ශාන්තිකර්මයක් කරන්න ගෙදරට ඇවිත් ලක්ෂ 38ක රන් භාණ්ඩවලට විදලා

අපල උපද්‍රව දුරුවීම සඳහා යැයි පවසා යාථිකාවක් කරන මුවාවෙන් ලක්ෂ 38 කට වැඩි වටිනාකමකින් යුත් රන් ආභරණ සොරකම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් හලාවත පොලිසිය විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

මෙම සිදුවීමට මුහුණ දී ඇත්තේ හලාවත, මුන්නේෂ්වරම් ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක් බවයි වාර්තා වන්නේ.

පසුගිය පළමුවනදා මුන්නේෂ්වරම දේවාලය ආසන්නයේ දී හමුවූ පුද්ගලයින් තිදෙනෙකුගෙන් අයෙක් තමන්ට ශාස්ත්‍රයක් කියූ බවත්, එම අනාවැකියට අනුව තමන්ට සහ දරුවන්ට දැඩි අපල කාලයක් උදාවී ඇති බැවින් ඉන් මිදීම සඳහා ශාන්තිකර්මයක් සිදුකිරීමට තමන් කටයුතු කළ බව පැමිණිලිකරු පොලිසියට පවසා තිබෙනවා.

එම අදහසට අනුව තමන්ට හමුවූ තිදෙනාගෙන් එක් අයෙකු පසුගිය 03 වනදා නිවසට ගෙන්වාගෙන ශාන්තිකර්මය සිදුකළ බවවයි ඔහු පොලිසියට පවසා ඇත්තේ.

එහිදී එම පුද්ගලයා පැවසූ ආකාරයට තමන්ට, බිරිඳට සහ දරුවන්ට අයිතින් රන් ආභරණ මුට්ටියක දමා පූජා භාණ්ඩයක් ලෙස ශාන්තිකර්මය කරමින් සිටි අයට භාර දී තිබෙනවා.

ශාන්තිකර්මය සිදුකළ අයගේ උපදෙස් අනුව දෙවියන් පිදීම සඳහා පවුලේ සියළුම දෙනා නිවස ඉදිරිපිට කපුරු දැල්වීමක් සිදුකළ බවත්, රන් ආභරණ තැම්පත් කරන ලද මුට්ටිය පූජා කාමරයේ තබන ලෙසත් දින 04ක කාලයක් යන තෙක්එම මුට්ටිය විවෘත නොකරන ලෙසත් එම පුද්ගලයා නිවැසියන්ට පවසා ඇති බව සඳහන්.

කෙසේ වෙතත් ඇති වූ සැකයක් මත පසුගිය 04 වනදා උදෑසන කාලයේ රන් ආභරණ දමා තිබූ මුට්ටිය විවෘත කර බැලූ අවස්ථාවේ දී එහි කිසිවක් නොතිබූ බවයි පැමිණිලිකරු පොලිසිය හමුවේ වැඩිදුරටත් පවසා ඇත්තේ.

තම නිවසට පැමිණ ශාන්තිකර්මය සිදුකල පුද්ගලයා ඉන්දීය ජාතිකයෙකු බවට සැකයක් පවතින බවට ද ඔහු පවසා තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
8
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කවුද මේවට අවසර දුන්නේ.. ජනාධිපතිතුමා සැර වෙයි
09:01
Video thumbnail
රටේ ව්‍යවසනයන් අතර ජාවාරම්කාරයන් ගැන අපි මෙහෙයුම් කළා..නාකොටික් DIG සියල්ල හෙළිකරයි
03:57
Video thumbnail
සජිත් ආණ්ඩුවට දෙහි කපයි
11:00
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා  "වීරා"
00:36
Video thumbnail
බදුල්ල මඩකලපුව A5 මාර්ගය මිල්ලබැද්ද ප්‍රදේශයෙන් ගිලා බසියි..මුළු පාරම ඉවරයි..හැම තැනම ඉරිතලලා
03:22
Video thumbnail
විපතට පත් වූවන් සජිත් ළඟ දුක කියා හඬා වැටෙයි
04:09
Video thumbnail
ගංවතුරෙන් නිවාස ය#වීම නිසා කොටිකාවත්ත ගම්මු දැඩි අසරණවෙයි..සුද්ද කරන්න සුමාන දෙකක්වත් යයි
03:55
Video thumbnail
වෛද්‍යවරුන්ගෙන් ජනතාවට විශේෂ දැනුම්දීමක්
13:27
Video thumbnail
මඩේ එරුණු හෙලිකොප්ටරය ගොඩගත්ත මෙහෙයුම
01:11
Video thumbnail
මා#රයා ඔළුව උඩ තියන් ජීවත්වන බලංගොඩ, කිරිදිගල මිනිස්සු.."ඉක්මනට යමු කට්ටියම මේ ගම දාලා"
07:06


?