ශ‍්‍රී ලංකා – ඉන්දියා පළමු සටන අද – වනිඳු නෑ 

කණ්ඩායම සතුව සිටින විශිෂ්ටතම පන්දු යවන්නා වන වනිඳු හසරංගගේ සේවය සහ ආරම්භක පිතිකරු ලෙස පසුගිය තරගයේ දී වීරයා බවට පත්වූ කුසල් මෙන්ඩිස්ගේ සහාය සහ වනිඳුට පසුව විශ්වාසනීයම දඟ පන්දු යවන්නා වන මහීෂ් තීක්ෂණගේ ද සහාය නොමැතිව ශ‍්‍රී ලංකාව අංක එකේ ඉන්දියාවට එරෙහිව අද (24 වැනිදා) පළමු පන්දු වාර 20 – 20 තරගයට මුහුණ දීමට නියමිතය.

තරග තුනකින් යුත් තරගාවලියේ පළමු තරගය අද (24 වැනිදා) රාත‍්‍රී 7 ට ආරම්භ වීමට නියමිත අතර ශ‍්‍රී ලංකා කණ්ඩායම නායක දසුන් ශානක විසින් ද ඉන්දීය කණ්ඩායම නායක රෝහිත් ෂර්මා විසින්ද මෙහෙයවනු ලබති.

ඔස්ටේ‍්‍රලියාවේ පැවති පන්දුවාර විස්සයි විස්ස ක‍්‍රිකට් තරගාවලිය අතරතුර දී කොවිඞ් වෛරසය ආසාදනය වූ වනිඳු හසරංගට එම තරගාවලියේ අවසන් තරග තුන මග හැරුනු අතර ඔස්ටේ‍්‍රලියාවේ මෙල්බන් නුවරදී ඔහු නිරෝධායනයට ලක් කෙරිණි.

ඔස්ටේ‍්‍රලියාවේ සිට ඉන්දියාව බලා පිටත් වූ කණ්ඩායමට වනිඳු හසරංග ඇතුළත් නොවූ අතර ඔහු නැවතත් පෙරේදා (22 වැනිදා ) ඉන්දියාවට පැමිණීමේ අපේක්ෂාවෙන් ඔස්ටේ‍්‍රලියාවේ දී සිදු කරන ලද කොවිඞ් පරීක්ෂාවේදී ද යළිත් ධනාත්මක වීම හේතුවෙන් නැවතත් නිරෝධායනයට ලක්කර ඇත.

කෙසේ වෙතත් ඊයේ පැවති මාධ්‍ය හමුවේ දී නායක දසුන් ශානක ප‍්‍රකාශ කර සිටියේ අවසන් පන්දුවාර විස්සයි 20 තරග දෙක සඳහා වනිඳුගේ සේවය ලබා ගැනීමට අපේක්ෂාවෙන් සිටින බවයි. එමෙන්ම ඔස්ටේ‍්‍රලියාවට එරෙහිව අවසාන පන්දුවාර විස්සයි විස්ස තරගයේදී ආබාධයට ලක්වූ කුසල් මෙන්ඩිස් සහ මහීෂ් තීක්ෂණගේ ආබාධ තත්වයන් එතරම් බරපතළ නොවන බවත් එහෙත් ඔවුන් දෙදෙනා පළමු තරගයට ක‍්‍රීඩා කිරීම පිළිබඳව මේ මොහොතේ දී යමක් කිව නොහැකි බවත් නායක දසුන් ශානක ප‍්‍රකාශ කර සිටියේය. ඔවුන් පළමු තරගයට ක‍්‍රීඩා කරනවා ද නැද්ද යන්න පිළිබඳව අද හවස් වරුවේ තීරණයකට එළැඹීමට හැකි වනු ඇති බවත් දසුන් ශානක සඳහන් කළේය.

ශ‍්‍රී ලංකා කණ්ඩායමේ මෙන්ම ඉන්දීය කණ්ඩායමේ ද ආබාධවලට ලක් වූ ක‍්‍රීඩකයන් දෙදෙනකු සිටින අතර ඒ බටහිර කොදෙව්වන්ට එරෙහිව පැවති අවසන් පන්දු වාර 20-20 තරගයේ දී ආබාධයට ලක්වූ වේග පන්දු යවන ක‍්‍රීඩක දීපක් චහර් සහ මැදපෙළ පිතිකරු සූර්යකුමාර් යාදෙව් වෙති. ඔවුන් දෙදෙනා ශ‍්‍රී ලංකාවට එරෙහි ඉන්දිය සංචිතයට ඇතුළත් නොවන අතර හිටපු නායක විරාත් කෝලි, රිෂාබ් පාන්ට් සහ ශර්දුල් තාකූර් ද ශ‍්‍රී ලංකාවට එරෙහි පන්දුවාර විස්සයි විස්ස තරගාවලියෙන් විවේක ගන්නවා ඇත.

යම් හෙයකින් කුසල් මෙන්ඩිස් මෙම තරගය සඳහා ක‍්‍රීඩා නොකළ හොත් පැතුම් නිශ්ශංකගේ සහායක ආරම්භක පිතිකරුවා ලෙස ධනුෂ්ක ගුණතිලක හෝ කමිල් මිෂාර ක‍්‍රීඩා කිරීමට නියමිත අතර මහීෂ් තීක්ෂණ ක‍්‍රීඩා නොකළහොත් ජෙෆ්රි වැන්ඩසේ ක‍්‍රීඩා කිරීමට නියමිතය. එසේම තවදුරටත් ජාත්‍යන්තර පන්දුවාර 20 -20 වරම් නොලබා ඇති අශේන් ඩැනියෙල්ට ද අවස්ථාවක් ද ලැබීමට ඉඩ ඇත.

ශ‍්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර විස්සයි විස්ස තරග ශ්‍රේණිගත කිරීම් අනුව 9 වන ස්ථානයේ දැනට රැුඳී සිටින අතර ඉන්දියාව එම අංශයෙන් අංක එකේ කණ්ඩායමට බවට පත්ව තිබේ.

දෙරට අතර පැවැත්වෙන තරගාවලි දෙකක් 3-0 ක් ලෙස ජයග‍්‍රහණය කිරීමෙන් අනතුරුව ඉන්දියාව මෙම තරගාවලියට සහභාගි වන අතර ශ‍්‍රී ලංකාව මෙම තරගාවලියට සහභාගි වන්නේ ඔස්ටේ‍්‍රලියාව හමුවේ 4-1ක් ලෙස තරගාවලි පරාජයක් ලැබීමෙන් අනතුරුවය. අවසන් වරට නවසීලන්තය සහ බටහිර ඉන්දීය කොදෙව් සමග පැවති තරගාවලි දෙකම 3-0ක් ලෙස ජයග‍්‍රහණය කිරීමට ඉන්දිය කණ්ඩායම සමත් වී තිබේ.

එහෙත් ශ‍්‍රී ලංකාව සහ ඉන්දියාව අවසන් වරට පන්දුවාර විස්සයි විස්ස තරගාවලියකදී දෙරට හමුවූ අවස්ථාවේදී එම තරගාවලිය දෙකට එකක් ලෙස ජය ගැනීමට ශ‍්‍රී ලංකාව සමත් විය. එම තරගාවලිය සඳහා ඉන්දියාව සහභාගි වූයේ ඔවුන්ගේ ටෙස්ට් ක‍්‍රිකට් කණ්ඩායම එංගලන්තය සමග තරගාවලියකට සහභාගි වෙමින් සිටි අවස්ථාවකදී ය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලාල් කාන්තගෙන් නාමල්ටයි ශිරන්තිටයි සැර කතාවක්.."රැලි ආවොත් වෙරළේ වැදිලා ආයේ යනවා"
04:19
Video thumbnail
මේ පාර රණවිරුවන් හඳුන්වලා දුන්නේ දිට්වා ගැන කියලා..ලබා ගත්ත නිදහස ගැන මෙයාලට වටිනාකමක් නැහැ
07:05
Video thumbnail
ශ්‍රී ලංකාවේ ප්‍රථම විගණකාධිපතිනිය වැඩ භාරගත් හැටි..කොහොමද දුන්න පිළිගැනීම
02:42
Video thumbnail
ජනාධිපතිතුමාට කොන්දක් නැද්ද - නාමල් රිදෙන්නම් දෙයි
07:58
Video thumbnail
ඔයාලා අද වහලුන් වෙලා - ලැජ්ජයි ලැජ්ජයි
04:23
Video thumbnail
සත්තු වගේ හිතන්න එපා මනුස්සයෝ වගේ හිතන්න..මා දැල් ධීවරයින් ජනාධිපති ලේකම් කාර්යාලය අසල දැඩි උණුසුම්
06:10
Video thumbnail
ආණ්ඩුට බෞද්ධ කොඩිය ඇලජික් ද - මොක්කු ද මේ..?
12:15
Video thumbnail
අබසරණයි ආණ්ඩුවට - ඇමතිගේ පැටිකිරිය මරික්කාර් දිගහරී
09:46
Video thumbnail
බිමල්, දයාසිරි නිසා පාර්ලිමේන්තුවේ දැඩි උණුසුම් තත්ත්වයක් - මිනිස්සු ග#ලා පන්නපු පොහොට්ටුකාරයෝ
07:57
Video thumbnail
විශ්වාසභංගයට නලින්දගෙන් විපක්ෂයට සැර හින්ට් එකක්..අගමැතිනියට ගෙනාපු විශ්වාසභංගය කොයි ඒක..
04:20


?