AFC Banner
Empty Ad
Empty Ad

ශ්‍රී ලංකා – ඉන්දියා තීරණාත්මක ගැටුම අද

2024 කාන්තා පන්දුවාර 20-20 ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව මූලික වටයේ මුහුණ දෙන තුන්වන තරගය අද (09) පැවැත් වෙනවා.

ඉන්දීය කාන්තා කණ්ඩායම සමඟ ඩුබායි හිදී පැවැත්වෙන මෙම තරග ආරම්භ වන්නේ මෙරට වේලාවෙන් පස්වරු 7.30ටයි.

මෙවර 20-20 ලෝක කුසලාන තරගාවලියේ දී ශ්‍රී ලංකාව මුහුණ දුන් පළමු තරග දෙකම පරාජයට පත්වන්නට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට සිදුවුණා.

මෙම තරගය ද සමඟ තරගාවලියේ මූලික වටයේ දී ශ්‍රී ලංකාවට තරග දෙකක් ඉතිරිව ඇති අතර, අවසන් පූර්ව වටයට පිවිසීම සුළු හෝ බලාපොරොත්තුවක් තබාගැනීමට නම් මෙම තරග දෙකම ඉහළ දළ ලකුණු සංඛ්‍යාවකින් ජයග්‍රහණය කිරීම අනිවාර්ය වනවා.

මේ අතර ඉන්දීය කාන්තා කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩිකා අරුන්දතී රෙඩ්ඩිට අයි.සී.සීට විසින් දඬුවම් පමුණුවා තිබෙනවා.

පකිස්ථාන සමඟ පැවති තරගයේ දී ඇය පාකිස්ථාන ක්‍රීඩිකාවකට ඇඟිල්ලක් දිගුකර තර්ජන කිරීමේ චෝදනාවට ඇයට මෙලෙස දඬුවම් පමුණුවා ඇති බවයි වාර්තා වුණේ.

ඒ, අනුව අරුන්දතීට තරග ගාස්තුවෙන් 50%ක දඩ මුදලක් සහ එක් අසාදු ලකුණක් එක් කිරීමටයි අයි.සී.සීය කටයුතු කර ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?