ශ්‍රී ලංකාව මංගල තරගයේ ජය පෙනෙන මානයේ – ජයසූරිය ඇෆ්ගන් ඉනිම සුණු විසුණු කරයි

කොළඹ SSC ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන ශ්‍රී ලංකා – ඇෆ්ගනිස්ථාන ටෙස්ට් තරගයේ දෙවන ඉනිම ක්‍රීඩාකළ ඇෆ්ගනිස්ථානය සියල්ලන් දැවී ලකුණු 296ක් රැස් කළා.

ඒ, මෙම තරගය ජයග්‍රහණය වෙනුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 56ක ඉලක්කයක් ලබා දෙමින්.

ශ්‍රී ලංකා පළමු ඉනිමට වඩා ලකුණු 241ක් පිටුපසින් සිටිමින් ඇෆ්ගනිස්ථාන සිය දෙවන ඉනිම ආරම්භ කළ අතර, ඔවුන්ගේ දෙවන ඉනිම වෙනුවෙන් ආරම්භක පිතිකරු ඊබ්‍රාහිම් සද්‍රාන් ලකුණු 114ක් රැස් කළා.

ඔහු සමඟ දෙවන කඩුල්ලට වටිනා සම්බන්ධතාවක් ගොඩ නැඟූ රහමත් ෂා ලකුණු 54ක් රැස් කළ අතර, නූර් අලි සද්රන් රැස්කළ ලකුණු සංඛ්‍යාව 47ක්.

සිව්වන දිනට අද (05) උදෑසන තරගය ආරම්භ කරන විට ඔවුන් එක් කඩුල්ලක් දැවී ලකුණු 199ක් ලබාගෙන සිටියා.

අද දිනයේ ඇෆ්ගනිස්ථාන දෙවන ඉනිමට තවත් ලකුණු 97ක් එක්වෙද්දී ඉතිරි කඩුලු 09 දවාගන්නට ප්‍රභාත් ජයසූරිය ප්‍රමුඛ ශ්‍රී ලංකා පන්දු බලඇණියට හැකියාව ලැබුණා.

එහිදී ප්‍රභාත් ජයසූරිය කඩුලු 05ක් සහ අසිත ප්‍රනාන්දු කඩුලු 03ක් බිඳ දැමුවා.

ඇෆ්ගනිස්ථානය ඔවුන්ගේ පළමු ඉනිමට ලකුණු 198ක් රැස්කළ අතර, ඊට පිළිතුරු වශයෙන් ශ්‍රී ලංකාව පළමු ඉනිමට ලකුණු 439ක් රැස්කළා.

දෙරට අතර පැවැත්වෙන මංගල ටෙස්ට් තරගය ජයගැනීමට ශ්‍රී ලංකාවට ලකුණු 56ක ඉලක්කයක් මේ වනවිට හිමිව තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
9
+1
0
+1
13
+1
1
+1
1
+1
3
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අද දහවල් පස්සරට මහා වර්ෂාවක් ඇඳ හැලුණු හැටි මෙන්න
01:22
Video thumbnail
ආණ්ඩුවට මේ පාදඩයා එක්ක තියෙන සම්බන්ධය මොකක්ද ? අගමැතිතුමිය ලැජ්ජා වෙන්න ඕනි
06:22
Video thumbnail
ශානි අබේසේකර ගෙදර යන්න
07:15
Video thumbnail
ගම්මන්පිලට යකා ආරූඪ වෙයි"මේක මගේ පොත නෙවෙයි..ව්‍යාජ එකක්"..රහස් පොලිසිය බුද්ධිමය දේපළ හොරකම් කරලා
06:03
Video thumbnail
ඩිල්කා, සුදාගෙන් මිලියන 100ක් ඉල්ලයි - Australia පොලිසියටත් පැමිණිලි
05:03
Video thumbnail
GMOA එකෙන් ඇමති නලින්දට අභියෝගයක්..ප්‍රථමයෙන්ම පැමිණිලි කරන්න ඕනි ඔයාට විරුද්ධව
11:01
Video thumbnail
මිනිස්සුන්ට බොන්න වතුරත් නැතිකරපු ආණ්ඩුවක් මේක
06:23
Video thumbnail
යතුරුපැදිකරු බරපතළ කළ බිහිසුණු අනතුර..බයික් එක කුඩේ කුඩු
01:04
Video thumbnail
විපක්ෂයට වෙන කියන්න දෙයක් නැති නිසා ගල් අඟුරු ගැන කියවන්නේ
05:03
Video thumbnail
විදුලි බිල 50%වත් වැඩි කරන්න ඕනිලු..ජනාධිපතිතුමා වැඩ බැරි ඇමතිලා ගෙදර යවන්න
01:47