ශ්‍රී ලංකා – වියට්නාම නායකයන් අතර හමුවක්

අග්නිදිග ආසියාව සහ ශ්‍රී ලංකාව අතර සබඳතා ශක්තිමත් කිරීමේ වේදිකාවක් ලෙස වියට්නාමය ක්‍රියා කිරීමට සූදානම් බව වියට්නාම ජනාධිපති වෝ වාන් තුවොං (Vo Van Thuong) මහතා පවසනවා.

ශ්‍රී ලංකාව සහ වියට්නාමය අතර ආර්ථික, සමාජයීය සහ සංස්කෘතික සබඳතා ශක්තිමත් කිරීම වෙනුවෙන් තමන් සෑමවිටම මූලිකත්වය ගන්නා බවයි ඔහු ප්‍රකාශ කර ඇත්තේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ වියට්නාම ජනාධිපති වෝ වාන් තුවොං (Vo Van Thuong) මහතා අතර ද්විපාර්ශ්වික සාකච්ඡා 03 වන “එක් තීරයක් – එක් මාවතක්” ජාත්‍යන්තර සමුළුවට සමගාමීව අද (18) පස්වරුවේ බීජිං නුවරදී පැවති අවස්ථාවේදී වියට්නාම ජනාධිපතිවරයා මේ බව අවධාරණය කළා.

දෙරටට බලපාන වැදගත් කරුණු ගණනාවක් පිළිබඳ මෙහිදී නායක දෙපළ සාකච්ඡා කර තිබෙනවා.

ශ්‍රී ලංකාව සහ වියට්නාමය අතර ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කර ගැනීමේ අරමුණින් දෙරටේ විදේශ අමාත්‍යවරුන්ගේ ප්‍රධානත්වයෙන් කාර්ය සැලසුමක් සැකසීමට ද තීරණය වූ බව සඳහන්.

ශ්‍රී ලංකාවේ වත්මන් ආර්ථික තත්ත්වය සහ අනාගත අපේක්ෂා සම්බන්ධයෙන් මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා මෙහිදී කරුණු පැහැදිළි කරනු ලැබුවා.

වැටී තිබූ වියට්නාම ආර්ථිකය යළි ගොඩනැඟීම සඳහා වියට්නාමය අනුගමනය කළ පිළිවෙත පිළිබඳවද එහිදී මුහුණ දීමට සිදු වූ අභියෝග පිළිබඳවද වියට්නාම ජනාධිපතිවරයා කරුණු පෙන්වා දුන්නා.

දෙරට අතර ආර්ථික සහ වෙළෙඳ සබඳතා තහවුරු කර ගැනීම මෙන්ම ශ්‍රී ලංකාවේ කෘෂිකර්ම නවීකරණ වැඩපිළිවෙළ සම්බන්ධයෙන් ද මෙහිදී නායක දෙපළ දීර්ඝ ලෙස සාකච්ඡා කර තිබෙනවා.

එකට එක්ව ඉදිරියට යාමේ නව මාර්ග සොයා ගැනීමේ නැවුම් ප්‍රවේශයක් ලෙස මෙම සාකච්ඡාව සැලකිය යුතු බවයි මෙහිදී අවධාරණය කෙරුණේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කතාව අස්සේ අර්චුනාට ආ කෑම ප්‍රශ්නය.."මොන මඟුල් පාර්ලිමේන්තුවක්ද මේක..කෑම නෑ පාර්ලිමේන්තුවේ
01:19
Video thumbnail
"මෙරට සිදුවූ සෑම ව්‍යසනයකදීම සාක්ෂිකාරයින් වුණේ පොලිසිය"වැටිච්ච තැනින් නැගිටින්න මේ හොඳම අවස්ථාව
10:21
Video thumbnail
විමල් වීරවංශ අපේ නායකයා හිටියනම් අද එක්කෝ ජනාධිපති නැත්තම් අගමැති වෙන්න තිබුණා
10:22
Video thumbnail
රෝහිණී පාර්ලිමේන්තුව දෙවනත් කරයි.."උද්#ච්චකම තියන් වැඩ කරන්න එපා Please"
09:17
Video thumbnail
කුකුල් කූඩුවකට රිංගූ සුදු නාගයෙකු දැඩි පරිශ්‍රමයක් දරා අල්ලාගත් හැටි.."මේකට ග#යි යකෝ ගනින් ගිහින්"
04:14
Video thumbnail
20 - 20 ලෝක කුසලානය තෙක් කණ්ඩායමේ නායකයා ලෙස දසුන් ශානකව පත්කරයි
03:05
Video thumbnail
ශාන්තිකර්මයක් කරන අස්සේ කපුවෙකුට‍ කිනිසි පෙන්නලා රත්තරං මංකොල්ල කෑ පුද්ගලයෙකුට වැඩ වරදියි
00:55
Video thumbnail
වැඩ තහනම් කෙරූ වෛද්‍ය බෙල්ලෙන බඩු මුට්ටුත් අකුලන් දොට්ට බහියී..රස්සාවක් නැතිවුණොත් මං හිඟා කනවා
02:13
Video thumbnail
අජිත්ගේ අධි නීතිඥකමක් නිසා සජිත් හර්ෂණ පාර්ලිමේන්තුවේ රත්වෙයි.."රටේ අධි නීතිඥ කියලා තනතුරක් නෑ"
03:46
Video thumbnail
පාස්කු ප්‍රහාරයට සම්පූර්ණයෙන්ම වගකියන්න ඕනේ රාජපක්ෂලා..වැස්ස නවත්තන්න ඇයි අනුර, වැහි දෙයියො ද ?
10:37


?