AFC Banner
AFC Banner
Empty Ad

ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් පිල කඩුලු 05කින් කොදෙව් පිල පරාජය කරයි

රෝඩ් සේෆ්ටි විස්සයි 20 ලෝක කුසලාන තරගාවලියේ අද පැවති තරගයේදී බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම කඩුලු 05 කින් පරාජය කිරීමට ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් පිල සමත්වුණා.

කාසියේ වාසිය දිනා ගත් ශ්‍රී ලංකා පිල පළමුව පන්දු යැවීමට තීරණය කළා.

ඒ අනුව පළමුව පන්දුවට පහර දුන් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සිය පන්දු ඕවර 20 අවසානයේදී කඩුලු 04ක් දැවී ලකුණු 154ක් ලබා ගත්තා.

කොදෙව් කණ්ඩායම වෙනුවෙන් නායක බ්‍රයන් ලාරා පන්දු 49 කදී නොදැවී ලකුණු 53ක් රැස් කළා. ස්මිත් 47, ටිනෝ බෙස්ට් නොදැවී ලකුණු 18ක් රැස් කළා.

ලකුණු 158ක ඉලක්කයක් හඹා යාමට පැමිණි ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම සිය ජයග්‍රාහි ඉලක්කය පන්දු ඕවර 19ක් තුලදී පසුකර යාමට සමත් වුවා.

ශ්‍රී ලංකාව වෙනුවෙන් උපුල් තරංග පන්දු 35ක් තුලදී නොදැවී ලකුණු 53ක් රැස් කළා. නායක තිලකරත්න දිල්ෂාන් ලකුණු 47ක් රැස් කළ අතර චාමර සිල්වා පන්දු 15ක් තුලදී ලකුණු 22ක් රැස් කර ගනු ලැබුවා.

තරගයේ වීරයා ලෙස උපුල් තරංග සම්මාන දිනා ගනු ලැබුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?