ශ්‍රී ලාංකික සරණාගතයෙක්ට එක්සත් රාජධානියේ නගරාධිපති තනතුරක්

එක්සත් රාජධානියේ සරණාගතභාවය ලබාගත් ශ්‍රී ලාංකිකයෙක් වන එලංගෝ එලවාලකන් මහතා, ඉප්ස්විච් නගරයේ නගරාධිපතිවරයා ලෙස පත් වී තිබෙනවා.

පසුගිය බදාදා ඉප්ස්විච් බෝරෝ කවුන්සිලයේ වාර්ෂික රැස්වීමේ දී පැවැති ඡන්දයේ දී ඒකමතිකව ඔහුව නගරාධිපති ලෙස තෝරා පත්කරගෙන ඇති බවයි වාර්තා වන්නේ.

ඒ, අනුව එලංගෝ එලවාලකන් මහතා 2024-25 සඳහා ඉප්ස්විච් නගරයේ නව නගරාධිපතිවරයා ලෙස තේරීපත්ව ඇති බව සඳහන්.

ඉප්ස්විච් නගර සභාවේ ප්‍රධානී නීල් මැක්ඩොනල්ඩ් විසින් නගරාධිපති ධුරය සඳහා කම්කරු පක්ෂය නියෝජනය කරන එලවාලකන් මහතාගේ නම යෝජනා කර තිබෙනවා.

එම නම යෝජනා කරමින් ඔහු පවසා සිටියේ බ්‍රිතාන්‍ය මහ මැතිවරණයේ ඡන්ද ප්‍රතිඵල ප්‍රකාශයට පත් කිරීමට ද නව නගරාධිපතිවරයා සිය ධුර කාලයේ දී වාසනාවන්ත වනු ඇති බවයි.

ශ්‍රී ලංකාවේ උපන් එලවාලකන් මහතා එක්සත් රාජධානියේ පදිංචි වීමට පෙර ඉන්දියාව, උගන්ඩාව සහ රුවන්ඩාවේ සේවය කළ අයෙක්.

ඔහු 2006 වසරේ දී එක්සත් රාජධානිය වෙත ගොස් ඇත්තේ සරණාගතභාවය ලබාගෙනයි.

ඉංජිනේරුවෙකු සහ කළමනාකරුවෙකු ලෙස සේවය කර ඇති ඔහු දැනට ඔහුගේම ව්‍යාපාරයක් පවත්වාගෙන යන බවයි තොරතුරු වාර්තා වුණේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
2
+1
0
+1
1
+1
2
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පවතින කාලගුණයෙන් හැමෝම පරිස්සම් වෙන්න..ගස් කඩා වැටීම් වෙන්න පුළුවන්
03:24
Video thumbnail
ජල කප්පාදු කරන කාලය පැය කිහිපයකින් අඩු කරනවා..අප්‍රේල් මාසයට අවශ්‍ය ජල ප්‍රමාණය තියෙනවා
08:43
Video thumbnail
අනතුරකින් පාදයේ ආබාධයකයට ලක්වූ සෙබඩකට පිහිටට ආ තරුණ යුවළ
01:01
Video thumbnail
වියළි කාලගුණය හමුවේ ගාල්ලේ දැන් තත්ත්වය
00:54
Video thumbnail
බලශක්ති ඇමතිගේ පොටෝ එකක් අරන් ගමක් දෙවනත් කළ පන්දම් විරෝධතාව..පච අනුර එදා කිව්වේ බොරු..
08:33
Video thumbnail
වැඩ වර්ජනය නිසා මිනිසුන්ගේ රතු කට්ට පනියි..ඡන්දේ දීලා අපි විදින දුකක්..මාසෙකට කීයක් Strike කරනවද
03:43
Video thumbnail
PHI සෙට් එකක් අත්‍යවශ්‍ය ආහාර ගබඩා සහ වෙළඳසැල්වලට ඇවිත් දුන්න ෆුල් සුද්දය
03:58
Video thumbnail
"Private ගන්න සල්ලි නෑනේ මහත්තයෝ"..වෛද්‍ය වැඩ වර්ජනය හේතුවෙන් රෝගීන් දැඩි අපහසුතාවයට
01:44
Video thumbnail
වියළි කාලගුණය හමාර කරමින් බුත්තලට සහ මොණරාගලට තද වැසි
00:58
Video thumbnail
"අඩේ..අඩේ..ඉක්මනට ඇතුළට ඇදහන් බන්" යතුරුපැදියක් - ලොරියක වැදී සිදුවූ බිහිසුණු අනතුර
01:29