AFC Banner
Empty Ad
Empty Ad

ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ ජනපති අනුරට ලිපියක්

ශ්‍රී ලංකාවේ 09 වන විධායක ජනාධිපතිවරයා ලෙස තේරී පත්වූ අනුර කුමාර දිසානායකට සුබ පැතුම් එක් කරමින් ශ්‍රී ලංකා නීතිඥ සංගමය ලිපියක් නිකුත් කර තිබෙනවා.

නව ජනාධිපතිවරයාට විධායක ජනාධිපති ධුරයේ කාර්යයන් සහ කර්තව්‍යයන් නොපිරිහෙළා ඉටු කිරීමට ශක්තිය ධෛර්යය ලැබේවායි එම ලිපියේ සඳහන්.

එමෙන්ම දේශපාලනමය, සමාජයීය සහ ආර්ථිකමය වශයෙන් රට තුළ ඇති දූෂිත සංස්කෘතිය මින් ඉදිරියට තුරන් වනු ඇතැයි ඔවුන් අපේක්ෂා කරන බව ශ්‍රී ලංකා නීතිඥ සංගමය අදාළ ලිපිය මඟින් දන්වා තිබෙනවා.

ඊට අමතරව නීතියේ ආධිපත්‍යය හා අධිකරණයේ ස්වාධීනත්වය බාධා රහිතව පවත්වාගෙන යනු ඇතැයි නව ජනාධිපති කෙරෙහි ජනතාව තැබූ විශ්වාසය ඔහු විසින් රැක ගනු ඇතැයි එහි සඳහන්.

එමෙන්ම අකාර්යක්ෂම රාජ්‍ය පරිපාලනය සහ මෙතෙක් අප මාතෘ භූමිය පුරා පැතිරී තිබූ දේශපාලනමය, සමාජයීය සහ ආර්ථිකමය වශයෙන් සිදුවී ඇති දූෂිත සංස්කෘතිය මින් ඉදිරියට තුරන් වනු ඇතැයි ද නීතිඥ සංගමය එහි සඳහන් කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?