AFC Banner
Empty Ad
Empty Ad

ශ්‍රේෂ්ඨාධිකරණය යෝජනා කළ සියලු සංශෝධන පිළිගන්නවා – ඇමති කංචන

විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය, විදුලිබල පනත් කෙටුම්පත පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය මගින් යෝජනා කරන ලද සියලුම සංශෝධන පිළිගන්නා බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා.

සිය නිල එක්ස් ගිණුමට සටහනක් එක්කරමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කර තිබෙනවා.

මීට සති තුනකට පෙර විදුලිබල අංශයේ ප්‍රතිසංස්කරණ පනත් කෙටුම්පත පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයේ විභාගයේ දී බොහෝ සංශෝධනවලට එකඟ වූ බව ද එම පණිවිඩයේ වැඩිදුරටත් දැක්වෙනවා.

ඒ, අනුව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් යෝජනා කරනු ලබන සංශෝධන, කාරක සභා අවස්ථාවේ දී අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීමට නියමිත බවයි අමාත්‍යවරයා පවසන්නේ.

මේ අතර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ විදුලිබල පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් දැනුම් දී ඇතැයි කථානායකවරයා අද (04) පාර්ලිමේන්තු සභාවට දැනුම් දුන්නා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
4
+1
0
+1
0
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?