ශ්‍රී ලංකා ආර්ථිකය ගොඩනැඟීමට ජනපති ගෙන යන වැඩපිළිවෙළ ගෝලීය නායකයන්ගේ පැසසුමට

ශ්‍රී ලංකාවේ රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවලදී මෙතෙක් අවධානයට ලක් නොවූ, බිලියන 1.3ක පමණ ජනගහනයක් වෙසෙන, එමෙන්ම ඉදිරියේදී ඉතා වේගයෙන් සංවර්ධනය වනු ඇතැයි ලෝකය අපේක්ෂා කරන අප්‍රිකානු රටවල් සමඟ සබඳතා තර කර ගැනීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උගන්ඩා නිල සංචාරය ඉවහල් වු බව විදේශ කටයුතු අමාත්‍යවරයා පවසනවා.

‘අප්‍රිකාව දෙස බලමු’ (Look Africa) යන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සංකල්පය යටතේ ශ්‍රී ලංකාවේ නව ආර්ථික ගමන වෙනුවෙන් අප්‍රිකානු රටවල ආයෝජනය කිරීමට මෙහිදී අඩිතාලම වැටුණු බවයි විදේශ කටයුතු අමාත්‍යවරයා පෙන්වා දුන්නේ.

ඔහු මේ බව සඳහන් කර සිටියේ නොබැඳි ජාතීන්ගේ සමුළුවේ 19 වන රාජ්‍ය නායක සැසියට සහ චීනය සහ ගෝලීය දකුණේ සංවර්ධනය වන රටවල සමුළුවට සහභාගිවීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උගන්ඩාවේ සිදු කරන නිල සංචාරය පිළිබඳ අදහස් දක්වමින්.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විදේශ කටයුතු අමාත්‍යවරයා,

ඊයේ දිනයේ දී නොබැඳි ජාතීන්ගේ සමුළුව අමතමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගෝලීය ප්‍රශ්න පිළිබඳව, විශේෂයෙන්ම ගාසා තීරයේ සිදුවන දේ, ඊශ්‍රායලය-පලස්තීනය පිළිබඳව මෙන්ම සංවර්ධනය වන රටක් අනාගතයේදී ගත යුතු පියවර, එමෙන්ම ණය බරින් මිරිකී සිටින ජාතීන් ඉන් මුදා ගැනීම සඳහා ගත යුතු පියවර, දේශගුණික විපර්යාස ආදි මාතෘකා පිළිබඳව තම අදහස් ප්‍රකාශ කරනු ලැබුවා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී සිදු කළ කතාව පිළිබඳව මට මුණ ගැසුණ විදේශ නායකයන් සහ අමාත්‍යවරුන් සිය ප්‍රසාදය පළ කර සිටියා.

මීට සමගාමීව අප්‍රිකානු කලාපයේ සිටින ගෝලීය දකුණේ රටවල නායකයින් රැසක් සමඟ සාකච්ඡා පැවැත්වීමට ජනාධිපතිවරයා කටයුතු කළා. විශේෂයෙන්ම සත්කාරක රට වන උගන්ඩාවේ ජනාධිපතිවරයා සමඟ මෙන්ම ඉතියෝපියාවේ අගමැති, බෙනින් රාජ්‍යයේ උප ජනාධිපතිනි, බහමාස්හි අගමැතිවරයා මෙන්ම ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා සමඟ ද ජනාධිපතිතුමා සාකච්ඡා පැවැත්වු අතර එම රටවල් සහ ශ්‍රී ලංකාව අතර ද්වීපාර්ශ්වික සබඳතා වැඩි දියුණු කර ගැනීමට තවදුරටත් ගත යුතු පියවර පිළිබඳව එහිදී සාකච්ඡා කරනු ලැබුවා.

සාමාන්‍යයෙන් අප ආමන්ත්‍රණය නොකරන, බිලියන 1.3ක ජනගහනයක් වෙසෙන, ඉදිරියේදී ඉතා වේගයෙන් සංවර්ධනය වනු ඇතැයි ලෝකය අපේක්ෂා කරන, අප්‍රිකානු රටවල් සමඟ සබඳතා තර කර ගැනීම සඳහා මෙම සංචාරය ඉවහල් වනු ඇති බව මම විශ්වාස කරනවා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා‍ගේ නායකත්වය තුළ ශ්‍රි ලංකාව ලබමින් සිටින ආර්ථික වර්ධනය සහ එහිදී ජනාධිපතිතුමා ඉටුකරන කාර්යභාරය මෙම සියලුදෙනාගේ ඇගයීමට ලක් වුණා.

මීට වසර එකහමාරකට පෙර ජනාධිපතිතුමා රට බාර ගැනීමට පෙර තිබූ තත්ත්වය සමඟ සසඳන විට අද ශ්‍රී ලංකාව ලබා ඇති ප්‍රගතිය පිළිබඳ එම සියලුදෙනා ප්‍රශංසාව පළ කර සිටියා.

විශේෂයෙන් උගන්ඩාවේ ජනාධිපති යොවේරි මුසෙවේනි මහතා ප්‍රකාශ කර සිටියේ වැටී තිබූ රට යළි නගා සිටුවීම සඳහා ලබා දුන් දායකත්වය වෙනුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ජාතියේ ප්‍රණාමය හිමි විය යුතු බවයි.

ඒ වගේම මෙවර නොබැඳි ජාතීන්ගේ සමුළුව තුළින් අපට ශ්‍රී ලංකාවේ වත්මන් තත්ත්වය පිළිබඳව ජාත්‍යන්තරයට කරුණු ඉදිරිපත් කිරීමට අවස්ථාව හිමි වුණා. එසේම අප්‍රිකානු කලාපයේ රටවල් රැසක් සමඟ ද්වීපාර්ශ්වික සබඳතා වර්ධනය කර ගැනීමට ද ජනාධිපතිවරයාගේ මෙම සංචාරය ඉවහල් වු බව කිවයුතුයි.

එසේම ‘අප්‍රිකාව දෙස බලමු’ (Look Africa) යන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සංකල්පය යටතේ ශ්‍රී ලංකාවට නව ආර්ථික ගමනක් ආරම්භ කිරීම සඳහා අප්‍රිකානු රටවල ආයෝජනය කිරීමට අඩිතාලම මෙහිදී වැටුණු බව ද සිහිපත් කළයුතුයි.

උදාහරණයක් ලෙස බෙනින් රාජ්‍යය සමඟ රාජ්‍ය තාන්ත්‍රික, නිල සහ සේවා ගමන් බලපත්‍ර හිමියන් සඳහා වීසා ලබා ගැනීමෙන් නිදහස් කිරීම තුළින් දෙරටටම ප්‍රතිලාභ ලබා ගැනීම අපේක්ෂා කරනවා.

මීට අමතරව විදේශ අමාත්‍යවරයා ලෙස බංග්ලාදේශ, බහරේන්, ඝානා, ටැන්සානියාව, අසර්බයිජානය ආදි රටවල විදේශ අමාත්‍යවරු සමඟ ද්වීපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට මටද අවස්ථාව හිමි වූ අතර, එම රටවල් සමඟ ඇති මිත්‍රත්වය තවදුරටත් වර්ධනය කර ගනිමින් ආර්ථික සබඳතා ගොඩනගා ගැනීම එම සාකච්ඡාවල අරමුණයි.

එම නිසා මෙවැනි සමුළු තුළින් රටක් ලෙස අප අපේකෂා කරන්නේ ජාත්‍යන්තරයේ රටවල් සමඟ ද්වීපාර්ශ්වික සබඳතා තවදුරටත් වර්ධනය කර ගනිමින් රටට ප්‍රතිලාභ උදා කර ගැනීමයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කසාගල අධිවේගී පිවිසුමේදී ලොරි රථයක තිබී පුපුරණ ද්‍රව්‍ය තොගයක් මාට්ටු
00:56
Video thumbnail
පොලිසිය - මාධ්‍යවේදීන් සාම පාගමනෙදි නොසන්සුන් වෙයි
00:27
Video thumbnail
පොලිසිය - මාධ්‍යවේදීන් සාම පාගමනෙදි නොසන්සුන් වෙයි.."යකෝ සාම පාගමනේ රණ්ඩු කරන්න එපා"
00:58
Video thumbnail
මාතර ඇතුළු ප්‍රදේශ රැසකට මහ වැසි ඇදහැලුණු හැටි
01:26
Video thumbnail
සාගරිකා පීලි ප#නී - දුම්රිය ගමනා ගමනයට බාධා
00:47
Video thumbnail
බසයකට නැගීමට උත්සහගත් මගියකු බසයෙන් ඇද වැ#ටෙන අයුරු
00:10
Video thumbnail
සාම පාගමන මදකට නතරවී ළමයෙකුට දැක්වූ අනුකම්පාව බලන්නකෝ
00:46
Video thumbnail
මාධ්‍යයේ කටවල් වහන්න නම් ලෑස්ති වෙන්න එපා..මේ වගකීමෙන් ජනපතිට බැහැර වෙන්න බෑ
02:59
Video thumbnail
සාම පාගමන මදකට නතරවී භික්ෂූන් වහන්සේලා ළමයෙකුට දැක්වූ අනුකම්පාව බලන්නකෝ
01:09
Video thumbnail
ලැජ්ජයි විතරක් නෙවෙයි විලි ලැජ්ජයි වර්තමාන ආණ්ඩුවේ තත්ත්වය..මේවා ජනපතිගේ මුදල් නෙවෙයිනේ
06:00