ශ්‍රී ලංකා රග්බි ක්‍රීඩාවට පනවා තිබූ තහනම ඉවතට

ලෝක රග්බි කවුන්සිලය විසින් ශ්‍රී ලංකා රග්බි ක්‍රීඩාවට පනවා තිබූ තහනම ඉවත් කර තිබෙනවා.

ආසියානු රග්බි සම්මේලනයේ සභාපති “කයිස් අල් දලායි” මහතා සහ ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා අතර හමුවක් අද උදෑසන ඩුබායිහිදී පැවැත් වුණා.

ලෝක රග්බි කවුන්සිලය විසින් ශ්‍රී ලංකා රග්බි ක්‍රීඩාවට පනවා තිබූ තහනම මීට දින කිහිපයකට පෙර, පැරීසියේ දී පැවති රැස්වීමකදී ඉවත් කළ බව එහිදී කයිස් අල් දලායි මහතා තහවුරු කළ අතර, එම තීරණය නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමට නියමිත බවයි වැඩිදුරටත් සඳහන් කළේ.

තවද, මෙහිදී රග්බි ක්‍රීඩාවේ අභිවෘද්ධිය සඳහා සැලකිය යුතු දායකත්වයක් ලබා නොදෙන සංගම්හි ඡන්ද අයිතිය ඉවත් කරමින්, ශ්‍රී ලංකා රග්බි ක්‍රීඩාවේ අනාගතය වෙනුවෙන් නව උපාය මාර්ගික ක්‍රමවේදයන් සැකසීම සඳහා ව්‍යවස්ථාවට අවශ්‍ය සංශෝධන ඇතුලත් කිරීම පිළිබඳව එහිදී වැඩිදුරටත් සාකච්ඡා කර තිබෙනවා.

ශක්තිමත් පාලන ව්‍යූහයක් නිර්මාණය කිරීමටත්, ඉදිරියේදී ජාත්‍යන්තර තරග සඳහා ඉදිරිපත්වීමට ශ්‍රී ලංකා රග්බි කණ්ඩායමට අවස්ථාව ලබාදීම පිළිබඳව ලෝක සහ ආසියානු රග්බි සම්මේලනයන්හි නිලධාරීන්ට ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා ස්තූතිය පළ කළා.

මෙම සාකච්ඡාවට ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර රග්බි සම්බන්ධීකාරක “අසා‍රත් ඩීන්” මහතා ද එක්ව සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ශානි අබේසේකර ගෙදර යන්න
07:15
Video thumbnail
ගම්මන්පිලට යකා ආරූඪ වෙයි"මේක මගේ පොත නෙවෙයි..ව්‍යාජ එකක්"..රහස් පොලිසිය බුද්ධිමය දේපළ හොරකම් කරලා
06:03
Video thumbnail
ඩිල්කා, සුදාගෙන් මිලියන 100ක් ඉල්ලයි - Australia පොලිසියටත් පැමිණිලි
05:03
Video thumbnail
GMOA එකෙන් ඇමති නලින්දට අභියෝගයක්..ප්‍රථමයෙන්ම පැමිණිලි කරන්න ඕනි ඔයාට විරුද්ධව
11:01
Video thumbnail
අනුරට බෑ කියලා උඩ ඉන්න දෙයියෝත් දන්නවා
06:23
Video thumbnail
යතුරුපැදිකරු බරපතළ කළ බිහිසුණු අනතුර..බයික් එක කුඩේ කුඩු
01:04
Video thumbnail
විපක්ෂයට වෙන කියන්න දෙයක් නැති නිසා ගල් අඟුරු ගැන කියවන්නේ
05:03
Video thumbnail
විදුලි බිල 50%වත් වැඩි කරන්න ඕනිලු..ජනාධිපතිතුමා වැඩ බැරි ඇමතිලා ගෙදර යවන්න
01:47
Video thumbnail
පෙරටුගාමීන් පාරට බැහැලා නගරයම දෙකක් කරයි..අපේ රට යුද පිටියක් වෙන එක නවත්තන්න බැහැ
07:45
Video thumbnail
මිහින්තලේ ප්‍රදේශයට දැඩි වර්ෂාපතනයක් ඇද හැලුනු හැටි මෙන්න
01:16