ශ්‍රී ලංකා – වියට්නාම නායකයන් අතර හමුවක්

අග්නිදිග ආසියාව සහ ශ්‍රී ලංකාව අතර සබඳතා ශක්තිමත් කිරීමේ වේදිකාවක් ලෙස වියට්නාමය ක්‍රියා කිරීමට සූදානම් බව වියට්නාම ජනාධිපති වෝ වාන් තුවොං (Vo Van Thuong) මහතා පවසනවා.

ශ්‍රී ලංකාව සහ වියට්නාමය අතර ආර්ථික, සමාජයීය සහ සංස්කෘතික සබඳතා ශක්තිමත් කිරීම වෙනුවෙන් තමන් සෑමවිටම මූලිකත්වය ගන්නා බවයි ඔහු ප්‍රකාශ කර ඇත්තේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ වියට්නාම ජනාධිපති වෝ වාන් තුවොං (Vo Van Thuong) මහතා අතර ද්විපාර්ශ්වික සාකච්ඡා 03 වන “එක් තීරයක් – එක් මාවතක්” ජාත්‍යන්තර සමුළුවට සමගාමීව අද (18) පස්වරුවේ බීජිං නුවරදී පැවති අවස්ථාවේදී වියට්නාම ජනාධිපතිවරයා මේ බව අවධාරණය කළා.

දෙරටට බලපාන වැදගත් කරුණු ගණනාවක් පිළිබඳ මෙහිදී නායක දෙපළ සාකච්ඡා කර තිබෙනවා.

ශ්‍රී ලංකාව සහ වියට්නාමය අතර ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කර ගැනීමේ අරමුණින් දෙරටේ විදේශ අමාත්‍යවරුන්ගේ ප්‍රධානත්වයෙන් කාර්ය සැලසුමක් සැකසීමට ද තීරණය වූ බව සඳහන්.

ශ්‍රී ලංකාවේ වත්මන් ආර්ථික තත්ත්වය සහ අනාගත අපේක්ෂා සම්බන්ධයෙන් මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා මෙහිදී කරුණු පැහැදිළි කරනු ලැබුවා.

වැටී තිබූ වියට්නාම ආර්ථිකය යළි ගොඩනැඟීම සඳහා වියට්නාමය අනුගමනය කළ පිළිවෙත පිළිබඳවද එහිදී මුහුණ දීමට සිදු වූ අභියෝග පිළිබඳවද වියට්නාම ජනාධිපතිවරයා කරුණු පෙන්වා දුන්නා.

දෙරට අතර ආර්ථික සහ වෙළෙඳ සබඳතා තහවුරු කර ගැනීම මෙන්ම ශ්‍රී ලංකාවේ කෘෂිකර්ම නවීකරණ වැඩපිළිවෙළ සම්බන්ධයෙන් ද මෙහිදී නායක දෙපළ දීර්ඝ ලෙස සාකච්ඡා කර තිබෙනවා.

එකට එක්ව ඉදිරියට යාමේ නව මාර්ග සොයා ගැනීමේ නැවුම් ප්‍රවේශයක් ලෙස මෙම සාකච්ඡාව සැලකිය යුතු බවයි මෙහිදී අවධාරණය කෙරුණේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මරික්කාරයා දැන් මෙහෙම නම් බලය ගත්තම මුන් වගේ පි#සෝ වෙන කොහෙවත් නෑ - අපිලගේ සාදුට යකා නගියි
03:56
Video thumbnail
22 වැනි ව්‍යවස්ථාව සංශෝධනය වැඩි ඡන්දයෙන් සම්මත වෙයි
00:48
Video thumbnail
යකෝ රටේ මහ ඇතාට වෙ# වැදිලා මුන් මේක අස්සේ
01:45
Video thumbnail
රු.2500ට 25000ක් විදේශිකයින්ගෙන් අරගෙන ගිය ත්‍රීවිල් රියදුරු - බැලුවේ නෑ..ඔතලා දුන්න එක මං දාගත්තා
05:59
Video thumbnail
රු.2500ට 25000ක් විදේශිකයින්ගෙන් අරගෙන ගිය ත්‍රීවිල් රියදුරු
01:52
Video thumbnail
ලාල්කාන්ත මල්ලි මහ ගොන් පාට් දාන්නේ..මෝඩ කතා - මේවා හෙ# ගහන අපරාධ..සෙල්ලම් කරන්න හදන්න එපා
06:28
Video thumbnail
පුවක් වල්ල පොලේ ගැහුවා වගේ විපක්ෂය..ඇතුළේ කචල් - කවුරුහරි ලණුවක් දුන්නානේද ?
07:11
Video thumbnail
"යකෝ රටේ මහ ඇතාට වෙ# වැදිලා මුන් මේක අස්සේ"මිනිස්සු වනජීවී දෙපාර්තමේන්තුව වටලයි
07:02
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.09.25
10:41:21
Video thumbnail
මාලිමා මන්ත්‍රීවරයෙක්ට දයාසිරි නැගිටලා හොඳ පදෙන්ම දෙසයි - මම ඔය එක එක පක්ෂවලට රිංගුවේ නෑ
04:39