ශ්‍රී ලාංකිකයන් 29ක් රෝහලට යැවූ බස් අනතුර ගැන විදේශ අමාත්‍යංශයෙන් දැනුම් දීමක්

තුර්කියේ ඉස්තාන්බුල් නුවරදී සිදු වූ බස් රථ අනතුරකින් ශ්‍රී ලාංකිකයන් 29 දෙනෙකු තුවාල ලැබීමේ සිදුවීම පිළිබඳ විදේශ අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

අදාළ ශ්‍රී ලාංකික කම්කරුවන් අනතුර සිදුවූ ප්‍රදේශය ආසන්නයේම පිහිටි වැඩබිමේ සිට තම නවාතැන් වෙත යමින් සිටියදී එම නිවේදනයේ දැක්වෙන්නේ පසුගිය 9 වනදා මෙම අනතුරට ලක්වී ඇති බවයි.

අනතුරින් තුවාල ලැබූ 29 දෙනාගෙන් 20 දෙනෙකු අනතුර සිදු වූ දිනයේදීම ඉස්තාන්බුල් නුවර රෝහල්වලින් ප්‍රතිකාර ලබා පිටත්ව ගොස් තිබෙනවා.

තවත් 9 දෙනෙකු රෝහල් 3ක ප්‍රතිකාර ලබමින් සිටින බවයි විදේශ අමාත්‍යංශය කියාසිටියේ.

තුවාලකරුවන්ගේ තත්ත්වය සම්බන්ධයෙන් තුර්කියේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ශ්‍රී ලාංකිකයින් සේවයේ යොදවා ඇති සමාගම සහ රෝහල් බලධාරීන් සමඟ නිරන්තර සම්බන්ධීකරණයෙන් අවශ්‍ය සහය ලබා දෙමින් සිටිනවා.

සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සහ විපතට පත් ශ්‍රී ලාංකිකයින්ට අවශ්‍ය සහය ලබාදීම සම්බන්ධයෙන් තානාපති කාර්යාලය තුර්කි විදේශ අමාත්‍යාංශය සමඟ ද සම්බන්ධ වී සිටින බවයි විදේශ අමාත්‍යංශය ප්‍රකාශ කළේ.

විපතට පත් ශ්‍රී ලාංකිකයින්ගේ ආරක්ෂාව සහතික කිරීම සඳහා විදේශ කටයුතු අමාත්‍යාංශය තත්ත්වය සමීපව නිරීක්ෂණය කරන අතර අන්කාරා හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සමඟ සම්බන්ධීකරණයෙන් අවශ්‍ය පියවර ගනිමින් සිටින බව ද අදාළ නිවේදනයේ සඳහන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
5
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අද දහවල් පස්සරට මහා වර්ෂාවක් ඇඳ හැලුණු හැටි මෙන්න
01:22
Video thumbnail
ආණ්ඩුවට මේ පාදඩයා එක්ක තියෙන සම්බන්ධය මොකක්ද ? අගමැතිතුමිය ලැජ්ජා වෙන්න ඕනි
06:22
Video thumbnail
ශානි අබේසේකර ගෙදර යන්න
07:15
Video thumbnail
ගම්මන්පිලට යකා ආරූඪ වෙයි"මේක මගේ පොත නෙවෙයි..ව්‍යාජ එකක්"..රහස් පොලිසිය බුද්ධිමය දේපළ හොරකම් කරලා
06:03
Video thumbnail
ඩිල්කා, සුදාගෙන් මිලියන 100ක් ඉල්ලයි - Australia පොලිසියටත් පැමිණිලි
05:03
Video thumbnail
GMOA එකෙන් ඇමති නලින්දට අභියෝගයක්..ප්‍රථමයෙන්ම පැමිණිලි කරන්න ඕනි ඔයාට විරුද්ධව
11:01
Video thumbnail
මිනිස්සුන්ට බොන්න වතුරත් නැතිකරපු ආණ්ඩුවක් මේක
06:23
Video thumbnail
යතුරුපැදිකරු බරපතළ කළ බිහිසුණු අනතුර..බයික් එක කුඩේ කුඩු
01:04
Video thumbnail
විපක්ෂයට වෙන කියන්න දෙයක් නැති නිසා ගල් අඟුරු ගැන කියවන්නේ
05:03
Video thumbnail
විදුලි බිල 50%වත් වැඩි කරන්න ඕනිලු..ජනාධිපතිතුමා වැඩ බැරි ඇමතිලා ගෙදර යවන්න
01:47