ශාන්තිකර්මයක් කරන්න ගෙදරට ඇවිත් ලක්ෂ 38ක රන් භාණ්ඩවලට විදලා

අපල උපද්‍රව දුරුවීම සඳහා යැයි පවසා යාථිකාවක් කරන මුවාවෙන් ලක්ෂ 38 කට වැඩි වටිනාකමකින් යුත් රන් ආභරණ සොරකම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් හලාවත පොලිසිය විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

මෙම සිදුවීමට මුහුණ දී ඇත්තේ හලාවත, මුන්නේෂ්වරම් ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක් බවයි වාර්තා වන්නේ.

පසුගිය පළමුවනදා මුන්නේෂ්වරම දේවාලය ආසන්නයේ දී හමුවූ පුද්ගලයින් තිදෙනෙකුගෙන් අයෙක් තමන්ට ශාස්ත්‍රයක් කියූ බවත්, එම අනාවැකියට අනුව තමන්ට සහ දරුවන්ට දැඩි අපල කාලයක් උදාවී ඇති බැවින් ඉන් මිදීම සඳහා ශාන්තිකර්මයක් සිදුකිරීමට තමන් කටයුතු කළ බව පැමිණිලිකරු පොලිසියට පවසා තිබෙනවා.

එම අදහසට අනුව තමන්ට හමුවූ තිදෙනාගෙන් එක් අයෙකු පසුගිය 03 වනදා නිවසට ගෙන්වාගෙන ශාන්තිකර්මය සිදුකළ බවවයි ඔහු පොලිසියට පවසා ඇත්තේ.

එහිදී එම පුද්ගලයා පැවසූ ආකාරයට තමන්ට, බිරිඳට සහ දරුවන්ට අයිතින් රන් ආභරණ මුට්ටියක දමා පූජා භාණ්ඩයක් ලෙස ශාන්තිකර්මය කරමින් සිටි අයට භාර දී තිබෙනවා.

ශාන්තිකර්මය සිදුකළ අයගේ උපදෙස් අනුව දෙවියන් පිදීම සඳහා පවුලේ සියළුම දෙනා නිවස ඉදිරිපිට කපුරු දැල්වීමක් සිදුකළ බවත්, රන් ආභරණ තැම්පත් කරන ලද මුට්ටිය පූජා කාමරයේ තබන ලෙසත් දින 04ක කාලයක් යන තෙක්එම මුට්ටිය විවෘත නොකරන ලෙසත් එම පුද්ගලයා නිවැසියන්ට පවසා ඇති බව සඳහන්.

කෙසේ වෙතත් ඇති වූ සැකයක් මත පසුගිය 04 වනදා උදෑසන කාලයේ රන් ආභරණ දමා තිබූ මුට්ටිය විවෘත කර බැලූ අවස්ථාවේ දී එහි කිසිවක් නොතිබූ බවයි පැමිණිලිකරු පොලිසිය හමුවේ වැඩිදුරටත් පවසා ඇත්තේ.

තම නිවසට පැමිණ ශාන්තිකර්මය සිදුකල පුද්ගලයා ඉන්දීය ජාතිකයෙකු බවට සැකයක් පවතින බවට ද ඔහු පවසා තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14