ශ්‍රී ලංකා A කණ්ඩායම දෙවැනි ඉනිමට පිතිකරණය අරඹයි – විශ්වගෙන් විශිෂ්ට පන්දු යැවීමක්

ශ්‍රී ලංකා A කණ්ඩායම සහ පාකිස්තාන A කණ්ඩායම අතර පැවැත්වෙන නිල නොවන ටෙස්ට් තරගයේ දෙවැනි දිනය නිමාවට පත් වන විට සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම එක් කඩුල්ලක් දැවී ලකුණු 77ක් සිය දෙවැනි ඉනිම වෙනුවෙන් ලබා සිටිනවා.

තරගය රාවල්පිණ්ඩි නුවර දී පැවැත්වෙන අතර පළමු ඉනිමට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම සියල්ලන් ම දැවී ලකුණු 115ක් ලබාගත්තා.

ඉන් අනතුරුව පාකිස්තාන A කණ්ඩායම සිය පළමු ඉනිමට පිතිකරණය අරඹමින් අද දිනයේ දහවල් වන විට සියලුදෙනාම ලකුණු 258කට දැවී ගියා.

එහිදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ විශ්ව ප්‍රනාන්දු ලකුණු 44කට කඩුලු 04ක් බිඳ දැමුවා.

කඩුලු 02ක බැගින් ඉසිත විජේසුන්දර සහ නිසල තාරක විසින් බිඳ දැමූ අතර එක් කඩුල්ලක අයිතිය වනුජ සහන් සහ සොනාල් දිනූෂට හිමිවුණා.

පාකිස්තානයේ පළමු ඉනිම වෙනුවෙන් ටෙස්ට් අර්ධ ශතක ත්‍රිත්වයක් වාර්තා වීම ද විශේෂත්වයක්.

එහිදී පිළිවෙළින් Hussain Talat (56), Rohail Nazir (55) ක් සහ Ali Zaryab (55) ලබාගත්තා.

මේ වනවිට ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රතිවාදී පාකිස්තාන A කණ්ඩායමට වඩා තවත් ලකුණු 66ක් දෙවැනි දිනය අවසානයේ දී රැඳී සිටිනවා.

හෙට (13) තරගයේ තුන්වැනි දිනයයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
1
+1
1
+1
0
+1
1
+1
2
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආණ්ඩුව ඔක්කොම අනාගන්නවා - කිසිම සැලැස්මක් නෑ
07:09
Video thumbnail
76ක පාලනය ඇතුළත ඖෂධ බ්‍රිතාන්‍ය ප්‍රමිතියෙන් පහළට ගෙනාවේ නෑ..ජීවිතය ඉල්ලගෙන එන ලෙඩාව ම# දාන ආණ්ඩුවක්
12:38
Video thumbnail
දින 23කට පසු උඩරට මැණිකේ බදුල්ලෙන් අඹේවෙල දක්වා ගමන් අරඹයි..අත්දැකීම විඳගන්න සිය ගාණක් අද එකතුවෙලා
02:10
Video thumbnail
මේ කියන්නේ උඹලා බෙහෙත් බීලා මැ#යල්ලා නැත්තම් නොබී මැ#යල්ලා කියලද? විෂ වුණොත්ලු පියවරක් ගන්න වෙන්නේ
05:34
Video thumbnail
සුදු ජාතික කාන්තාවෝ මැද්දෙ සමන්තයි,සංචාරක නි.ඇමතියි පපරේ සද්දෙට දැම්ම සුපිරිම සුපිරි ඩාන්ස් එක
01:35
Video thumbnail
මිහින්තලේ හිමිගෙන් ආණ්ඩුවට සැර අවවාදයක්..විකාර කියවන්නේ නැතුව..රට වැ#ච්ච ප්‍රපාතයෙන් ගොඩ ගන්න
01:21
Video thumbnail
රා ලොරියට,ලංගමයේ ආ මගීන් දෙදෙනෙකු ගැ# එක් අයෙකු එළොව යයි.."තාම හුස්ම තියෙනවා - ඉක්මනට අරන් යමන්"
05:04
Video thumbnail
Kasthirama | වත්මන් දේශපාලන තත්ත්වයේ වි-පාක්ෂික කියවීම - කස්තිරම විශේෂ වැඩසටහන සජිවීව
01:13:05
Video thumbnail
බලතල සිඟමනේ ඉන්දියාවට ගිය පොන්නම්බලන්ගේ කණ්ඩායමට අරුන්ගෙන් සැර කණේ ප#රක්..!
15:07
Video thumbnail
මම රාජකාරිය කරන්නේ..කනට ග#න්න එන්න එපා..මනු කියවන්නාට සත්තම දැමූ ගමේ චණ්ඩියා
04:16


?