ශ්‍රී ලංකා බලාපොරොත්තුව තවත් ඈත් කරමින් නවසීලන්තය අවසන් පූර්ව වටයට

විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමේ ශ්‍රී ලංකාවේ බලාපොරොත්තු තව දුර යවමින් අයර්ලන්තය කණ්ඩායම අද නවසීලන්තය ඉදිරියේ පරාජයට පත් වුණා.

ඒ අනුව සුපිරි 12 වටයේ පැවති මෙම තරගය නවසීලන්තය ජය ගත්තේ ලකුණු 35කින්.

මෙම පරාජයත් සමඟ මෙවර 20-20 ලෝක කුසලාන තරගාවලියෙන් ඉවත්වීමට අයර්ලන්තයට අද සිදු වුණා.

නවසීලන්තය ලැබූ මෙම ජයත් සමඟ එම කාණ්ඩයේ ප්‍රසාද ලකුණු 07ක් හිමි කරගනිමින් නවසීලන්තය 2022 ලෝක කුසලාන තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබූ පළමු කණ්ඩායම බවට පත්වුණා.

මේ අතර ශ්‍රී ලංකා කණ්ඩායමට අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමට නම් ඕස්ට්‍රේලියාව සහ ඇෆ්ගනිස්ථානය අතර අද (04) පැවැත්වෙන තරගය ඕස්ට්‍රේලියාව පරාජය විය යුතු වනවා.

එමෙන්ම ශ්‍රී ලංකාව හෙට (05) එංගලන්තය සමඟ මුහුණ දෙන තරගය ජය ගැනීම ද අනිවාර්ය සාධකයක් බවට මේ වනවිට පත්ව තිබෙනවා.

අද පැවති නවසීලන්තට සහ අයර්ලන්ත අතර තරගයේ වාසිය දිනා ගැනීමට අයර්ලන්ත කණ්ඩායම සමත් වූ අතර ඔවුන් තීරණය කළේ පළමුවෙන් පන්දුවට පහරදීමේ අවස්ථාව නවසීලන්තයට ලබාදීමටයි

ඒ, අනුව නවසීලන්ත පිතිකරුවන් නියමිත පන්දුවාර 20 තුළ කුඩුලු 06 දැවී 185ක ලකුණු පුවරුවක් නිර්මාණය කළා.

ලකුණු 186ක ජයග්‍රාහී ඉලක්කය හඹායෑමට පිටියට පිවිසි අයර්ලන්ත පිතිකරුවන්ට නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 09ක් දැවී ලබාගත හැකිවූයේ ලකුණු 150ක් පමණයි.

ඒ, අනුව මෙම තරග නවසීලන්තය ලකුණු 35කින් ජය ගැනීමට සමත් වුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාග බස්තමත් අරගෙන යන එකට ජනපති හිනාවෙවී ගහපු හින්ට් එක - හෙට මොන පි#ස්සුවක් නටයිද දන්නේ නෑ ?
08:01
Video thumbnail
Kingsbury හෝටලයට සරත් වීරසේකරගෙන් එන්තරවාසියක් - හෝටලයේ CCTV දර්ශන විකෘති කරලා
03:23
Video thumbnail
රටේ ආර්ථිකය ගැන ජනපති වේදිකාවේ උජාරුවෙන් කිව්ව කතාව - අලුතෙන් බදු ගහලා නෑ - තිබ්බ ඒවත් අඩු කළා
11:32
Video thumbnail
තරුණියකගේ දුරකථයක් ඉස්සූ සොරාට ගම්මු එකතුවෙලා ගුටි පූජාවක් දෙයි
01:24
Video thumbnail
කැමරා ප්‍රදර්ශනයක් බලන්න ගිය සජිත්ව හතර වටින්ම වට කරගෙන කට්ටිය සෙල්ෆි ගහයි
02:51
Video thumbnail
ජනපති අනුර කුමාර සහභාගීවන ජාතික විද්වත් සංවිධානයේ ජාතික සමුළුව
00:00
Video thumbnail
ජාතික විද්වත් සංවිධානයේ වේදිකාවට ජනපති අනුර ගැම්මට ආපු හැටි - මිනිස්සු නැගිටලා ප්‍රීති ඝෝෂා නගයි
01:28
Video thumbnail
ලෝකයේ අර්බුදයක් තියෙනවා කියලා අපිට අමතකවෙලා - සමස්ත බර බදු මුදල්වලින් දරාගෙන ඉන්නේ
02:49
Video thumbnail
උඩුවර නව කොළනිය ගල් පෙරලීමේ අවදානමක්..තවත් ගල් ගැලවෙන්න පුළුවන් ?
00:51
Video thumbnail
"පුතේ ජීවිතේ කෙටි පාරවල් නෑ.."අගමැතිනිය ළමයි ඉදිරියේ කිව්ව සුපිරි කතාව
03:24