AFC Banner
Empty Ad
Empty Ad

ශ්‍රී ලාංකිකයින්ට තුර්කියෙන් වැඩිපුර රැකියා දෙන්න පොරොන්දුවක්

ශ්‍රී ලාංකිකයින්ට තුර්කි රාජ්‍යය තුළ රැකියා අවස්ථා වැඩි කිරීමට අවධානය යොමු කරන බව එරට රජය පවසනවා.

අද (10) තුර්කි ජනරජයේ තානාපති සෙමි ලුට්ෆු ටර්ගට් මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමු වුණු අවස්ථාවේ දී මේ බව දැනුම්දුන් බවයි ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ.

ඉදිරියේ දී තුර්කි – ශ්‍රී ලංකා ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කරමින් කටයුතු කළ යුතු බව ද මෙහිදී අවධාරණය කෙරුණා.

එමෙන්ම තුර්කි ජනාධිපති රිචෙප් තයියීප් එර්දොවාන් මහතා අනුර ජනාධිපතිවරයාට ලබාදීමට දුන් සුබ පැතුම් පණිවිඩිය ද මෙහිදී පිළිගැන්වීමට කටයුතු කළා.

තුර්කිය සහ ශ්‍රී ලංකාව අතර සංචාරක සහ වෙළෙඳාම යන ක්ෂේත්‍රයන්හි සබඳතා පුළුල් කළ යුතු බවට ද මෙහිදී අදහස් හුවමාරු වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?