ශ්‍රී ලංකා A කණ්ඩායම දෙවැනි ඉනිමට පිතිකරණය අරඹයි – විශ්වගෙන් විශිෂ්ට පන්දු යැවීමක්

ශ්‍රී ලංකා A කණ්ඩායම සහ පාකිස්තාන A කණ්ඩායම අතර පැවැත්වෙන නිල නොවන ටෙස්ට් තරගයේ දෙවැනි දිනය නිමාවට පත් වන විට සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම එක් කඩුල්ලක් දැවී ලකුණු 77ක් සිය දෙවැනි ඉනිම වෙනුවෙන් ලබා සිටිනවා.

තරගය රාවල්පිණ්ඩි නුවර දී පැවැත්වෙන අතර පළමු ඉනිමට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම සියල්ලන් ම දැවී ලකුණු 115ක් ලබාගත්තා.

ඉන් අනතුරුව පාකිස්තාන A කණ්ඩායම සිය පළමු ඉනිමට පිතිකරණය අරඹමින් අද දිනයේ දහවල් වන විට සියලුදෙනාම ලකුණු 258කට දැවී ගියා.

එහිදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ විශ්ව ප්‍රනාන්දු ලකුණු 44කට කඩුලු 04ක් බිඳ දැමුවා.

කඩුලු 02ක බැගින් ඉසිත විජේසුන්දර සහ නිසල තාරක විසින් බිඳ දැමූ අතර එක් කඩුල්ලක අයිතිය වනුජ සහන් සහ සොනාල් දිනූෂට හිමිවුණා.

පාකිස්තානයේ පළමු ඉනිම වෙනුවෙන් ටෙස්ට් අර්ධ ශතක ත්‍රිත්වයක් වාර්තා වීම ද විශේෂත්වයක්.

එහිදී පිළිවෙළින් Hussain Talat (56), Rohail Nazir (55) ක් සහ Ali Zaryab (55) ලබාගත්තා.

මේ වනවිට ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රතිවාදී පාකිස්තාන A කණ්ඩායමට වඩා තවත් ලකුණු 66ක් දෙවැනි දිනය අවසානයේ දී රැඳී සිටිනවා.

හෙට (13) තරගයේ තුන්වැනි දිනයයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද උසාවියට ගෙන ආ ශිරාන් බාසික් - වටේටම STF එකෙන් දාලා
02:30
Video thumbnail
වස විස නැති පලතුරු කඩවලට රජයෙන් සහතිකයක් - කඩ සිතියම් ගතකරයි
03:23
Video thumbnail
යෝෂිතගේ ලක්ෂ 730ක ඉඩම් නඩුව කල්යයි - හිනාවකුත් දාගෙන ගැම්මට ආපු හැටි
01:16
Video thumbnail
නි.ආරක්ෂක ඇමතිට බංකු අරගෙන ඇවිත් අපෙන් ආ‍රක්ෂාව ගැන උපදෙස් ගන්නවෙලා
08:03
Video thumbnail
ලාල්කාන්ත මාධ්‍යය පෙන්නලා දැම්ම සත්තම - "මු..මුන් අපේ වචනයකට කෙ#න්නමයි හදන්නේ..කෙ#පල්ලකෝ"
02:53
Video thumbnail
කොමිසමෙන් එළියට ආ බන්දුල හෙළිකල දේ - "අපි වෙනස් ජාතියක දේශපාලන සත්වයෝ"
05:20
Video thumbnail
පන්සලේ විදුලි බල්බ නිවලා චෛත්‍යයේ කොත සහ චූඩාමාණික්‍යය හොරු උස්සලා
01:47
Video thumbnail
රුවන්වැලි මහසෑ නායක හිමියන් ළමා දිනය වෙනුවෙන් කළ අපූරු ක්‍රියාව
14:57
Video thumbnail
නපති ප්‍රධානත්වයෙන් අරඹපු කටුනායකට ගුවන් යානා ඉන්ධන ගෙන යන නව නළ මාර්ගයේ ඉදිකිරීම
01:06
Video thumbnail
සුනිත්‍ය බලශක්ති අධිකාරිය අද බුදියගෙන - වහල මත සූර්ය පැනල ගහන එකේ දොර වහන්න හදන්නේ
04:25