ශ්‍රී ලංකා තොරතුරු කොමිසම පැවරූ පළමු නඩුවේ විත්තිකරුවන් නිදහස්

ශ්‍රී ලංකා තොරතුරු කොමිසමේ නියෝගයක් කඩ කළේ යැයි චෝදනා ලබා සිටි කැලණිය විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය නිලන්ති ද සිල්වා මහත්මිය සහ එම විශ්වවිද්‍යාලයේ ලේඛකාධිකාරී කේ. කේ. ධර්මතිලක යන අය නිදහස් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා නියෝග කර තිබෙනවා.

විත්ති පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සරත් ජයමාන්න මහතා ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුවයි මහේස්ත්‍රාත්වරයා එම තීන්දුව ලබා දුන්නේ.

මහාචාර්ය ප්‍රශාන්ති නාරංගොඩ මහත්මිය විසින් ඉදිරිපත් කරන ලද පැමිණිල්ලකට අනුව තොරතුරු කොමිසම විසින් මෙම නඩුව ගොනුකර තිබුණා.

2018 වසරේ ඇති වූ සිද්ධියක් සම්බන්ධයෙන් පැමිණිලිකාරියට අදාළව පැවති මූලික පරීක්ෂණයක වාර්තාව ලබා ලබා නොදීම තුළින් කොමිසමේ නියෝගයක් කඩ කළේ යැයි චෝදනා කර අදාළ කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් මෙම නඩුව විත්ති පාර්ශවයට එරෙහිව ගොනුකර තිබුණා.

මෙම නඩුව සම්බන්ධයෙන් මූලික විරෝධතා මතු කළ විත්තිය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සරත් ජයමාන්න මහතා තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ පනතේ විධි විධානයන්ට අනුව නඩු පැවරීමේ අයිතිය තිබෙන්නේ එම කොමිසමට පමණක් බව සඳහන් කළා.

එහෙත් මෙම නඩුව ගොනු කර තිබෙන්නේ අදාළ කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරයා බවත් අධ්‍යක්ෂ ජනරාල්වරයාට මෙවැනි නඩුවක් ගොනු කිරීමට බලයක් නොමැති බවත් ජනාධිපති නීතිඥ ජයමාන්න මහතා සිය මූලික විරෝධතාවල සඳහන් කර තිබෙනවා.

ඒ අනුව මෙම නඩුව පවරා පවත්වාගෙන යාමට නොහැකි බවයි ජනාධිපති නීතිඥවරයා පෙන්වා දුන්නේ.

එසේම මෙම පනත යටතේ නඩු පැවරීමට බලය තිබෙන්නේ ආයතන වලට මිස පුද්ගලයින්ට නොවන බවත් මෙම විත්තිකරුවන් දෙදෙනා නීතිවිරෝධී ආකාරයෙන් මෙම නඩුවට සම්බන්ධ කර තිබෙන බවත් ජනාධිපති නීතිඥවරයා සඳහන් කළා.

එම මූලික විරෝධතා පිළිබඳ කරුණු සලකා බැලූ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා කියාසිටියේ තොරතුරු දැනගැනීමේ පනත යටතේ මෙවැනි නඩුවක් ගොනු කිරීමට හැකියාව තිබෙන්නේ අදාළ කොමිසමේ නිල නාමය සහ නිල මුද්‍රාව යටතේ පමණක් බවයි.

අදාළ පනත යටතේ කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් වරයාට නඩු පැවරීමේ බලයක් නොමැති බවත් ඒ අනුව මෙම නඩුව පවත්වාගෙන යාමට නොහැකි බැවින් විත්තිකරුවන් නිදහස් කරන බවත් මහේස්ත්‍රාත්වරයා තම තීන්දුවේ සඳහන් කළා.

කෙසේ වෙතත් අදාළ කොමිසමේ නිල නාමය සහ නිල මුද්‍රාව යටතේ නැවත නඩු පැවරීමට මෙම නඩු තීන්දුව බාධාවක් නොවන බවයි මහේස්ත්‍රාත්වරයා වැඩිදුරටත් කියාසිටියේ.

මෙය තොරතුරු දැනගැනීමේ පනත යටතේ තොරතුරු කොමිසම විසින් පැවරූ පළමු නඩුව බවත් විත්තියේ නීතිඥවරු පවසනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
3
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.07.14
01:05:46
Video thumbnail
අග්‍රාමාත්‍යතුමිය කට්ටිය වටකරගෙන කටාර් බලා ගිය හැටි
00:55
Video thumbnail
Scanner යන්ත්‍රවලටත් හසු නොවන අයුරින් බහාලුමක සඟවා තිබූ නීතිවිරෝධී දුම් වැටි තොගයක් කොටුවෙයි
06:37
Video thumbnail
ආබාධිත බිරිඳයි, දරුවොයි එක්ක අසරණ වෙලා ඉන්න පවුලක් - අපේ අස්වැසුමත් කපලා දාලා තියෙන්නේ
03:45
Video thumbnail
තම කර්මාන්තයට වනජීවී එක බාධා කිරීම නිසා ගමුන්ට යකා නගියි - හොරෙන් හරි ගිහින් අපි වේවැල් ක#නවා
08:06
Video thumbnail
ඉඩමක් ඉදිරියේ හදපු කඩයක් නිසා මහ පාරේ උණුසුම් තත්ත්වයක් - ප්‍රාදේශීය ලේකම්ගේ හයියද මේ ?
07:33
Video thumbnail
අග්‍රාමාත්‍යතුමිය කට්ටිය වටකරගෙන කටාර් බලා ගිය හැටි
01:18
Video thumbnail
විපක්ෂයට ඕනි උසාවි, පොලිසි, බන්ධනාගාර නැති රටක් - ඒවා අතේ තියාගෙන හිටියේ ඉස්සර
02:22
Video thumbnail
ජගත්ගෙන් විපක්ෂයට සැර සත්තමක් - ආණ්ඩුවක් ආවොත්නේ අපිට නීතිමය ක්‍රියාමාර්ග ගන්නේ
03:32
Video thumbnail
බන්ධනාගාර සිද්ධිය ගැන ජගත් කට අරියි - අධිකරණ ඇමති ඉල්ලා අස්වෙන්න ඕනි නෑනේ
04:16