ශ්‍රී ලංකා ක්‍රිකට් ගොඩනැගීමට නම් අවම වශයෙන් වසර 10කවත් සැලැස්මක් අවශ්‍යයි

මෙරට වැටුණු ශ්‍රී ලංකා ක්‍රිකට් ගොඩනැගීමට නම් වසර 10කවත් සැලැස්මක් අවශ්‍ය බව වත්මන් ජාත්‍යන්තර ක්‍රිකට් විනිසුරුවරයෙක් වන කුමාර් ධර්මසේන පවසනවා.

වැඩි දුරටත් අදහස් දැක්වූ ධර්මසේන පවසා සිටියේ අනාගතයේදී  යළි යථා තත්ත්වයට ශ්‍රී ලංකා ක්‍රිකට්  පැමිණෙනු ඇති බවට බලාපොරොත්තු වන බවයි.

“සාමාන්‍යයෙන් අවුරුදු 3, 4කට පසුව සිලෙක්ෂන් කමිටි එකක් මාරු වුණාට කමන් නෑ. හැබැයි මම පෞද්ගලිකව හිතනවා ප්‍රතිපත්තියක් තියෙන්න ඕනේ අවුරුදු 10ක. අපි කණ්ඩායමේ නායකයෙක් හදනවා නම් ඒ නායකයා අවුරුදු 5කටවත් නායකත්වය දරා ගැනීමට හැකි නායකත්වයට සුදුසු පුද්ගලයෙක් හැටියට තමයි අපි හොයාගන්න ඕනේ. අපි ඊළඟ 2027 එකට හොඳ නායකයා හොයා ගන්න ඕනේ. මම පෞද්ගලිකව හිතන දෙයක් තමයි ක්‍රිකට් කියන දේය කවදාවක් වැළලෙන්නේ නෑ. ඒ ක්‍රීඩාව හැමදාම තියෙයි. මේ දවස් වල පොඩි පසුබෑමක් තියෙනවා. මම හිතනවා ඒ පසුබෑම අනාගතයේ දී හරි යයි කියලා. අපේ පරණ ක්‍රීඩකයෝ සනත් ජයසූරිය එහෙම එකතුවෙලා තියෙනවා. එකෙන් අලුත් පිපිදීමක් එයි කියලා බලාපොරොත්තු වෙනවා. “

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?