ශ්‍රී ලංකා තොරතුරු කොමිසම පැවරූ පළමු නඩුවේ විත්තිකරුවන් නිදහස්

ශ්‍රී ලංකා තොරතුරු කොමිසමේ නියෝගයක් කඩ කළේ යැයි චෝදනා ලබා සිටි කැලණිය විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය නිලන්ති ද සිල්වා මහත්මිය සහ එම විශ්වවිද්‍යාලයේ ලේඛකාධිකාරී කේ. කේ. ධර්මතිලක යන අය නිදහස් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා නියෝග කර තිබෙනවා.

විත්ති පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සරත් ජයමාන්න මහතා ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුවයි මහේස්ත්‍රාත්වරයා එම තීන්දුව ලබා දුන්නේ.

මහාචාර්ය ප්‍රශාන්ති නාරංගොඩ මහත්මිය විසින් ඉදිරිපත් කරන ලද පැමිණිල්ලකට අනුව තොරතුරු කොමිසම විසින් මෙම නඩුව ගොනුකර තිබුණා.

2018 වසරේ ඇති වූ සිද්ධියක් සම්බන්ධයෙන් පැමිණිලිකාරියට අදාළව පැවති මූලික පරීක්ෂණයක වාර්තාව ලබා ලබා නොදීම තුළින් කොමිසමේ නියෝගයක් කඩ කළේ යැයි චෝදනා කර අදාළ කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් මෙම නඩුව විත්ති පාර්ශවයට එරෙහිව ගොනුකර තිබුණා.

මෙම නඩුව සම්බන්ධයෙන් මූලික විරෝධතා මතු කළ විත්තිය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සරත් ජයමාන්න මහතා තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ පනතේ විධි විධානයන්ට අනුව නඩු පැවරීමේ අයිතිය තිබෙන්නේ එම කොමිසමට පමණක් බව සඳහන් කළා.

එහෙත් මෙම නඩුව ගොනු කර තිබෙන්නේ අදාළ කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරයා බවත් අධ්‍යක්ෂ ජනරාල්වරයාට මෙවැනි නඩුවක් ගොනු කිරීමට බලයක් නොමැති බවත් ජනාධිපති නීතිඥ ජයමාන්න මහතා සිය මූලික විරෝධතාවල සඳහන් කර තිබෙනවා.

ඒ අනුව මෙම නඩුව පවරා පවත්වාගෙන යාමට නොහැකි බවයි ජනාධිපති නීතිඥවරයා පෙන්වා දුන්නේ.

එසේම මෙම පනත යටතේ නඩු පැවරීමට බලය තිබෙන්නේ ආයතන වලට මිස පුද්ගලයින්ට නොවන බවත් මෙම විත්තිකරුවන් දෙදෙනා නීතිවිරෝධී ආකාරයෙන් මෙම නඩුවට සම්බන්ධ කර තිබෙන බවත් ජනාධිපති නීතිඥවරයා සඳහන් කළා.

එම මූලික විරෝධතා පිළිබඳ කරුණු සලකා බැලූ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා කියාසිටියේ තොරතුරු දැනගැනීමේ පනත යටතේ මෙවැනි නඩුවක් ගොනු කිරීමට හැකියාව තිබෙන්නේ අදාළ කොමිසමේ නිල නාමය සහ නිල මුද්‍රාව යටතේ පමණක් බවයි.

අදාළ පනත යටතේ කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් වරයාට නඩු පැවරීමේ බලයක් නොමැති බවත් ඒ අනුව මෙම නඩුව පවත්වාගෙන යාමට නොහැකි බැවින් විත්තිකරුවන් නිදහස් කරන බවත් මහේස්ත්‍රාත්වරයා තම තීන්දුවේ සඳහන් කළා.

කෙසේ වෙතත් අදාළ කොමිසමේ නිල නාමය සහ නිල මුද්‍රාව යටතේ නැවත නඩු පැවරීමට මෙම නඩු තීන්දුව බාධාවක් නොවන බවයි මහේස්ත්‍රාත්වරයා වැඩිදුරටත් කියාසිටියේ.

මෙය තොරතුරු දැනගැනීමේ පනත යටතේ තොරතුරු කොමිසම විසින් පැවරූ පළමු නඩුව බවත් විත්තියේ නීතිඥවරු පවසනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
3
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
"අපේ බහුතරය අපි සහතික කළා"කොළඹ නගර සභාවේ මුදල් කාරක සභාවේ බලය ඒකාබද්ධ විපක්ෂයට
08:17
Video thumbnail
හිටපු ජනාධිපති රනිල් මහ සෙනඟක් එක්ක රුවන්වැලි මහාසෑයට හා ශ්‍රී මහා බෝධියට යයි
00:34
Video thumbnail
බදුල්ල දිස්ත්‍රික් කම්කරු කාර්යාලයේ බෝ#බ බියක්..කාර්යාලයේ නිලධාරින් ඔක්කොම ඉවත් කරයි
01:02
Video thumbnail
දිට්වා කරපු විනාශය නිසා සිරවී තිබෙන දුම්‍ රිය..හදිස්සියට ලෙඩෙක්වත් අරන් යන්න බැහැ..ගොඩක් අසරණවෙලා
08:28
Video thumbnail
ජෝශප් ස්ටාලින් ආණ්ඩුවට කඩේ යනවද..?තීරණ ගන්න බලපෑම් කරන්නේ අපි..ආණ්ඩුව තීරණ ගන්නේ..
11:34
Video thumbnail
"අනේ..පව්..යං පුතේ අලියා බය කරන්න"..බුත්තල - කතරගම මාර්ගයේ වන අලියෙකු වෑන් රථයකට ප#ර දෙන අයුරු
00:54
Video thumbnail
නිලධාරින් හා ගම්මු අතර දැඩි උණුසුමක්..සිංහලෙන් කියන්නේ..මෙච්චර කල් හැමෝම කේස් එක වහගෙන..
09:56
Video thumbnail
හිටපු ජනාධිපති රනිල් මහ සෙනඟක් එක්ක රුවන්වැලි මහාසෑයට හා ශ්‍රී මහා බෝධියට යයි
05:34
Video thumbnail
වින්ච් යන්ත්‍ර නිසා ධීවරයින් දැඩි උණුසුම් වෙයි..අපිම පත් කරගත්ත ආණ්ඩුව මෙහෙම කරයි කියලා හිතුවේ නෑ
05:55
Video thumbnail
කුඹුරට හොරෙන්ම ඇවිත් ඉන්නේ කවුද බලන්නකෝ
00:30


?