ශ්‍රී ලාංකේය ටෙලිවිෂන් වංශය සුබ මොහොතින් ආගමනය කළ ‘දසත TV’ (වීඩියෝ)

ශ්‍රී ලාංකේය ටෙලිවිෂන් වංශ කතාවට අලුත් පරිච්ඡේදයක් එක්කරමින් ‘දසත’ මාධ්‍ය ජාලයේ නවතම සාමාජිකයා, ‘දසත TV‘ රූපවාහිනී නාළිකාව අද ජනගත කෙරුණා.

ඒ, අනුව අද (11) පෙරවරු 10.41ට යෙදුණු සුබ මොහොතින් ‘දසත TV‘ ශ්‍රී ලාංකේය රූපවාහිනී අවකාශයට මුදාහැරුණේ ආගමික වතාවත්වලට මුල්තැන දෙමින්.

‘දසත’ මාධ්‍ය ජාලයේ ගරු සභාපති පී.එස්. මධුසංඛ මහතාගේ සුරතින් ජනගත කෙරුණු ‘දසත TV’ රූපවාහිනී නාළිකාව ප්‍රේක්ෂක ඔබ අතරට පැමිණෙන්නේ විශ්වාසයේ සන්නාමය තවදුරටත් තහවුරු කිරීමේ අරමුණ ඇතිවයි.

‘දසත නිවුස්’ තැබූ විශ්වාසයේ සන්නාමය රූපවංශයට ගෙන ඒමේ ප්‍රේක්ෂක ඉල්ලීම පූර්ණය කරමින් ටෙලිවිෂන් වංශයට නව මං තබන ‘දසත TV’ අද (11) සිට SLT පියෝ TV අංක 18 ඔස්සේ සහ ෆ්‍රීසැට් අංක 19 ඔස්සේ ප්‍රේක්ෂක ඔබට නැරඹිය හැකි වනවා.

ප්‍රේක්ෂක රසවින්දනය සහ දැනුම්වත් භාවය උදෙසා විවිධ පරාසයන් තුළ විහිදුණු නවතම වැඩසටහන් රැසකින් සමන්විත මෙම නවතම රූපවාහිනී අත්දැකීම විඳගැනීමට ශ්‍රී ලාංකේය ප්‍රේක්ෂක ඔබට ගෞරවයෙන් යුතුව ඇරයුම් කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
10
+1
0
+1
8
+1
0
+1
0
+1
1
+1
2
Subscribe
Notify of
3 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?