ශ්‍රී ලනිපය ආණ්ඩුවෙන් ඉවත් වුණොත් ආණ්ඩුවට වෙන්න යන දේ

වත්මන් ආණ්ඩුව සතු තුනෙන් දෙකක බහුතර බලය අභියෝගයට ලක් වන ආකාරයේ ප්‍රකාශයක් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (නොවැ. 25) පාර්ලිමේන්තුවේදී සිදු කළේ ය.

සිය ධූර කාලයේදී සිදු කළ වියදම් සහ වර්තමාන ජනාධිපතිවරයාගේ වාර්ෂික වැය ශීර්ෂය සමග සංසන්දනය කරමින් කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත් ගමගේ මහතා කළ ප්‍රකාශයකට ප්‍රතිචාර දක්වමින් හිටපු ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ ය.

එහිදී ඔහු අවධාරණය කළේ, වත්මන් ආණ්ඩුවේ තුනෙන් දෙකක බලය රැඳී ඇත්තේ “ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් 14 දෙනාගේ අතේ” බව ය.

එබැවින් පක්ෂ අභ්‍යන්තරයේ ගැටුම් ඇති කිරීමට උත්සහ දැරීමේදී ඇති විය හැකි ප්‍රතිඵල පිළිබඳව ත් තුනෙන් දෙකක බලය සම්බන්ධයෙනු ත් මීට වඩා බුද්ධිමත්ව සිතා කටයුතු කළ යුතු යැයි ඔහු අවධාරණය කළේ ය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නායකත්වය දරන වත්මන් ආණ්ඩුවේ හවුල්කාර පක්ෂයක් ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කටයුතු කරන අතර එහි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 14 දෙනෙක් ආණ්ඩුව නියෝජනය කරනු ලබති. 

ආණ්ඩුව විසින් 2022 වර්ෂය සඳහා ඉදිරිපත් කරනු ලැබූ විසර්ජන පනත් කෙටුම්පත දෙවන වර කියවීම ද වැඩි ඡන්දයෙන් සම්මත කර ගැනීමට හැකි වූයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ ද සහයෝගයෙනි.

එහිදී අයවැයට පක්ෂව ඡන්ද 153 ලැබුණු අතර විපක්ෂව ලැබුණු ඡන්ද සංඛ්‍යාව 60ක් ලැබිණි.

ඒ අනුව, විසර්ජන පනත් කෙටුම්පත දෙවන වර කියවීම වැඩි ඡන්ද 93 කින් සම්මත විය.

යම් හෙයකින් අදාළ ඡන්ද විමසීමේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඡන්ද 14 අයවැයට පක්ෂව නොලැබුණේ නම්, ඊට පක්ෂව හිමි වන ඡන්ද සංඛ්‍යාව 139ක් වනු ඇත.

තුනෙන් දෙකක බහුතරය ආණ්ඩුවක් සතු වීමට නම් පක්ෂව සිටිය යුතු අවම මන්ත්‍රීවරුන් ගණන 150කි.

ඒ අනුව, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් 14 නොමැතිව ආණ්ඩුවට හිමි වන්නේ, සාමාන්‍ය බහුතරයක් පමණි.

එබැවින් වත්මන් ආණ්ඩුවට සිය තුනෙන් දෙකක බහුතර බලය පවත්වා ගෙන යාම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහය අත්‍යවශ්‍ය සාධකයක් බව පැහැදිලි ය.

මේ සම්බන්ධයෙන්, mawbima.lk වෙබ් අඩවිය ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ දේශපාලන විද්‍යා අධ්‍යයනාංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය විශාකා සූරියබණ්ඩාර මහත්මියගෙන් විමසීමක් කළේ ය.

එහිදී ආචාර්යවරිය සඳහන් කළේ, යම් හෙයකින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුවෙන් ඉවත් වුවහොත් ආණ්ඩුවේ ආධිපත්‍යය පිළිබඳව ප්‍රශ්නයක් ඇති වන බව ය.

එමෙන් ම, නව ව්‍යවස්ථාවක් ගෙන ඒම ඇතුළු ආණ්ඩුව ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරන බොහෝ කටයුතුවලට එමගින් බලපෑම් ඇති විය හැකි බව ඇය පෙන්වා දුන්නා ය.

ඇය සඳහන් කළේ, ඒ හේතුවෙන්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුවෙන් ඉවත් වුවහොත් විශාල පක්ෂයක ඇති බලපෑම ආණ්ඩුවට දැඩි ලෙස දැනෙනු ඇති බව ය.

එය තුනෙන් දෙකක බලය සඳහා පමණක් නොව රාජ්‍ය යාන්ත්‍රණය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් ද ආණ්ඩුව අර්බුද රැසකට ඇද දමන බව ඇය පෙන්වා දුන්නා ය.

සූරියබණ්ඩාර මහත්මිය අවධාරණය කළේ, එමගින් ආණ්ඩුවේ සුජාතභාවය පිළිබඳ ගැටලුවක් පැන නගින බව ය. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
10
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කාසල්රි ජලාශ‍යේ ලොකුම දූපතේ හදිසියේම ඇතිවූ ගින්න
00:24
Video thumbnail
මහින්දට සමුදෙන්න සජිත් ප්‍රේමදාසත් එයි..කට්ටිය වටවෙලා ලොකු කතාවක්
01:06
Video thumbnail
අවු:7කට උඩදි වුණ පාස්කු සිද්ධිය නිසා අපේ වින්දිතයින් තාම දුක් විදිනවා..කෑමොර දීලා සාධාරණය ඉල්ලන්නේ
02:49
Video thumbnail
නලින්ද හර්ෂද ඇතුළු කට්ටියටම ප්‍රශංසා කරලා කිව්ව දේ..රටේ Brand එකක් විදියට ලෝකයට අරන් යමු
07:17
Video thumbnail
1990 ටීෂර්ට් එකක් ඇදගෙන බස් එකෙන් බැස්සම කඩේ මුදලාලි සල්ලි ගන්නේ නෑ..හර්ෂද සිල්වා කිව්ව සුපිරි කතාව
01:56
Video thumbnail
"මිත්‍ර නලින්ද මට ඉස්සෙල්ලම Invite කරපු එක මට පුදුමයක් නෙවෙයි" l Harsha de Silva
05:29
Video thumbnail
නාමල්ගේ අසූචිවලින්ද වගාව හදන්නේ..කුමාරවරු ඔක්කොම එකතුවෙලා මඩිය තර කරගන්නවා
05:51
Video thumbnail
ගම්මන්පිලගේ පොත ගැන මුජිබුර්ගෙන් ප්‍රබල හෙළිදරව්වක්..එක එක්කෙනා බේරගන්න කරන Project එකක් මේ
10:36
Video thumbnail
සජබ සෙට් එකක් ගමක් පිරිවරාගෙන ගිහින් දේව කන්නලව්වක් කළ අයුරු.."අනුර භංගවේවා" කියලා කට්ටිය පොල් ගහයි
03:45
Video thumbnail
උත්සව සමයේ තෙල් මිල වෙනස් වීමක් වෙයිද ?..මුල් සතිය ඇතුළත සේරම තෙල් නැව් ටික ළඟා වෙනවා
03:35