කතාවක්..
09:55
Video thumbnail
ලාල් කාන්තගෙන් මිහින්තලේ හිමිට දැඩි වාග් ප්‍රහාරයක්
04:39
Video thumbnail
මන්ත්‍රී කොට්ටහච්චිට මුජිබුර්ගෙන් සැර කින්ඩියක්.."අගමැතිට අපහාස කරන්නේ එයාලගේ මන්ත්‍රීලා තමයි"
04:18
Video thumbnail
ඉපලෝගම OIC, නිල නිවසට කාන්තාවක් එක්කන් ගිහින් කරපු කැත වැඩේ එළියට..
28:13
Video thumbnail
හරිනි ඇමතිට බබා වෙන්න බෑ..හත්පොළේ ගාගෙන ඉවරයි..විමල්, මල්වතු නාහිමි බැහැදැකලා කිව්ව දේ
10:33
Video thumbnail
නාමල්, නලින් හඳුන්ගොඩගේ දේහයට අවසන් ගෞරව දක්වන්න එයි..නාමල් සංවේදි වෙයි
02:09
Video thumbnail
බොරැල්ලේ උණුසුම් තත්ත්වයක්.."බෝ#බ ගෙනාපු අය නිදැල්ලේ..පරීක්‍ෂණ යට ගැ#වා"
09:05
Video thumbnail
අම්මා කෙනෙක් හැටියට කොට්ටහච්චි ලැජ්ජා වෙන්න ඕනි..සුගීෂ්වර හොඳම එකෙන් දෙසයි
03:58
Video thumbnail
නාමල්ගෙන් ජනපති අනුරට සත්තමක්..සජබ - එපාජ එකතු වුණොත් පොහොට්ටුවත් එකතු වෙන්න ලෑස්තියි..?
04:13


?