ශ්‍රී ලංකා – කියුබා ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කර ගැනීමේ අවස්ථා පිළිබඳ අවධානය

ශ්‍රී ලංකාව සහ කියුබාව අතර ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීමේ අවස්ථාවන් පිළිබඳ පාර්ලිමේන්තුවේදී පැවති ශ්‍රී ලංකා කියුබා පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ රැස්වීමේදී අවධානය යොමු වී තිබෙනවා.

එම සංගමයේ විධායක කමිටු රැස්වීම සංගමයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස විතාරණ මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වූ අවස්ථාවේදී යි මේ පිළිබඳව සාකච්ඡා වී ඇත්තේ.

ශ්‍රී ලංකාවේ කියුබානු තානාපති අන්දේර්ස් මාකෙලෝ ගරිඩෝ (Andres Marcelo Garrido) මහතා ද මේ අවස්ථාවට එක්ව සිටියා.

ශ්‍රී ලංකාව සහ කියුබාව දීර්ඝ කාලයක සිට සෑම අවස්ථාවකදීම එකිනෙකාට සහයෝගය දක්වමින් ජාත්‍යන්තර වශයෙන් මිත්‍ර රටවල් ලෙස කටයුතු කරන අතර මෙම ප්‍රවණතාවය තවත් වැඩි කළ යුතු බවයි තිස්ස විතාරණ මහතා මෙහිදී ප්‍රකාශ කළේ.

ශ්‍රී ලංකාවේ විවිධ පළාත්වල ශ්‍රී ලංකා කියුබා මිත්‍රත්ව සංවිධාන ආරම්භ කිරීමෙන් ශ්‍රී ලංකාවාසීන්ට කියුබාව පිළිබඳ දැනගැනීමට එය අවස්ථාවක් වනු ඇතැයි ද ඔහු සඳහන් කළා. ඒ අනුව ශ්‍රී ලංකා කියුබා මිත්‍රත්ව සංවිධාන තම ප්‍රදේශවල ආරම්භ කිරීමට ඉදිරිපත් වන ලෙසටයි ඔහු පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ විධායක කමිටු සාමාජිකයින්ට ආරාධනා කළේ.

මෙහිදී අදහස් දැක්වූ ශ්‍රී ලංකාවේ කියුබානු තානාපති අන්දේර්ස් මාකෙලෝ ගරිඩෝ මහතා, කියාසිටියේ කියුබානු – ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමය පසුගියදා කියුබානු පාර්ලිමේන්තුවේදී ආරම්භ කළ අතර දෙරට අතර සබඳතා ශක්තිමත් කර ගැනීමට එහි සාමාජිකයන් උනන්දු වන බවයි. එමෙන්ම කියුබාව මුහුණ දුන් විවිධ අභියෝගවලදී ශ්‍රී ලංකාව ලබාදුන් සහයෝගිතාව පිළිබඳව ද ඔහු කෘතඥතාව පළ කර තිබෙනවා. එසේම දෙරට අතර ක්‍රීඩා, වෙළෙඳ ආදී ක්ෂේත්‍රවල ද්විපාර්ශ්වික සබඳතා වැඩිදියුණු කර ගැනීමට අවස්ථා පවතින බව පැවසූ කියුබානු තානාපතිවරයා නොවැම්බර් මස මුලදී පැවැත්වෙන හවානා ජාත්‍යන්තර ප්‍රදර්ශනයට සහභාගී වන ලෙස ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයන්ට ආරාධනාවක් ද සිදු කළා.

මෙහිදී අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍ය සුරේන් රාඝවන් මහතා සඳහන් කළේ, කියුබානු රජය සමඟ එක්ව ශ්‍රී ලංකාව තුළ වෛද්‍ය විද්‍යාලයක් ආරම්භ කිරීමේ හැකියාව පවතින අතර මේ සඳහා වන සංකල්ප පත්‍රිකාවක් මේ වන විටත් සකස් කර අවසන් බවත් එය මිත්‍රත්ව සංගමයට ද ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කවුද මේවට අවසර දුන්නේ.. ජනාධිපතිතුමා සැර වෙයි
09:01
Video thumbnail
රටේ ව්‍යවසනයන් අතර ජාවාරම්කාරයන් ගැන අපි මෙහෙයුම් කළා..නාකොටික් DIG සියල්ල හෙළිකරයි
03:57
Video thumbnail
සජිත් ආණ්ඩුවට දෙහි කපයි
11:00
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා  "වීරා"
00:36
Video thumbnail
බදුල්ල මඩකලපුව A5 මාර්ගය මිල්ලබැද්ද ප්‍රදේශයෙන් ගිලා බසියි..මුළු පාරම ඉවරයි..හැම තැනම ඉරිතලලා
03:22
Video thumbnail
විපතට පත් වූවන් සජිත් ළඟ දුක කියා හඬා වැටෙයි
04:09
Video thumbnail
ගංවතුරෙන් නිවාස ය#වීම නිසා කොටිකාවත්ත ගම්මු දැඩි අසරණවෙයි..සුද්ද කරන්න සුමාන දෙකක්වත් යයි
03:55
Video thumbnail
වෛද්‍යවරුන්ගෙන් ජනතාවට විශේෂ දැනුම්දීමක්
13:27
Video thumbnail
මඩේ එරුණු හෙලිකොප්ටරය ගොඩගත්ත මෙහෙයුම
01:11
Video thumbnail
මා#රයා ඔළුව උඩ තියන් ජීවත්වන බලංගොඩ, කිරිදිගල මිනිස්සු.."ඉක්මනට යමු කට්ටියම මේ ගම දාලා"
07:06


?