ශ්‍රී ලංකා බලාපොරොත්තුව තවත් ඈත් කරමින් නවසීලන්තය අවසන් පූර්ව වටයට

විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමේ ශ්‍රී ලංකාවේ බලාපොරොත්තු තව දුර යවමින් අයර්ලන්තය කණ්ඩායම අද නවසීලන්තය ඉදිරියේ පරාජයට පත් වුණා.

ඒ අනුව සුපිරි 12 වටයේ පැවති මෙම තරගය නවසීලන්තය ජය ගත්තේ ලකුණු 35කින්.

මෙම පරාජයත් සමඟ මෙවර 20-20 ලෝක කුසලාන තරගාවලියෙන් ඉවත්වීමට අයර්ලන්තයට අද සිදු වුණා.

නවසීලන්තය ලැබූ මෙම ජයත් සමඟ එම කාණ්ඩයේ ප්‍රසාද ලකුණු 07ක් හිමි කරගනිමින් නවසීලන්තය 2022 ලෝක කුසලාන තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබූ පළමු කණ්ඩායම බවට පත්වුණා.

මේ අතර ශ්‍රී ලංකා කණ්ඩායමට අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමට නම් ඕස්ට්‍රේලියාව සහ ඇෆ්ගනිස්ථානය අතර අද (04) පැවැත්වෙන තරගය ඕස්ට්‍රේලියාව පරාජය විය යුතු වනවා.

එමෙන්ම ශ්‍රී ලංකාව හෙට (05) එංගලන්තය සමඟ මුහුණ දෙන තරගය ජය ගැනීම ද අනිවාර්ය සාධකයක් බවට මේ වනවිට පත්ව තිබෙනවා.

අද පැවති නවසීලන්තට සහ අයර්ලන්ත අතර තරගයේ වාසිය දිනා ගැනීමට අයර්ලන්ත කණ්ඩායම සමත් වූ අතර ඔවුන් තීරණය කළේ පළමුවෙන් පන්දුවට පහරදීමේ අවස්ථාව නවසීලන්තයට ලබාදීමටයි

ඒ, අනුව නවසීලන්ත පිතිකරුවන් නියමිත පන්දුවාර 20 තුළ කුඩුලු 06 දැවී 185ක ලකුණු පුවරුවක් නිර්මාණය කළා.

ලකුණු 186ක ජයග්‍රාහී ඉලක්කය හඹායෑමට පිටියට පිවිසි අයර්ලන්ත පිතිකරුවන්ට නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 09ක් දැවී ලබාගත හැකිවූයේ ලකුණු 150ක් පමණයි.

ඒ, අනුව මෙම තරග නවසීලන්තය ලකුණු 35කින් ජය ගැනීමට සමත් වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොට්ටහච්චිට යකෙක් ඇවිත් වද මලක් දෙයි..අනේ.."Thank you" කිව්වම මට මොකක්දෝ වෙනවා
00:49
Video thumbnail
සජිත් ආණ්ඩුවට අනතුරු අඟවයි
06:19
Video thumbnail
නැට්ටුක්කාරියන්ගේ කොටසාය දැකලා ක්‍රිකට් කොල්ලෝ පිස්සු කෙ#ලියා
02:24
Video thumbnail
ජෙනරාල් සලේව අල්ලගෙන නටන රූකඩ නාඩගම හෙළා දකිනවා - හිටපු නියෝජ්‍ය .කතානායක අජිත්ගෙන් දැඩි ප්‍රකාශයක්
02:58
Video thumbnail
දයාසිරි ශ්‍රීලනිපයේ කරන්න යන වැඩේ - දැඩි තීන්දුවක් ගනී
11:22
Video thumbnail
එයා සාම දූතයනේ - විමල් වීරවංශගෙන් සැර හින්ට් එකක්
05:33
Video thumbnail
පෙර පාසල් ගුරුවරුන්ගේ ඩාන්ස් බලන්න ගිය කොට්ටහච්චි..අමුතු හිනාවකුත් දාලා අත්පුඩි ග#න හැටි
01:37
Video thumbnail
සලේ අත්අඩංගුවට ගැනීමට ආණ්ඩුව මැදිහත් වුණේ නෑ
06:46
Video thumbnail
ලංකාව මැච් ෆික්සින් කරලා..? ආන්දෝලනාතමක් හෙළිදරව්වක්
10:01
Video thumbnail
විමල්ට නහුතෙටම තදවෙයි..ජනපති අනුර ජොගින් යන්නේ සලේ නිසා
08:26


?