ශ්‍රී ලංකා රග්බි සම්මේලනයේ නිලවරණය පවත්වන ලෙස ඉල්ලා ගොනු කළ රිට් පෙත්සම විභාගයට දින දෙයි

ශ්‍රී ලංකා රග්බි සම්මේලනයේ නිලවරණය පවත්වන ලෙස නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ගොනු කෙරුණු රිට් පෙත්සමක් සලකා බැලීම සඳහා ලබන 15 වැනිදා කැඳවන ලෙස අභියාචනාධිකරණය දින නියම කර තිබෙනවා.

හිටපු ජාතික රග්බි ක්‍රීඩකයෙකු වූ වරුණ ද සිල්වා විසින් පෙත්සම ඉදිරිපත් කර ඇති බවයි දසත අධිකරණ වාර්තාකාරිණිය පැවසුවේ.

ඒ පෙත්සම අද (30) අභියාචනාධිකරණයේ වැඩ බලන සභාපති මොහොමඩ් ලෆාර් තාහීර් සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන අයගෙන් සමන්විත විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබුවා.

එහිදී පෙත්සම්කරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා අධිකරණය හමුවේ කරුණු දක්වමින් කොළඹ දිසා අධිකරණය හමුවේ ඇති කරගත් එකඟතාවයකට අනුව ඉකුත් ජනවාරි මස 25 වැනිදා රග්බි සම්මේලනයේ නිලවරනය පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කෙරුණු බව පෙන්වා දුන්නා.

එහෙත් ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ නියෝගයට අනුව එදින එම නිලවරණය පැවැත්වීම අත්හිටවනු ලැබූ බවත් එය සම්පූර්ණයෙන්ම අධිකරණයට අපහාසාත්මක ක්‍රියාවක් බවත් ජනාධිපති නීතිඥවරයා චෝදනා කළා.

මේ නිසා එම නිලවරණයට ඉදිරිපත් වූ නාමයෝජනා සම්බන්ධයෙන් ගැටලුකාරී තත්ත්වයක් මතු වී තිබෙන බවත් ඔහු පැවසුවා.

ඉන් අනතුරුව නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් සුමති ධර්මවර්ධන අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම නඩුකරයට සමාන අධිකරණයට අපහාස කිරීම පිළිබඳ නඩුකරයක් ලබන 15 වැනිදා කැඳවීමට නියමිතව තිබෙන බව සඳහන් කළා.

මෙම පෙත්සමත් එදින කැඳවන ලෙස අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයා අධිකරණයෙන් ඉල්ලා සිටියා.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලු විනිසුරු මඩුල්ල අදාළ පෙත්සමේ කරුණු තහවුරු කිරීම සඳහා ලබන 15 වැනිදා කැඳවන ලෙස නියම කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බස්වලට නැගලා සද්දේ දාන සිඟිති පාතාලේ - මූණ කු#ඩුවෙන්න දෙන්නේ
01:55
Video thumbnail
රනිල් බුද්ධ ශාසන ඇමතිව අගය කරයි
04:54
Video thumbnail
රනිල් - මහින්ද - මෛත්‍රී - ගෝඨා එකට රැස්වෙයි
02:15
Video thumbnail
ශ්‍රී මහ බෝධියට ජන ගඟක් ගලාගෙන එයි
01:15
Video thumbnail
බෙල්ලන්විල රජමහ විහාරය සිල් සුවඳින් පිරී යයි
01:08
Video thumbnail
'ස්ට්‍රෙන්ත් ඇන්ඩ් හාමනි' සම්මානය දිනා හංසනා දිවයිනට
00:44
Video thumbnail
දෙල්ගොඩ කර්මාන්ත ශාලාවක ලොකු ගින්නක්
02:46
Video thumbnail
ප්‍රබලයින්ගේ වීඩියෝ සෙට් එකක්ම ලීක් වෙයි ? නාමල් රාජපක්ෂ මේක කිව්වට ඒ කාලේ උත්තර දුන්නේ නෑ
10:46
Video thumbnail
අපිට සල්ලි වෙලාවට ලැබිලා තියෙනවා..ඕවා කට කතා..මැටි ගෙයක් වෙනුවට දැන් තට්ටු දෙකේ ගෙයක්
04:50
Video thumbnail
සජිත්ට දේදුන්න පෙන්නන්න එපා..දැක්ක ගමන් පොරට සමලිංගික නැමියාවක් එනවා
19:37


?