AFC Banner
AFC Banner
Empty Ad

ශ්‍රී ලංකා පළමු ඉනිම ප්‍රබල තැනක නවතී

සංචාරක නවසීලන්තය සමඟ පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකාව කඩුලු 05ක් දැවී ලකුණු 602ක් රැස්කරගෙන සිටිය දී සිය ඉනිම අත්හිටුවන්නට තීරණය කළා.

ශ්‍රී ලංකා ඉනිම වෙනුවෙන් ශතක තුනක් වාර්තා වූ අතර, දිනේෂ් චන්දිමාල්, කමිඳු මෙන්ඩිස් සහ කුසල් මෙන්ඩිස් එම ශතක ලාභීන් වුණා.

ඒ, අනුව දිනේෂ් චන්දිමාල් ලකුණු 116ක්, කුසල් මෙන්ඩිස් ලකුණු 106ක් සහ කමිඳු මෙන්ඩිස් ලකුණු 182ක් ශ්‍රී ලංකා පළමු ඉනිමට එක් කළා.

කඩුලු දවාගැනීමේ දී ග්ලෙන් ෆිලිප්ස් ශ්‍රී ලංකා පළමු ඉනිමේ කඩුලු 03ක් බිඳ දැමුවා.

ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේ දී පැවැත්වෙන මෙම තරගයේ දෙවන දිනය අදයි.

මේ අතර 2020 වසරේ සිට මේ දකවා ජාත්‍යන්තර ටෙස්ට් පිටියේ දී වැඩිම ඉනිම් සංඛ්‍යාවක දී ලකුණු 500 සීමාව ඉක්මවා ගිය රට බවට ශ්‍රී ලංකාව අද පත් වුණා.

ඒ, අනුව ශ්‍රී ලංකාව අවස්ථා 08ක දී ලකුණු 500ට වඩා රැස්කරගෙන තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
1
+1
2
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?