ශ්‍රී ලංකා – කියුබා ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කර ගැනීමේ අවස්ථා පිළිබඳ අවධානය

ශ්‍රී ලංකාව සහ කියුබාව අතර ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීමේ අවස්ථාවන් පිළිබඳ පාර්ලිමේන්තුවේදී පැවති ශ්‍රී ලංකා කියුබා පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ රැස්වීමේදී අවධානය යොමු වී තිබෙනවා.

එම සංගමයේ විධායක කමිටු රැස්වීම සංගමයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස විතාරණ මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වූ අවස්ථාවේදී යි මේ පිළිබඳව සාකච්ඡා වී ඇත්තේ.

ශ්‍රී ලංකාවේ කියුබානු තානාපති අන්දේර්ස් මාකෙලෝ ගරිඩෝ (Andres Marcelo Garrido) මහතා ද මේ අවස්ථාවට එක්ව සිටියා.

ශ්‍රී ලංකාව සහ කියුබාව දීර්ඝ කාලයක සිට සෑම අවස්ථාවකදීම එකිනෙකාට සහයෝගය දක්වමින් ජාත්‍යන්තර වශයෙන් මිත්‍ර රටවල් ලෙස කටයුතු කරන අතර මෙම ප්‍රවණතාවය තවත් වැඩි කළ යුතු බවයි තිස්ස විතාරණ මහතා මෙහිදී ප්‍රකාශ කළේ.

ශ්‍රී ලංකාවේ විවිධ පළාත්වල ශ්‍රී ලංකා කියුබා මිත්‍රත්ව සංවිධාන ආරම්භ කිරීමෙන් ශ්‍රී ලංකාවාසීන්ට කියුබාව පිළිබඳ දැනගැනීමට එය අවස්ථාවක් වනු ඇතැයි ද ඔහු සඳහන් කළා. ඒ අනුව ශ්‍රී ලංකා කියුබා මිත්‍රත්ව සංවිධාන තම ප්‍රදේශවල ආරම්භ කිරීමට ඉදිරිපත් වන ලෙසටයි ඔහු පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ විධායක කමිටු සාමාජිකයින්ට ආරාධනා කළේ.

මෙහිදී අදහස් දැක්වූ ශ්‍රී ලංකාවේ කියුබානු තානාපති අන්දේර්ස් මාකෙලෝ ගරිඩෝ මහතා, කියාසිටියේ කියුබානු – ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමය පසුගියදා කියුබානු පාර්ලිමේන්තුවේදී ආරම්භ කළ අතර දෙරට අතර සබඳතා ශක්තිමත් කර ගැනීමට එහි සාමාජිකයන් උනන්දු වන බවයි. එමෙන්ම කියුබාව මුහුණ දුන් විවිධ අභියෝගවලදී ශ්‍රී ලංකාව ලබාදුන් සහයෝගිතාව පිළිබඳව ද ඔහු කෘතඥතාව පළ කර තිබෙනවා. එසේම දෙරට අතර ක්‍රීඩා, වෙළෙඳ ආදී ක්ෂේත්‍රවල ද්විපාර්ශ්වික සබඳතා වැඩිදියුණු කර ගැනීමට අවස්ථා පවතින බව පැවසූ කියුබානු තානාපතිවරයා නොවැම්බර් මස මුලදී පැවැත්වෙන හවානා ජාත්‍යන්තර ප්‍රදර්ශනයට සහභාගී වන ලෙස ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයන්ට ආරාධනාවක් ද සිදු කළා.

මෙහිදී අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍ය සුරේන් රාඝවන් මහතා සඳහන් කළේ, කියුබානු රජය සමඟ එක්ව ශ්‍රී ලංකාව තුළ වෛද්‍ය විද්‍යාලයක් ආරම්භ කිරීමේ හැකියාව පවතින අතර මේ සඳහා වන සංකල්ප පත්‍රිකාවක් මේ වන විටත් සකස් කර අවසන් බවත් එය මිත්‍රත්ව සංගමයට ද ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ගෑස් ටැන්කි සහිත ලොරි රථයක් Highway පෙ#ළී සිදුවූ බිහිසුණු අනතුර..ගෑස් ටැන්කි හැම තැනම
01:33
Video thumbnail
"පිටි පස්සෙන් ඇවිත් නිවට ආකාරයෙන් නැව විනාශ කිරීම මහ දුර්ජන වැඩක්" වාසුදේවගෙන් අමෙරිකාවට චෝදනා
03:54
Video thumbnail
ශම්මි එලවන්න ආ සෙට් එකෙන් රාජාංගනයේ හාමුදුරුවන්ට සැර කින්ඩියක්..බුරියානි දීලා මිනිස්සු ගෙන්නන්නේ නෑ
12:16
Video thumbnail
ඉරාන නෞකාවේ යැයි සැක කරන කොටස්, තෙල් පැල්ලම් සීනිගම වෙරළේ දක්නට ලැබෙයි..මාළුත් මැ#ලා
01:33
Video thumbnail
විජේවීරගෙන් ප්‍රභාගෙන් කෞතුකාගාර කොළඹම හදන්න..මිහින්තලේ හිමි සැර වෙයි
03:42
Video thumbnail
ප්‍රසිද්ධ ව්‍යාපාර ස්ථානයකට ෆුල් සුද්දයක් දුන් සොරදෙටුවා
00:44
Video thumbnail
පුංචි දරුවයි,රියදුරුයි බරපතළ කළ බිහිසුණු අනතුර
00:30
Video thumbnail
වාහන තුනක් එකිනෙක ගැ#මෙන් බුත්තල දී සිදුවූ බිහිසුණු අනතුර..සි#ව සිටි අයෙක් බේරගන්න දැරූ වෑයම
01:40
Video thumbnail
දොළොස් හැවිරිදි දැරියකට කැත වැඩක් කර එළොව යැවූ විත්තිකරුවකුට ම#ණ දඬුවම
00:57
Video thumbnail
ඉරාන දෙවෙනි නෞකාවේ සිටි පිරිස මුදා ගැනීමේ මෙහෙයුම..මෙන්න නවතම දර්ශන පෙළක්
03:08