ශ්‍රී ලංකා කණ්ඩායමට ටෙස්ට් තරග අඩුවීම ගැන ධනංජය කණගාටුවෙන්

මෙම වසරේ දී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට මෙම වසරේ දී අඩු ටෙස්ට් තරග සංඛාවක් හිමිවීම සම්බන්ධයෙන් තමන් කණගාටුවට පත්වන බව ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ නායක ධනංජය ද සිල්වා පවසනවා.

එම තත්ත්වය පාලනය කිරීමට නොහැකි බවත්, සිදුකළ යුත්තේ ලැබෙන සෑම තරගයක්ම හොඳින් ක්‍රීඩාකර පෙන්වීම බවයි ඔහු සඳහන් කළේ.

හෙට (29) ආරම්භවන වොන් – මුරලි ටෙස්ට් තරගාලියට පෙර ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී අද (28) පැවති මාධ්‍ය හමුවක දී ධනංජය මේ බව සඳහන් කළා.

මේ අතර තරග දෙකකින් සමන්විත මෙම ටෙස්ට් තරගාවලිය ජයගෙන ටෙස්ට් ලෝක ශුරතාවේ ප්‍රසාද ලකුණු සටහනේ තුන්වන ස්ථානයට පැමිණ ටෙස්ට් ලෝක ශුරතාව අවසන් කිරීම තම කණ්ඩායමේ අරමුණ බවයි ඔහු වැඩිදුරටත් පැවසුවේ.

මෙවර ටෙස්ට් ලෝක ශුරතාවේ අවසන් මහා තරගය සඳහා පැමිණීමට ශ්‍රී ලංකාවට වැඩි අවස්ථාවක් පැවති බවත්, පාකිස්ථානය සමඟ මව්බිමේ දී පැවති ටෙස්ට් තරගාවලිය පරාජයට පත්වීම එම අවස්ථාව ගිලිහී යාමට ප්‍රධාන හේතුව වූ බවයි නායක ධනංජය ද සිල්වා මෙහිදී සඳහන් කර සිටියේ.

මේ අතර ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක හෙට ආරම්භ වන පළමු ටෙස්ට් තරගය සඳහා ක්‍රීඩා නොකරන බවයි ධනංජය පැවසුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ප්‍රබලයින්ගේ වීඩියෝ සෙට් එකක්ම ලීක් වෙයි ? නාමල් රාජපක්ෂ මේක කිව්වට ඒ කාලේ උත්තර දුන්නේ නෑ
10:46
Video thumbnail
අපිට සල්ලි වෙලාවට ලැබිලා තියෙනවා..ඕවා කට කතා..මැටි ගෙයක් වෙනුවට දැන් තට්ටු දෙකේ ගෙයක්
04:50
Video thumbnail
සජිත්ට දේදුන්න පෙන්නන්න එපා..දැක්ක ගමන් පොරට සමලිංගික නැමියාවක් එනවා
19:37
Video thumbnail
මොඩියුලවල පිටු ග#වලා NPP සමරු පොතේ අලවගන්න..දණගාලා බඩගාලා එන්න කියන එක සාධාරණද ?
07:52
Video thumbnail
සජිත්ව වට කරගෙන මිනිස්සු හඬා වැටෙයි
00:53
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට ගෙන ආ ලෝක කුසලානය
01:07
Video thumbnail
අපිට ඉන්දියාවත් හොල්ලන්න පුළුවන්"රජවරු කනෙන් අල්ලලා එළියට දාපු කණ්ඩායමක් ස්වාමීන් වහන්සේලා"
11:20
Video thumbnail
DIG අජිත් රෝහණ කියපු පුදුම කතාව
02:56
Video thumbnail
DIG අජිත් රෝහණ කියපු පුදුම කතාව
03:18
Video thumbnail
ඉන්දියාවේ නිලාධාරින් බෝට්ටුවට ඇවිත් හොඳටම ග#ලා..ප#සට අයිසුත් ඔබලා..ඥාතීන් හඬා වැටෙයි
05:39


?