ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පත් කිරීම ගැන නොදන්නා බව ජොන්ටි රෝඩ්ස් කියයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පුහුණුකාර ධුරයක් භාර ගන්නා බවට පළ වන වාර්තා දකුණු අප්‍රිකානු ක්‍රිකට් පුහුණුකරු ජොන්ටි රෝඩ්ස් ප්‍රතික්ෂේප කර තිබෙනවා.

විධායක කමිටු තීරණ සම්බන්ධයෙන් ඊයේ නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ප්‍රකාශ කළේ දේශීය පුහුණුකරුවන්, භෞතචිකිත්සකයින් සඳහා ඔවුන්ගේ කුසලතා සහ නිපුණතා වැඩි දියුණු කිරීමට උසස් පුහුණුවක් ලබාදීම වෙනුවෙන් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවේ ප්‍රකට දක්ෂයින් කිහිප දෙනෙකුගේ සේවය ලබා ගැනීමට තීරණය කර ඇති බවයි.

තෝරාගත් ප්‍රදේශවල වරින් වර පුහුණු වැඩසටහන් පැවැත්වීම ද ඊට අයත්.

මේ සඳහා විශේෂඥ පන්දු රැකීමේ පුහුණුකරුවෙකු වන හිටපු දකුණු අප්‍රිකානු ක්‍රිකට් ක්‍රීඩක ජොන්ටි රෝඩ්ස්, හිටපු ඉන්දීය වේගපන්දු යැවීමේ පුහුණුකරු භාරත් අරුන් සහ ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ හිටපු භෞත චිකිත්සක ඇලෙක්ස් කවුන්ටූරිගේ සේවය ලබා ගැනීමට විධායක කමිටුව තීරණය කර ඇති බවයි ක්‍රිකට් ආයතනය සඳහන් කර තිබුණේ. මෙම වැඩසටහන මේ වසරේ ආරම්භ කරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වැඩිදුරටත් ප්‍රකාශ කළා.

මෙරට ක්‍රීඩා වෙබ් අඩවියක් අදාළ පුවත සම්බන්ධයෙන් කළ වාර්තාවට ට්විටර් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රතිචාර දක්වමිනුයි ජොන්ටි රෝඩ්ස් එය ප්‍රතික්ෂේප කළේ. මෙය තමාට ද පුවතක් බවයි ඔහු ප්‍රකාශ කර තිබුණේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
13
+1
2
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මඩේ එරුණු හෙලිකොප්ටරය ගොඩගත්ත මෙහෙයුම
01:11
Video thumbnail
මා#රයා ඔළුව උඩ තියන් ජීවත්වන බලංගොඩ, කිරිදිගල මිනිස්සු.."ඉක්මනට යමු කට්ටියම මේ ගම දාලා"
07:06
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා - "වීරා"..කැමරා ඇසට හසුවූ දුර්ලබ දසුන මෙන්න
04:27
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන
01:09
Video thumbnail
මැගසින් බන්ධනාගාරයේ රැඳවියන්ට දිනක ලැබෙන කෑම වේල අවතැන්වූවන්ට දෙයි..එයාලගෙත් හිත් උණු වෙනවා
01:52
Video thumbnail
"වහාම හදිස්සි නීතිය යටතේ හඳුන්නෙත්තිව අත්අඩංගුවට ගන්න"මිහින්තලේ හිමි කුපිත වී ලෙසටම දෙසයි
03:49
Video thumbnail
"අපි සිප්පි කටු පස්සෙන් ගිය නිසා අපිට වාලම්පූරි මඟහැරුණා.."සමහරු එයාලගේ ප්‍රතිරූප ගොඩනඟා ගන්න දගලනවා
07:55
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන..දැකපු දෙස් විදෙස් අයත් මවිත වුණ දේ
01:33
Video thumbnail
Kasthirama | "යළි ගොඩනැගෙන්නට සවිය අවැසි හෙට දවස" - කස්තිරම විශේෂ වැඩසටහන සජීවීව
01:25:26
Video thumbnail
මෙන්න කාළගුණයේ වෙන්න යන නොසිතූ වෙනස..අත්‍යවශ්‍ය වැඩවලට විතරක් එළියට යන්න
04:02


?